~

වීරවංශ ප්‍රකෝටිපතියෙක් වූ හැටි හෙළිවේ: ජෝඩුව ව්‍යාජ රාජතාන්ත්‍රික පාස්පෝට් යොදාගෙන හොරෙන් මැණික් පිටරට ගෙන ගොස් පිටරටින් මත්ද්‍රව්‍ය ගෙනැවිල්ලා: සීඅයිඩී පරීක්ෂන නව දිසාවකට

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.24, ප.ව.11.45) රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර යොදා ගනිමින් මෙරටින් වටිනා මැණික් පිටරටට හොර පාරෙන් අපනයනය කර ආපසු මෙරට පැමිණීමේදී හෙරොයින් ඇතුළු මිල අධික විවිධ මත්ද්‍රව්‍ය මෙරට ගෙනඒමේ ජාවාරමකින් රුපියල් කෝටි ගණනාවක කළු සල්ලි උපයාගනිමින් විමල් වීරවංශ අති විශාල දේපළක් ගොඩ ගසාගෙන ඇති බවට අනාවරණය වී ඇති තොරතුරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ඇමති විමල් වීරවංශ සිය නම විමලසිරි ගම්ලත් වශයෙන් යොදා ගනිමින් ‘හිරු‘ පුවත් පතේ සේවය කළ අවධියේදී එම පුවත් පත් අලෙවියෙන් ලද මුදල් එකතු කර රැගෙන ආ තැනැත්තාගෙන් රුපියල් 48,000 ක මුදලක් සොරකම් කළ බවට චෝදනා ලැබ සිටි බවත් පැවසේ. එම වකවානුවේදී විමල් වීරවංශට එදා වේල සොයා ගැනීමටත් නොහැකිව කිළිටි ඇඳුම් පැළඳුම් සහිතව ‘හිරු‘ කාර්යාලයේම නවාතැන් ගනිමින් යාචකයෙකුගේ තත්ත්වයක සිට මේ වනවිට රුපියල් කෝටි 2000 කට අධික දේපළකට හිමිකම් කියන්නේ මෙසේ නීති විරෝධීව උපයා ගත් කළු සල්ලි වලින් සහ අමාත්‍ය ධූරයේ යෙදී සිටියදී සිදුකරන ලද විවිධාකාර දූෂණ අක්‍රමිකතා වලින් අනීතික ආකාරයෙන් උපයාගත් ධනස්කන්ධයෙන් බවට විවිධ මූලාශ්‍ර තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිටත් ලැබී ඇතැයි එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර අරංචි මාර්ග පවසයි.

හිටපු ඇමති විමල් වීරවංශගේ බිරිද ශෂි වීරවංශ සිය උපන් දිනය වශයෙන් 1967 පෙබරවාරි මස 01 වෙනිදා සහ 1971 පෙරවාරි මස 03 වෙනිදා වශයෙන් දින දෙකක් ව්‍යාජ ආකාරයට භාවිත කරමින් සාමාන්‍ය ගමන් බලපත්‍රයක් සහ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන යනු ලබන පරීක්ෂණවලදී අනාවරණය වී ඇති කරුණුවලට අනුව ඇය ෂිර්ජා උදයන්ති සහ ෂෙහාසා උදයන්ති යන නම් දෙකෙන්ම පෙනී සිට ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ හා මැණික් ජාවාරමේ නිරත වීමට පහසුවන ආකාරයකින් පසුබිම සැකසී තිබුණු නිසාද යන්න ගැන බරපතළ සැකයක් මතුව ඇති අතර ඒ යටතේ පරීක්ෂණ කටයුතු අංශ කීපයක් ඔස්සේ මෙහෙයැවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ තොරතුරු වලට අනුව විමල් වීරවංශගේ බිරිද ශෂි වීරවංශ මෙම ගමන් බලපත්‍ර භාවිත කරමින් විදේශීය සංචාරක ගමන් 6 ක නිරතවී ඇති බවටත් එම ගමන් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වෙන් වෙන්ව විවිධ දිසානති ඔස්සේ පරීක්ෂණ මෙහෙයවන බවත් වාර්තාවේ. 
 
විමල් වීරවංශගේ බිරිද ශෂි වීරවංශ පමණක් නොව හිටපු ඇමති විමල් වීරවංශ පවා සිය උපන් දිනය 1965 මාර්තු 07 වෙනිදා සහ 1970 මාර්තු මස 07 වෙනිදා වශයෙන් ව්‍යාජ ආකාරයකින් භාවිත කර තිබීම සම්බන්ධයෙන්ද පුළුල් ලෙස කරුණු විමර්ශණයට ලක්කර ඇති බවත් පුද්ගලයෙකුට නම් කිහිපයක් භාවිත කළ හැකි වුවද උපන් දින කිහිපයක් භාවිත කිරීම සම්පූර්ණයෙන්ම වංචාවක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශකයන් පවසයි.

කෙසේ වෙතත් ඊයේ මාලඹේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක සිටියදී රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ ශෂී වීරවංශව බන්ධනාගාර රෝහල වෙතට මාරු කරන්නැයි  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

-ටී.ජයකුමාර් විසිනි-

වීරවංශල යුවලගේ කූඨ ලේඛන වංචාව පළමු වරට හෙළිකරමින් ලංකා ඊ නිව්ස් පසුගිය දෙසැම්බර් 29 වෙනිදා පළ කළ ප්‍රවෘත්තිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙහි පහතින් යළි පළ කරන්නෙමු. අදාල සාක්ෂි ද යලිත් මෙහි පළ කරමු.

විමල් වීරවංශ සහ බිරිඳ 7 වසරක් හිරේ..? තම නම් පමණක් නොව උපන් දින උපන් ස්ථාන පවා වරින් වර ව්‍යාජ ලෙස හදලා මාට්ටු: මෙන්න සාක්කි..!

(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.29, ප.ව.12.30) මේ මහ පොළොව මත ජීවත් වන සෑම ජීවියෙකුට පොදු එක් දෙයක් තිබේ. එනම් ඒ ජීවියා මේ මහ පොළොවට බිහි වූ දිනය හෙවත් උපන් දිනයයි. එය මොන ජගතාටවත් වෙනස් කළ නොහැකිය. එනිසාම ශිෂ්ඨාචාරගත මනුෂ්‍ය සමාජය මිනිසෙකුට තම උපන් දිනය වෙනස් කළ නොහැකි ලෙසටත් එසේ වෙනස් කිරීම සාපරාධී වරදක් ලෙසත් සලකා නීති සම්පාදනය කර තිබේ. ලංකාවේ නීතියද එසේමය. මිනිසෙකු තම උප්පැන්න සහතිකයේ හෝ අන් කවර රජයේ ලේඛනයක හෝ තම උපන් දිනය වෙනස් කළ හොත් දණ්ඩ නීති සංග්‍රහයේ 455 වන වගන්තිය යටතේ වසර 7 ක සිර දඬුවමකට යටත් විය යුතුය. දඩයකටද යටත් විය යුතුමය. 

මෙම නීතිමය හේතු වලටත් වඩා ශිෂ්ඨාචාර මිනිසෙකුට තම උපන්දිනය වෙනස් කර ජීවත් විය නොහැකිය. ඒ ශිෂ්ඨාචාර මිනිසාගේ බොහෝ සංස්කෘතික බැඳීම් උපන්දිනය හා බැඳී ඇති නිසාය. එබැවින් යම් පුද්ගලයෙක් තම උපන් දිනය කූඨ ලෙස වෙනස් කරන්නේ නම් ඔහු වසර 7 ක් සිර දඬුවම් විඳිනවා පමණක් නොව අශිෂ්ඨ වනචාරියෙක් ලෙස ශිෂ්ඨාචාර සමාජය සලකනු ලබන්නේ ය.

ඉහත කී පූර්විකාව ලීවේ දැනටමත් තම නාමය තෙවරක් වෙනස් කරගෙන ජීවත් වන පුද්ගලයෙක් වන වීරසංගිලි පනික්කියලාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ සිය උපන් වර්ෂය ද ව්‍යාජ ලෙස සකසා ඇති බව හෙළිදරව් කිරීමට ය. ඔහු පමණක් නොව ඔහුගේ බිරිඳ ද තම නාමයත්, උපන් වර්ෂයත්, උපන් දිනයත්, උපන් ස්ථානයත් ව්‍යාජ ලෙස සකස් කරගෙන තිබේ.

1. විමල් වීරවංශ වත්මන් බිරිඳ කසාද බඳිද්දී ඇයගේ නම ශීර්ජා උදයන්තිය. කසාද බැන්දේ 1996 දී වන අතර එහිදී ඔහුගේ වයස අවුරුදු 26 කි. බිරිඳට වයස 29 කි. ඒ අනුව විමල් වීරවංශ ඉපදී ඇත්තේ 1970 දී වන අතර ශීර්ජා ඉපදී ඇත්තේ 1967 දී ය. වීරවංශ බිරිඳට වඩා වසර 3 කින් බාලය. 

2. නමුත් වැඩිමල් දරුවා වූ විභූති විශ්වජිත් රාගම මහ රෝහලේ දී 1997 සැප් 17 උපත ලබද්දී ඔහුගේ උප්පැන්න සහතිකයේ විමල් වීරවංශ පියාගේ උපන් දිනය ලෙස සඳහන් කර ඇත්තේ 1965 මාර්තු 07 ලෙසය. එකළ ඔහුගේ රැකියාව නාගරික මන්ත්‍රී ලෙස සඳහන් ය. නාගරික මන්ත්‍රීවරයෙකුට තම උපන් වසර ගැන වැරදීමක් සිදුවිය නොහැක. මන්ද මෙම ඉපැදීම දැනුම් දී ඇත්තේ ද වීරවංශ යැයි එහි සඳහන් වන නිසාය. මෙය රෙජිස්ට්‍රාර් කන්තෝරුවේ වරදක් වී යැයි අප උපකල්පනය කළත් එය අපූරු වරදක් වන්නේ විභූති පුතා උපන්නාට වසර 4 කට පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 2001 සැප්තැම්බර් 04 වන දින උපදින විමාෂා විශ්වාදරී දුවගේ උප්පැන්න සහතිකයේද පියා ලෙස විමල් වීරවංශගේ උපන් දිනය ලෙස 1965 මාර්තු 07 දිනයම සඳහන් වීමයි. පුතාගේ උප්පැන්න සහතිකයේ විමල් වීරවංශ ඉපදී ඇත්තේ ඉත්තෑපාන රජයේ රෝහලේ වන අතර දුව උපදින කාලය වන විට විමල් වීරවංශ ඉපදී ඇත්තේ කළුතරය. මේවා රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වැරදි ලෙස සැලකිය නොහැක්කේ මේ දැනුම් දීම් සිදුකර ඇත්තේ විමල් වීරවංශ විසින්ම නිසා ය. 

මේ උප්පැන්න දෙකේ ම මවගේ නම ශීර්ජා උදයන්ති වන අතර උපන් දිනය ලෙස සඳහන් කර ඇත්තේ 1967 පෙබරවාරි 01 වෙනිදා ය. ඒ අනුව කසාද බඳිද්දී බිරිඳට වඩා වසර 3කින් බාලව සිටි වීරවංශ දරුවන් උපදින විට බිරිඳට වඩා වසර 2 කින් වැඩිමහල් වී තිබේ.

3. නමුත් 2008 දෙසැම්බර් 10 වන විට වීරවංශ විසින් උප්පැන්න රෙජිස්ට්‍රාර් වරයාට කරන ප්‍රකාශ පත්‍රයක් පාදක කරගෙන රෙජිස්ට්‍රාර් වරයා විසින් පියාගේ උපන් දිනය ලෙස යලිත් 1970 මාර්තු 07 වෙනිදා යනුවෙන් වෙනස් කර තිබේ. 

ඒ අනුව යලිත් බිරිඳ වැඩිමහල් වී විමල් බාල වී ඇත. එයද වෙනස් කළ යුතු නිසා යලිත් වරක් 2011 මාර්තු 28 දා විමල් වීරවංශගේ බිරිඳ කරන ලද ප්‍රකාශයක් මත සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් වරයා විසින් බිරිඳව විමල්ට වඩා වසරකින් බාල කරවා ඇත. ඒ අනුව 1967 පෙබරවාරි 01 දා උපන් ඇයගේ නව උපන් දිනය ලෙස 1971 පෙබරවාරි 03 ලෙස විකෘති කර ඇත. මෙහි ඇති අපූරුව නම් එම වෙනස් කිරීමත් සමග මෙතෙක් කල් ‘ශීර්ජා උදයන්ති‘ ලෙස පෙනී සිටි විමල්ගේ බිරිඳ ‘ෂෙහාෂා‘ ලෙස නම් වෙනස් කරගෙන තිබීම පමනක් නොව සත්‍ය උපන් දිනය වූ පෙබරවාරි 01 දිනය වෙනුවට පෙබරවාරි 03 ලෙසද වෙනස් කර තිබීම ය. 

4. විමල් වීරවංශගේ බිරිඳ එතැනින්ද නැවතී නැත. ඇයගේ විදේශ ගමන් බලපත්‍රයද ව්‍යාජ එකකි. එහිදී වැල්ලම්පිටියේ උපන් ශීර්ජා වැල්ලවත්තේ උපන් ෂොහාෂා වී ඇත. එහිද සත්‍ය උපන් දිනය වූ 1967 පෙබරවාරි 01 දා වෙනුවට ඇත්තේ 1971 පෙබරවාරි 03 වැනිදා දිනය ය. 

5. ලංකාවේ පුරවැසියෙකු හඳුනා ගැනීමට ඇති පුද්ගල හැඳුනුම්පත් අංකයේ අංක 5 කින්ම දැක්වෙන්නේ එම පුද්ගලයාග‍ේ උපන් දිනයයි. ඒ අනුව නිරායාසයෙන්ම වීරවංශගේ සහ බිරිඳගේ ජාතික හැඳුනුම්පත ද ව්‍යාජ සහ විකෘති ඒවා වනු ඇත.
පුද්ගලයෙකුට තම නාමය වෙනස් කර ගත හැකි නමුත් කිසිවෙකුට තම උපන් දිනය සහ උපන් ස්ථානය වෙනස් කිරීමට කිසිදු නීතිමය ඉඩ කඩක් නැත. ඒ අනුව මෙම වෙනස් කිරීම් කළ විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ පමණක් නොව ඊට සහාය දුන් රාජ්‍ය නිලධාරීන් ද කූඨ ලේඛන සැකසීම යටතේ වසර 7ක සිර දඬුවමකට යටත් විය යුතුමය. 

(මීට අදාල සියළු සාක්ෂි ලේඛන මේ සමග ඇත.)

---------------------------
by     (2015-02-25 01:12:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

Feel sorry for being citizens of a government which was headed by the rogues. Yet, we are still not free, as the present government too play safe, giving protection to those who played out the people. Are we safe? What about the future generation? Will they be safe and protected?
-- by maneka on 2015-02-25

His brother, Sarath weerawansa also paid a penalty for taking electricity illegally.If you need details you can get it from Matara courts. That says weerawansa family behavior is .....
-- by lalith on 2015-02-25

She should take a luxury bed and chair to the prison. Few months ago at her aunt's funeral (mother's sister) in the Jayaratne parlor she and Wimal brought super luxury rotating chairs to sit for both of them at the cremation ceremony as they do not like to sit in common chairs for visitors. She spent whole funeral expenses including very expensive coffin.
-- by RDN on 2015-02-25

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links