(ලංකා ඊ නිව්ස් -2014.සැප්.20, ප.ව.10.00) මැදමූලන මරා මේ වන විට බදුල්ල සබරගමුව විශ්ව විද්‍යාලයට අයත් ගොඩනැගිල්ලට වී පසුවන බව වාර්තා වේ. මොහුගේ මේ හදිසි බදුලූ පැමිණීම මැතිවරණ පරාජය හමුවේ කිසියම් කුමන්ත්‍රණයකට නායකත්වය දීම සඳහා පැමිණීමක් ලෙස විපක්ෂයේ පිරිස් සලකති.
මේ අතර අද දහවල් හරීන් ප්‍රනාන්දුගේ පියා ගමන් ගත් රථයකට දකුණු පළාත් සභාවේ ඇමැතිවරයෙක් වන ඩී.වී.උපුල් සහ මැර පිරිසක් පහර දී තිබේ. මෙම පහරදීම සිදුව ඇත්තේ කිරිඳිඇල්ල ප්‍රදේශයේදී ය. මේ සම්බන්ධයෙන් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැත.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහ හරීන් ප්‍රනාන්දුගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙක් වූ ප්‍රේමසිරි සමරකෝන් ගමන් ගත් රථයක් දියතලාවේ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් ගනිද්දී ද ඩී.වී. උපුල් මැර පිරිසක් සමග රථය නතර කර ප්‍රේමසිරි සමරකෝන්ට කඩුවකින් පහර දී තිබේ. පහර දී ඇත්තේ කඩුවේ නොකැපෙන පැත්තෙනි. එහි සිටි පිරිස් එහිදී අහසට වෙඩි තබා බිය ගන්වාද ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පොලිසියට පැමිණිලි කර ඇතත් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැත.
බණ්ඩාරවෙල නගරාධිපතිට බණ්ඩාරවෙල පොලිස් ස්ථානය තුලදීම නියෝජ්‍ය ඇමැතිවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, සරණ ගුණවර්ධන සහ හේමාල් ගුණසේකර යන අය විසින් පහරදීම සම්බන්ධයෙන් ද මෙතෙක් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැත.
---------------------------
by (2014-09-20 17:04:10)
Leave a Reply
What is the reason of MARA's visit at Badulla ?
Why can not the Police arrest culprits in criminal cases ?
Can anybody please give me a reply ????
-- by Nanaalal on 2014-09-20
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි