(ලංකා ඊ නිව්ස් -2014.සැප්.21, පෙ.ව.6.20) බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය තුලදී බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විෙජ්සිරි ට පහරදුන් නියෝජ්‍ය මැර ඇමැතියන් වන අරුන්දික ප්‍රනාන්දු, සරණ ගුණවර්ධන සහ හේමාල් ගුණසේකර තිදෙනාට නගර වාසීන් විසින් මදියි නොකියන්නට පෙරළා පහර දී එළවා දැමූ බවත්, ගුටි කෑමෙන් වැළකීම සඳහා සරණ ගුණවර්ධනට අසල නිවසක සැඟවෙන්න සිදුවූ බවත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.
ආණ්ඩුවේ මැර පිරිසක් එජාප පාක්ෂිකයන්ට තර්ජනය කරමින් ඡන්දය දීමට පැමිණීම වළක්වන බවත් එජනිස පාක්ෂිකයන් රථ වාහන වලින් ප්‍රවාහනය කරන බවත් පැමිණිලි කිරීමට බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විෙජ්සිරි බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය වෙත පැමිණ තිබේ. එවිට එහි සරණ ගුණවර්ධන සහ අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය ඇමැතිවරුන් හිඳ තිබේ.
මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ආර්.එස් කරුණාරත්න නගරාධිපතිවරයාගේ පැමිණිල්ල ලියා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. එහිදී සරණ ගුණවර්ධන සහ නගරාධිපතිරයා අතර වාදයක් හට ගෙන තිබේ. ඒ අතරවාරයේදී අරුන්දික ප්‍රනාන්දු එක්වරම නගරාධිපතිවරයාට පහර දී ඇති අතර සරණ ගුණවර්ධනද පහර දී ඇත. නොසිතූ ප්‍රහාරයෙන් නගරාධිපතිවරයා බිම ඇද වැටී ඇති අතර ඊට එක්වූ හේමාල් ගුණසේකරද පහර දී තිබේ. මේ සියල්ල සිදුවෙද්දී මූලස්ථාන පොලිස් පරීක්ෂක කරුණාරත්න තමන් සිටි පුටුවෙන් නැගිට තම පළාතේ නගරාධිපතිවරයාට තිදෙනෙකු විසින් පහර දීම නැවැත්වීමට හෝ උත්සාහයක් ගෙන නැත. නගරාධිපතිවරයා නැගිටුවාගෙන ඇත්තේ රිසර්ව් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකි.
මේ අවස්ථාවේ දී නගරාධිපතිවරයා සමග පැමිණ සිටි සහායකයන් දෙදෙනෙකු වහා දුවගොස් නගරයේ සිටි නගරවාසීන්ට කෑ ගසා පවසා ඇත්තේ අපේ නගරාධිපතිවරයාට පොලිසියේදී ඇමැතිවරුන් පහර දෙන බවයි. සිද්ධිය සැලවූ නගරවාසීන් පොලිසිය අසලට කඩා පිනූ අතර ඇමැතිවරු තිදෙනා පැන යාමට උත්සාහ දරා ඇත.
ඒ වන විට කෝපයට පත්ව සිටි ජනතාව අරුන්දික ප්‍රනාන්දුටත්, සරණ ගුණවර්ධනටත් හේමාල් ගුණසේකරටත් මදියි නොකියන ලෙස පහර දී තිබේ. සරණ ගුණවර්ධන ගුටිකෑමෙන් බේරීමට අසල නිවසක සැඟවී ඇත. කෝපයට පත්වූවන් මැර ඇමැති පිරිස පැමිණ සිටි වාහන වලටද පහර දී ඇති අතර පොලිසිය මැදිහත් වී ඇමැතිවරුන් රථ වල පටවා පිටත් කර යවා ඇත. පිටත්ව යන වාහන වලට පවා නගරවාසීන් පහර දී තිබේ.
මෙම ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඩී.බී සිරිවර්ධන නමැත්තා අංක එකේ මරාවාදී සට්ටැඹියෙක් වන බැවින් මේ පිලිබඳ නිසි විමර්ශනයක් සිදුකරන්නේ නැතිව අවනීතිය රජ වෙන්නට ඉඩදී තිබේ. පොලිසිය ඇතුලතදී නගරාධිපතිවරයාට පහර දුන් ඇමැතිවරුන් සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැත.
මේ වන විට මැර ඇමැතිවරුන් ජනතා ප්‍රහාරයෙන් බේරාගත්තේ නැතැයි චෝදනා කොට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට යන බවද ලංකා ඊ නිවිස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
කෙසේ වෙතත් ප්‍රදේශයේ රජකරවන්නට ආ රාජපක්ෂ භීෂණය මේ සිදුවීමත් සමග දියාරු වී ගොස් ඇත.
ඉන්පසු භීෂණය ඉදිරියට ගෙන ගොස් ඇත්තේ උදිත ලොකු බණ්ඩාර නම් ආණ්ඩුවේ නාමල්වාදී තරුණ මන්ත්‍රීවරයා ය. කොණ්ඩ කමල්, සිසිර, ජී.බී. බණ්ඩාර යන මැරයන් තිදෙනා තම රථයේ දමා ගත් උදිත ලොකු බණ්ඩාරද එජාප පාක්ෂිකයන්ට ඡන්දය දැමීමට නොපැමිණෙන ලෙස තර්ජනය කරමින් අහසට වෙඩි තබමින් යකා නටා ඇත. මෙහිදී අපූරු සිදුවීමක් වී ඇත්තේ උදිත සහ මැරයන් එක් ඡන්ද දායකයෙකුගේ කොලරයෙන් අල්ලා ඡන්ද නොදමන ලෙස තර්ජනය කරද්දී අවසානයේ දැනගෙන ඇත්තේ ඔහු ආණ්ඩුවට ඡන්දය දැමීමට යමින් සිටි පුද්ගලයෙක් බවයි. උදිතගේ මැර ක්‍රියාවෙන් කලකිරුණු එම පුද්ගලයා අම්මා මෝ නැතිව බැන වදිමින් කිසිවෙකුට හෝ ඡන්දය නොදමා ආපසු හැරී යන්නට ගොස් ඇත.
---------------------------
by (2014-09-21 02:28:43)
Leave a Reply
whatever it is they cannot rule anymore. there end is near
-- by mohan peres on 2014-09-21
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි