(ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.16, ප.ව.11.55) අධිකරණය ඉදිරියේ දැනට විනිශ්චයකට භාජනයව පවත්නා ගාලූ වරායේ තිබී සොයාගත් පාවෙන අවි ගබඩාව ගැන සජීවී රූපවාහිනී වැඩ සටහනකින් විවිධ කරුණු ගෙනහැර දැක්වීමෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණ හා ආරක්ෂක අංශවල පරීක්ෂණ කටයුතු හෑල්ලුවකට ලක්කරමින් චේතනාන්විතව අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව වාර්තා වේ.
ගෝඨාභයගේ කළු සල්ලි සුදු කළ බවට චෝදනා ලත් දිලිත් ජයවීරගේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක සජීවී වැඩ සටහනට අද (16) වෙනිදා එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ අධිකරණය අපහාසයට ලක්කර ඇති අතර සහ එකී වැඩ සටහන මෙහෙයවූ වැඩ සටහන් නිෂ්පාදක නීතිඥ සංඛ අමරජිත් පෙරේරා ඇතුළු දෙදෙනාටම එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නැයි ඉල්ලමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පියවර ගෙන ඇත.
එපමණක් නොව නීතිඥවරයෙකු වශයෙන් නීති වෘත්තියේ ආචාර ධර්ම කෙළෙසමින් අධිකරණය ඉදිරියේ දැනට විනිශ්චයකට භාජනයව පවත්නා කරුණක් ගැන සංවාදයක් සිදුකර එතුළින් සැකකරුවන්ට වාසිදායක මතවාදයක් මාධ්‍යය ඔස්සේ නිර්මාණය කිරීමට ඉඩකඩ සැලසීම ගැන නීතිවේදී වෘත්තීය සංඛ අමරජිත් පෙරේරා විසින් අවභාවිතයට ලක්කර තිබීම සම්බන්ධයෙන් ඔහුව නීතිඥ වෘත්තීයෙන් නෙරපන විනය පියවරක් ගන්නා ලෙසටත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමටද අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතින බව අනාවරණය වේ.
දූෂිත මහින්ද රාජපක්ෂ පවුල වෙනුවෙන් ඔවුන්ගේ හඬ සඳහා විශාල මෙහෙවරක නිරත දිලිත් ජයවීරගේ රූපවාහිනියේ ඉහත කී වැඩ සටහන නිසා රක්නා ලංකා ආරක්ෂක සමාගම සහ ගෝඨාභය රාජපක්ෂට එරෙහි දැනට සිදුකෙරෙන පරීක්ෂන කටයුතු වලට විශාල වශයෙන් බාධාවක් එල්ලවුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාට හා අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් සොයා බලාගෙන යයි.
මෙම රූපවාහිනී වැඩ සටහනේදී පාවෙන අවි ගබඩාව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු කෙරෙහි දැඩි වෛරසහගත ආකාරයෙන් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ එම පරීක්ෂණ කෙරෙහි තමාට එකඟ විය නොහැකි බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂගෙන් මෙම අවි ගනුදෙනු පිළිබඳ සිද්ධිය ගැන ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවකදී ඊට ප්‍රතිචාර දක්වා ප්‍රකාශයක් ලබාදීමට ලිපිගොනු පරීක්ෂා කළ යුතු බව දක්වා සිටි ගෝඨාභය රාජපක්ෂ ස්වේච්ඡාවෙන්ම සිද්ධිය ගැන පුළුල් අර්ථ විවරණයක් රූපවාහිනි නාලිකාවෙන් ගෙනහැර පෑම විශේෂයක් වන අතර මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ගෝඨාභය අත් අඩංගුවට ගැනීමට යන බව ලංකා ඊ නිව්ස් විසින් පසුගියදා වාර්තා කිරීමෙන් පසු ගෝඨාභය ශුද්ධ වීම සඳහා අද තම ගෝලයාගේ නාලිකාවට පැමිණ රෙදි සේදීම කර ගත්තේය.
මෙම රූපවාහිනි වැඩ සටහනේදී නිවේදකයා ඇසූ ඔබ මිනීමෝරුන් ඇති කරනවාදැයි යන ප්‍රශ්නයකට ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ තමා එසේ මිනී මෝරුන් ඇති නොකළ නමුත් එසේ ඇති කරන්නේ නම් එහි වරදක් නොමැති බවත් මිනීමෝරුන් ඇති කිරීමට පළපුරුද්දක් තිබිය යුතු බවත් දක්වා සිටියේය.
---------------------------
by (2015-03-16 19:46:00)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි