(ලංකා ඊ නිව්ස් - 2015.මාර්තු.18, ප.ව 11.30) 2008-2009 කාලයේදී මට්ටක්කුලියේ සහ ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි උසස් පෙළ සමත් සහ විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටි දෙමළ, සිංහල සහ මුස්ලිම් ධනවතුන්ගේ දරුවන් 10 දෙනෙක් පැහැරගෙන (දරුවන් 38 දෙනෙක් පැහැර ගත්තද සාක්කි ඇත්තේ 10 දෙනෙක් ගැන පමණි) දෙමාපියන්ගෙන් කප්පම්ගෙන පසුව එම දරුවන් මරා දැමූ නාවික හමුදාවේ සුදු වෑන් කල්ලියේ ප්‍රධානියා හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක යැයි පසුගිය මාර්තු 2 දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කරන ලද ප්‍රකාශය අර්ධ සත්‍යයක් වන අතර එම මිනීමරු කල්ලියේ සැබෑ ප්‍රධානියා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික සහකාර හෙවත් ෆ්ලෑග් ඔෆිසර් කපිතාන් සම්පත් මුණසිංහ නමැත්තා බවත් ඔහු මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර අද හෝ හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි.
එදින පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කීවේ මේ තොරතුරු ලබා දුන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩම බවත් එම කල්ලිය ඔහුට හොරා ක්‍රියා කළ කණ්ඩායමක් බවයි.
ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන අන්දමට සිදුවීම මෙසේය.
ඉහත නාවික හමුදා සුදුවෑන් කල්ලිය ක්‍රියාත්මක වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයැවීමෙන් එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ අනුදැනුම මතය. එනිසාම තමාගේ ඉතාම ලඟ හිතවත් පුද්ගලික සහායක සම්පත් මුණසිංහ නමැති මිනීමරු නිලධාරියාම එහි නායකයා කර තිබෙන්නේ ද වසන්ත කරන්නාගොඩ විසින්ම ය. මෙම මිනීමරු කණ්ඩායමට කොමදෝරු ඩී.කේ.පී දසනායක, ලුතිනන් කොමදෝරු රණසිංහ, ලුතිනන් කොමදෝරු හෙට්ටිආරච්චි ඇතුළු නාවික හමුදා මිනීමරුවන් 12 දෙනෙකු ඇතුලත්ව සිට ඇත.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික සහායක සම්පත් මුණසිංහ පසු කාලයකදී කරන්නාගොඩගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ඇති අතර එය කරන්නාගොඩට හසුවීමෙන් පසුව සම්පත් මුණසිංහ පළා ගොස් සැඟවී ඇත. තමාට ද්‍රෝහී වූ සම්පත් මුණසිංහ ඉන්නා තැනකින් සොයා ඝාතනය කරන්නැයි වසන්ත කරන්නාගොඩ නියෝග දී ඇත්තේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා වූ කොමදෝරු ඩී.කේ.පී. දසනායකට ය. දසනායක කරන්නාගොඩගේ නියෝග ක්‍රියාත්මක කරනවා වෙනුවට සම්පත් මුණසිංහට රටින් පැන යෑමට උදව් කිරීමට සූදානම් වී තිබේ. මේ බව ඉව වැටුනු නාවික හමුදාපති කරන්නාගොඩ මොවුන් දෙදෙනාගෙන්ම පලි ගැනීමට සිතා මේ දෙදෙනාම ලමයින් පැහැරගෙන මරා දැම්මා යයි මරා දැමූ දරුවන් පිරිසකගේ හැඳුනුම්පත් ද සමග පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයට තොරතුරු ලබා දී ඇත. තමන් ගැන සීඅයිඩියට සාක්කි සහිතව තොරතුරු ලැබී ඇති බව දැන ගත් සම්පත් මුණසිංහ අපූරු උපායක් යොදා ඇත. එනම් එවකට නාවික හමුදාපති කරන්නාගොඩ සමග බද්ධ තරහකින් පසුවූ එවක යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට සිදුවීම පාපොච්චාරණය කර මෙකී සුදුවෑන් කල්ලිය ක්‍රියාත්මක කෙළේ වසන්ත කරන්නාගොඩගේ අනුදැනුම ඇතිව බව හෙලිකරමින් තමන්ට ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලා සිටීමයි. ඔහුට මරණයෙන් ගැලවීමට ඇති හොඳම ක්‍රමය මේ යැයි උපදෙස් දුන් සරත් ෆොන්සේකා සම්පත් මුණසිංහ සීඅයිඩියට බාර කර තිබේ.
එකළ සුදු වෑන් කල්ලියක් මෙහෙයැවූ නේවි සම්පත් අත් අඩංගුවට ගත්තා යැයි මාධ්‍ය මගින් අනාවරණය කෙළේ මෙකී සම්පත් මුණසිංහගේ බාර වීම ය. සම්පත් මුණසිංහ විවාහ වී සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රාජා කොල්ලුරේ මහතාගේ දියණියක් සමග ය. ඒ සම්බන්ධතාද, ගෝඨාභය වෙනුවෙන් මිනීමැරූ නිසාද, ජනතාවට සිදුවීම අකා මකා යනතුරු රහස් පොලිස් බාරයේ සිටි සම්පත් මුණසිංහ පසුව චෝදනා නැතිවම මුදා හරින්නේ ය.
දැන් යලිත් කළ එළියට බැස ඇත්තේ මෙම සිදුවීමයි. නමුත් දැන් පොලිසිය පවසන්නේ කතාවෙන් කොටසක් පමණි. එනම් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සුදනා කර ඔහු නොදැන ඔහුගේ බඩියා සහ මාධ්‍ය ප්‍රකාශකයා විසින් කප්පම් සඳහා දරුවන් පැහැරගෙන මරා දැම්මා යන කතාව පමණි. ඊට හේතු කිහිපයක් තිබේ. වසන්ත කරන්නාගොඩගේ සම්බන්ධය හෙලිකළ ගමන්ම ගෝඨාභය රාජපක්ෂගේ නම ද ඊට ඈඳෙනු ඇත. දැනට ජනාධිපතිවරයාද රාජපක්ෂලාට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ඉතා හොඳින් පෙනී යන නිසා මෙම තිරශ්චීන මිනීමැරුම් සිදුකළ පහල එකා පමණක් අල්ලා ඉහලින් අණ දුන් මිනීමරුවන් නීතියෙන් ගැලවී සිටීමේ නාටකය රඟ දැක්වීමට සූදානම් වේ.
නමුත් එය අසීරු වන සාක්කියක් ලැබී තිබේ. මෙම දරුවන් අතුරුදහන් වී තිබියදී හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ඒ පිලිබඳ නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගෙන් විමසා ඇති විට ඔහු පිලිතුරු දී ඇත්තේ ඔවුන් නාවික හමුදා අත් අඩංගුවේ සිටින බවකි. එනම් අතුරුදහන් කළ දරුවන් ගැන නාවික හමුදාපති කරන්නාගොඩ දැනුවත්ව සිටි බවට එය ප්‍රබලතම සාක්කියකි.
මේ තරම් වැදගත් ඝාතන වැලක් ගැන තොරතුරු ඇදී එද්දී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශවේන්ද්‍ර ප්‍රනාන්දු මිනීමරුවන්ට වාසි වන අන්දමින් කටයුතු කරමින් පරීක්ෂණ වලට බාධා කරන බවද ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. සමහර චුදිතයන්ට සාක්කි නැතැයි පවසා රටින් පිටව යෑමට ඉඩ දෙන්නැයිද ශවේන්ද්‍ර ප්‍රනාන්දු බල කරන බවද දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් මේ වන විට යලි සම්පත් මුණසිංහ නමැති මිනීමරු සුදු වෑන් කල්ලි නායකයා රහස් පොලිස් අත් අඩංගුවේ රඳවාගැනීමේ නියෝග යටතේ පසුවන නමුත් ඒ බව හෙළිදරව් නොකිරීමද ගැටළුවකි.
---------------------------
by (2015-03-19 01:50:19)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි