~

මහජන බදු මුදල් ඉහගෙන කෑම ගැන දකුණේ අධ්‍යාපනය වැනසූ රාසපුත්‍ර අත්අඩංගුවට ගනු..!

-දකුණේ විශේෂ වාර්තාකරුවෙකු හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.08, ප.ව.11.00) දකුණු පළාත තුල පාසල් දරුවන්ගේ අධ්‍යාපන වැනසූ දකුණු පළාත් හිටපු අධ්‍යාපන ඇමති චන්දිම රාසපුත්‍ර වහා අත්අඩංගුවට ගැනීම ජාතික වගකීමකි. පාසල් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වනසමින් අත්තනෝමතික ලෙස තමා පොර වීමට සිදු කළ විනාශයේ ප්‍රතිඵලය දකුණේ දරුවන් රාශියකට විභාගයට පෙනී සිටීම සහ ප්‍රතිඵල අහිමි කිරිමය. කොන්දක් නැති දකුණේ අධ්‍යාපන බලධාරීන් විසින් දේශපාලන තනතුරට මුවා වී සිදු කළ හානිය මෙයින් නිමක් නැත. අද ‘අපි තමා දකුණේ ප්‍රතිඵල සංවර්ධනය හොඳටම කල බව’ කියන අයගේ හොරා කෑම විගණනය මගින් අනාවරණය වී අවසන්ය. නමුත් දකුණු පළාත් පරිපාලන මාෆියාව කිසිදු විනයානුකූල පියවරක් රජයේ ඉහළ නිලධාරීන්ට ගෙන නොමැත. මාධ්‍ය සංදර්ශණ වලින් යට ගැසූ මෙවැනි අපරාධ වලට  කිසිම පියවරක්ද ගෙන නැත. මාධ්‍ය වෙත දුරකථන දොළ පිදෙනි රජයේ මුදලින් දෙන විට මෙවැනි දුෂණ වසං කරන අතර ජාතියේ දරුවන්ට සිදු වන අගතියට දේශපාලුවන් හා මාධ්‍යකරුවන්ද වගකිව යුතුය. ( අදාල අයට පමණි )

මැද මුලනේ ඉඳුල් කෑම මත දකුණේ දේශපාලන ඌරුමයක් ලැබී තිබු රාසපුත්‍රට දකුණේ අධ්‍යාපන ඇමති ධුරය ලැබුනේ මැද මුලනේ කටු ලෙව කෑම මතය. විභාග දෙපාර්තමේන්තුවේ සාක්ෂි අනුව මොහු කළ විනාශය බරපතලය. දකුණේ අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය කළ මොහු රටටම සාපයක් වුවද අද වන තෙක් ගත් පියවරක්ද නැත. මොහුගේ මෙම බරපතල අපරාධය සඳහා වත්මන් පුනරුද ආන්ඩුවේ කෙරුමන් ඇස් ඇරිය යුතුය.

රාසපුත්‍ර සමග හොරකම කළ සෙවල වික්‍රමසිරි..

රජය / රාජ්‍ය සේවය අපකීර්තියට පත් කරමින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව විසින් මෙකී මුල්‍ය අලාභය / පාඩුව රජයට සිදු කරන ලද, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිසු තරණ ගුරු උපහාර වැඩසටහන යටතේ තිළිණයන් මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන වලට අනුකූල නොවී රු. 8,566,600.00 ක මුදලකට ආකෘති වර්ග 02කින් උපහාර තිළිණපත් 7,969 ක් මිලදී ගෙන ඇත. මෙම මිලදී ගැනීමෙන් රු. 2,569,980.00 ක මුදලක් රජයට පාඩු කොට ඇති බවට ජාතික විගණන කාර්යාල ලිපි සමාංක SNP / GL / D / MOE / 3 ( 2  ) / 19 / 0 / M හා 2020 ජුනි 15 වන දිනැති සහකාර විගණකාධිපති එම්. කේ. ඩී. රේණුකා මිය විසින් සකසන ලද විගණන විමසුමේ 3.2 ( අ ) ( ii ) අනුව, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රයට අනුකූල නොවන ලෙස ගුරු උපහාර තිළිණ 7,897ක් එක තිළිණයක් රු. 1000.00ක මිලකට මිලදී ගැනීම සඳහා රු. 2,369,100.00ක මුදලක් වැයකොට ඇත. ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට සපුරා පටහැනිව මෙකී උපහාර තිළිණපතක් මිලදී ගැනීම තුල රු. 300.00ක අලාභයක් සිදුකොට ඇත. වෙළදපොල මිලට වඩා වැඩි මිලකට මෙකී තිළිණපත් මිලදී ගැනීම සිදුකොට ඇත. මෙම විගණන විමසුමේ 3.2 ( අ ) ( iii ) අනුව, එසේම නැව් ආකෘතිය සහිත උපහාර තිළිණ 72ක් එකක් රු.9,300.00ක් බැගින් රු. 669,600.00ක මුදලක් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට පටහැනිව වැය කොට මිලදී ගෙන ඇත.  මෙහිදී එක් උපහාර තිළිණයක් වෙළදපොල මිලට වඩා රු. 2,790.00ක වැඩි මිලකට මිලදී ගෙන ඇත. මෙම මිලදී ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියට සපුරා පටහැනිව සිදු කොට ඇති බව අනාවරණය වී ඇත. දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි යන අය සමග එවකට සංවර්ධන අධ්‍යක්ෂ සමග ගණකාධිකාරී යන අයවළුන්  වගකීම දැරිය යුතු බව පැහැදිලි කරුණකි. අද වන විට පුනරුද ආණ්ඩුවේ තනතුරු ගෙන සිටින අය මෙම දුෂණ ගැන සෙවිය යුතුය.. දකුණේ පාසල් දරුවන්ගේ අනාගතය වනසමින් මහජන බදු මුදල් වැනසූ ආකාරය පැහැදිලිව පෙන්වා දී ඇති අවසථාවක ගෙන ඇති රාජකාරි පියවර කුමක්ද යන්න දකුණේ ආණ්ඩුකාරවර හටද පෙන්වා දීමට අපොහොසත් වන්නේ මධ්‍ය සංදර්ශණ අංක එකට පත්වීම මතය.

හොරකම වසං කළ ඇර සොයියා…

විගණන විමසුමට අදාලව නිර්දේශ ලෙස ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධාන වලට අනුකූලව සිදුවිය යුතු බව පෙන්වා දී ඇති අතර ප්‍රධාන ගණන් දීමේ නිලධාරී ලෙස දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්. සී. ද සොයිසා මහතාගේ අදහස් දැක්වීම අනුව මේ සඳහා කමිටුවක් පත්කළ බවත්, එම කමිටුවේ තීරණ අනුව මිළ ගණන් අඩුකර හෙයින් සිදුවීමට තිබූ පාඩුව අවම කරගත් බව දන්වා ඇති අතර ප්‍රසම්පාදනයෙන් රජයට අවාසියක් සිදුව නැති බවට කරුණු දක්වා ඇත. පවත්නා ලිඛිත නීතිය වන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට පටහැනිව කටයුතු කොට ඇති බවද, ප්‍රසම්පාදන කමිටු තීරණයක් මත යම් මිලදී ගැනීමක් සිදුකොට මිලදීගැනීමක් සිදුකොට ඇති අවස්ථාවක මිලදී ගනු ලැබූ භාණ්ඩයේ අවම මිල තීරණය කිරීම සදහා කමිටුවක් පත්කළ නොහැක. අපරාධය වසං කිරීම සඳහා සිදු කරන ලද වංක / වංචනික ක්‍රියාවක්ය. පත්කොට ඇති කමිටුව විසින් නැව් ආකෘතිය සහිත උපහාර තිළිණයක් රු. 6,510.00 කට හා ගුරු උපහාර තිළිණයක් රු. 700.00කට මිලදී ගැනීම සිදු කළ හැකි බවට තීරණය කොට ඇත. මෙකී තීරණය අනුවද, ප්‍රසම්පාදන කමිටුව විසින් රජයට භාණ්ඩ මිලදී ගැනීමේදී වංචාවක් සිදුකොට ඇති බව තහවුරු වන බවද, ප්‍රසම්පාදන කමිටුව විසින් සිදුකොට ඇති මුල්‍ය වංචාව හා රජයේ මුදල් අවභාවිතය හා සාවද්‍ය පරිහරණය සඳහා නෛතික පදනමකින් තොරව අනුබලදී ඇති බව තහවුරු වේ. දකුණු පළාත් අධ්‍යාපන ලේකම් සභාපතීත්වය දරණ ප්‍රසම්පාදන කමිටුව විසින් සිදු කොට ඇති ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට පටහැනිව සිදු කරන ලද ක්‍රියාවකි. ප්‍රසම්පාදනය ක්‍රියා පටිපාටියට පටහැනිව සිදු කරන ලද මිලදී ගැනීමක් පිළිබඳව හා එකී මිලදී ගැනීමන් පසුව මිලදී ගන්නා ලද තිළිණපතක මිල තීරණය කළ නොහැකිය. එසේම රජයේ මිලදී ගැනීමක් සිදුව අවසන් වූ පසුව විගණනය සදහා  මෙකී වංචාව හෙලිවූ පසු මිල අඩු කිරීම සදහා කමිටුවක් පත්කළ නොහැක. පත් කිරීම සදහා පවත්නා ලිඛිත නීතිය වන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නොමැත. එම නිසා පොදු දේපල පනත යටතේ රජයේ මුදල් සාවධ්‍ය පරිහරණය කිරීමට අදාලව වරද සිදුකොට ඇත.

සැපයුම්කරුවන් හොර පාරේ…

මෙම රජයේ මුල්‍ය පාඩුව පිළිබඳව 2019 වසරේ විගණන වාර්තාව මගින් පාර්ලිමේන්තුව වෙත පෙන්වා දී ඇති අවස්ථාවක දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්. සී. ද සොයිසා මහතා විසින් විගණකාධිපති වෙත ලබාදී ඇති පිළිතුර වනුයේ පළාත් සභා විසුරුවා හැරීමට ප්‍රථම මෙම උපහාර උළෙල පැවැත්වීමට තීරණය කරන ලද අතර කෙටි කාලයක් තුල හෙයින් පෙර වර්ෂ වල ඉදිරිපත් වූ සැපයුම්කරුවන් කැඳවා අවශ්‍යතාවය පැහැදිලිකර ඒ අනුව ප්‍රසම්පාදන කටයුතු සිදුකොට ඇති බවය. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ මෙකී කරුණට අදාළ නීතියක් ලෙස නොපවතින අතර ප්‍රසම්පාදන මාර්ගොපදේශයන්ට පටහැනිව තිළිණපත් මිලදී ගෙන රු. 2,569,980.00ක මුදලක් රජයට පාඩු කොට ඇති බැවින් එකී විෂමාචාරය සිදු කරන ලද නිලධාරීයා විසින්ම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීයා ලෙස ලබාදී ඇති වගකීම් විරහිත පිළිතුරක් වේ. මෙම තිළිණ ලබාදීම සිදු කොට ඇත්තේ රුහුණු මාගම්පුර ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ 2018 ජුලි මස 09 වන දින පැවති උත්සවයකදී. දකුණේ ප්‍රඥාවන්තයන්ගේ අභිසෙස් මංගල්‍ය "ප්‍රඥාභිෂේක" යන නමින් තමයි උත්සවය පැවතියේ. දකුණු පළාත් සභාවේ නිල කාලය 2019 අප්‍රේල් මස 09 වන දින අවසන් වන්නේ. පළාත් සභාවේ නිල කාලය අවසන් වන්නේ උත්සවය පවත්වා මාස 09කට පසුවයි. 2018 ජුලි 09 වන දිනට පෙර ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කළ යුතු අතර මෙම උත්සවය පැවති දින හා දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් දිනය අතර සම්බන්ධතාවයක් නැත.. මෙම මිලදී ගැනීම් සිදු කිරීම සඳහා පවත්නා ලිඛිත නීතිය වන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූලව කටයුතු කිරීමට කාලය පවතිනව. අසත්‍ය කරුණු දැක්වීමක් ප්‍රධාන ගණන්දීමේ නිලධාරී ආර. සී. ද සොයිසා මහතා විසින් සිදුකොට ඇති බව පෙන්වා දෙයි.. පවත්නා ලිඛිත නීතිය වන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.4.1 ප්‍රසම්පාදන කමිටු සහ තාක්ෂණ ඇගයීම් කමිටු සම්පූර්ණ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වගකිව යුතු වේ. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටු සභාපති ලෙස මෙකී අමාත්‍යාංශ ලේකම් ලෙස කටයුතු කරන ලද වයි. වික්‍රමසිරි මහතා ඇතුළු ප්‍රසම්පාදන කමිටුව මුලිකව වගකිව යුතු වේ.

රාසපුත්‍රගේ කීමට වික්‍රමසිරි හොරකමට...

සිසු තරණ ගුරු උපහාර වැඩසටහනේ තිළිණපත් මිලදී ගැනීම තුලින් රු. 2,569,980.00ක මුදලක් ශ්‍රී ලංකා රජයට පාඩුවක් / අලාභයක් සිදුකොට ඇති බැවින් රජයේ නිලධාරියකු ලෙස රජයට සිදු කරන ලද අලාභය / පාඩුව ඕනෑම මොහොතක අය කොට ගත හැකිය. මෙම රජයේ මුදල් පාඩුව / අලාභය මීට වඩා වැඩිවිය හැකි අතර තරගකාරී ලංසු කැඳවීම තුල නිවැරදි මුදලක් තිළිණපත් සදහා නොලැබීම තුල පාඩුව නිවැරදිව ගණනය කළ නොහැකි බැවින් අවම පාඩුව ලෙස පෙන්වා දිය හැකිය. මුදල් රෙගුලාසි 315 අනුව දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්. සී. ද සොයිසා මහතා ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා ලෙසද, දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි මහතා ගණන්දීමේ නිලධාරීයා ලෙස මුලිකව මෙකී මුල්‍ය වංචාව සදහා වගකීම භාරගත යුතුය. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.4.1 ප්‍රසම්පාදන කමිටු සහ තාක්ෂණ ඇගයීම් කමිටු සම්පූර්ණ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සදහා වගකිව යුතු බැවින් මෙකී මුල්‍ය වංචාව සඳහා කඩිනම් පියවර ගැනීම දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්. සී. ද සොයිසා මහතාගේ රාජකාරිමය වගකීම වේ. නමුත් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් ( හිටපු ) වයි. වික්‍රමසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුතු ප්‍රසම්පාදන කමිටුව විසින් නීති රීති රෙගුලාසි වලට පටහැනිව මුල්‍ය වංචාවක් සිදු කොට ඇති බව තහවුරු වන අවස්ථාවක සාම නිලධාරියකු වෙත පැමිණිලි කොට නැත. දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්. සී. ද සොයිසා මහතා තම රාජකාරිමය වගකීම පැහැර හැර ඇත. මෙකී මුල්‍ය වංචාවට අදාළ / සහය දී ඇති නිලධාරීන්ට එදිරිව කිසිදු රාජකාරිමය පියවරක් නොගෙනීම තුල ඔවුන් විසින් සිදුකොට ඇති මුල්‍ය වංචාව සදහා සෘජුව හෝ වක්‍රව සහය ලබාදී ඇත. මෙකී මුල්‍ය වංචාව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය, ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි සහ චක්‍රලේඛණ අනුකූල නොවන ලෙස තම බලතල අවභාවිතා කොට දැන දැනම මෙකී මුල්‍ය වංචාව සිදුකොට ඇත. තම තනතුරු බලය අවභාවිතා / අතික්‍රමණය කරමින් පවතින් නීති, රීති සහ රෙගුලාසි වලට සපුරා පටහැනිව මුල්‍ය වංචාව යටපත් කිරීමට කටයුතු කොට ඇත. විගණනය මගින් අනාවරණය වී ඇති මෙකී මුල්‍ය වංචාව සාධාරණිකරණය කිරීම සදහා පවත්නා ලිඛිත නීතියට පටහැනිව වංචනිකව කමිටු පත්කොට සාවද්‍ය වාර්තා / ලේඛණ සකසා ඇති බවද, මෙකී ලේඛණ නීත්‍යානුකූල නොවන ලේඛණ බවද, රජයේ නිලධාරියකු ලෙස මෙවැනි ලේඛණ සැකසිය නොහැකි බවද පෙන්වා දෙන බවයි.

හොරකම වසං කිරීමට පොලිස් සහය….

මහජන දේපල වැනසූ මොවුන් අත්අඩංගුවට ගැනීම වෙනුවට ගාල්ල ජ්‍යේෂඨ පොලිස් අධිකාරී පැමිණිළි විමර්ශණය පැහැර හැර ඇත. පොලිස් පැමිණිළි විමර්ශණය නොකර වසං කරමින් සිටින මොවුන් මෙම යහපාලන දුෂිතයන් ආරක්ෂා කිරීම සිදු කරන අතර මහජන බදු මුදල් හොරකම් කිරීමට සහය දීම සිදු කොට ඇත. ගාල්ල පොලිස් ස්ථානයේ මුල්‍ය අපරාධ විමර්හණ අංශය විසින් මෙම අපරාධ පිළිබඳව පැමිණිළි වලට ප්‍රකාශ සටහන් කොට ගෙන විමර්ශණ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට යොමු කළ බව කියන අතර එවැනි යොමු කිරීමක් පිළිබඳව තහවුරු කිරීමට නොහැකිව ඇත. මැද මුලන වලව්වේ හයියෙන් කළ මෙම දුෂිතයන් අත්අඩංගුවට ගෙන නිසි පරීක්ෂණ සිදු කිරීම ජාතික වගකීමකි. පොලිස්පති විසින් මහජන බදු මුදල් කොල්ල කෑ අයවළුන් ආරක්ෂා කිරීමට  කටයුතු කිරීම පුනරුද ආණ්ඩුවේ ජාතික වගකීම නොවේ.

මහජන බදු මුදල් වැය කරමින් සංදර්ශණ පැවැත්වූ චන්දිමා රාසපුත්‍ර අත්අඩංගුවට ගැනීම පළමුව සිදු කළ යුතු අතර දකුණේ කාන්තා නිලධාරිනියන්ට නිදහසේ ඉන්න ඉඩක් නොදී ලිංගික හිංසා කළ අවලමා වන වික්‍රමසිරි යන අය වහා අත්අඩංගුවට ගෙන මහජන බදු මුදල්වලට කල කී දේ ගැන නිසි ප්‍රකාශ නිතියට අනුගතව ගත යුතුය. දකුණේ ආණ්ඩුකාරවරවරු කිසිදු පියවරක් නොගන්නා අතර පොලිස්පති විසින් කියන ආකාරයට මහජන බදු මුදල් හොරකම් කිරීම පිළිබඳව ආයතන පරීක්ෂණ පැවැත්විය යුතු බවය. දැන් පුනරුද ආණ්ඩුව තෙපර බබා ඉන්නේ නැතිව ක්‍රියාත්මක විය යුතුය.  ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විසින් මෙම මහජන බදු මුදල් වංචාවට වහා පියවර ගත  යුතුය.

-දකුණේ විශේෂ වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2025-05-08 18:31:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links