(ලංකා ඊ නිව්ස් -2025.මැයි.16, ප.ව.11.30) ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට ලද කැබ්නට් අනුමැතිය මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පත්කළ විද්වත් කමිටුවක් මඟින් ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් පවතියි.
මෙය ජාතික ජන බලවේගය මහජනතාවට දුන් එක් පොරොන්දුවකි.
නව පනතක් හඳුන්වාදීම තුලින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණ දීම, දේශීය සහ විදේශීය වශයෙන් පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නා වූ ප්‍රමිතීන්ට අනුගත වීම අදහස් කරනු ලැබේ.
ඒ අනුව මහජන අදහස්, නිර්දේශ සහ යෝජනා ඇත්නම් 2025 මැයි මස 16 වන දින සිට දින 14 ක් ඇතුළත, ලියුම් කවරයේ වම් කෙළවරේ “ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සඳහා යෝජනා” යනුවෙන් සඳහන් කොට ලේකම්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නො. 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 යන ලිපිනයට හෝ [email protected] විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
මාධ්‍ය ඒකකය.
---------------------------
by (2025-05-16 18:21:33)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි