~

විභාග කොමසාරිස් ජනරාල් ධුරයට ප්‍රථම වරට කාන්තාවක්...!

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.16, ප.ව.11.35)  එකොළොස් වන විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි මෙන්ම මෙරට ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ අද(15) විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි වැඩ භාර ගත්තා ය.

ඇය ශ්‍රී  ලංකා අධ්‍යාපන පරිපාලන සේවාවේ 2005 කණ්ඩායමේ සාමාජිකාවකි. එම සේවාවේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් ද වන ඇය විභාග කොමසාරිස් ජනරාල් ධුරයට පත් වීමට පෙර විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය පාසල් විභාග ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙස මෙන් ම පාලන හා විමර්ශන ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙස ද කටයුතු කර ඇත.

කොළඹ ඩී.එස් සේනානායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිධූරය හා විදුහල්පතිධූරයත් හොබවා ඇති නව විභාග කොමසාරිස් ජනරාල්වරිය ගාල්ල සංඝමිත්තා විදුහලේ ආදි ශිෂ්‍යාවකි. රුහුණු විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ඇති ලියනගේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධියත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග්විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හිමි කරගෙන ඇත.

---------------------------
by     (2025-05-16 18:34:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links