(ලංකා ඊ නිව්ස් -2025.මැයි.19, ප.ව.11.20) දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ සිටිය දී කළ විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට කතානායක වරයා පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියට ප්‍රථම වතාවට වගඋත්තරකාර දේශබන්ධු අද මුහුණ දුන් අතර ඔහුගේ නීතිඥයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පරීක්ෂණ කමිටුව විසින් නිෂ්ප්‍රභ කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන ගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන අයගේ සාමාජිකත්වයෙන් මෙම කමිටුව අද (19) පාර්ලිමේන්තුවේදී රැස් විය.
මෙහිදී දේශබන්දු තෙන්නකෝන් හට චෝදනා 23කින් සමන්විත චෝදනා පත්‍රය ලබා දෙන ලද අතර ඉන් අනතුරුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්. එස්. වීරවික්‍රම විසින් මුලික විරෝධතා තුනක් සහ ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කරන ලදී.
එම කරුණුදැක්වීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා ඒ සම්බන්ධයෙන් සිය විරෝධතාවය දැක්වූහ.
සියලු කරුණු සලකා බැලු පරීක්ෂණ කමිටුව විසින් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සියල්ල නිෂ්ප්‍රභ කරනු ලැබීය. ඒ අනුව විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට මෙහිදී තීරණය විය.
කමිටුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එළඹෙන 28 වැනිදා පස්වරු 2 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට තීරණය කෙරිණ.
---------------------------
by (2025-05-19 23:15:43)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි