~

මාලිමාවේ ඔත්තු සේවාව සක්‍රීය යි..! කෙදිනකවත් වැටලුවේ නැති ආර්.එම්.වී ය වටලා රුපියල් ලක්ෂ 40 කට අධික අල්ලස් මුදල් සමග ඉහළම ඇවරියේ තුනක් අල්ලයි..!

අල්ලස් කොමිසම අනෙක් රජයේ නිලධාරීන්ටත් අනතුරු අඟවයි

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.23, ප.ව.11.15) මාලිමාවේ දූෂණයට එරෙහි ඔත්තු සේවාව සක්‍රීය කර ඇති බව මොනවට පෙන්වමින් අල්ලසට කප් ගසා ඇති රජයේ දෙපාර්තමේන්තුවක් වන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ තිබී එක් දිනක අල්ලස් මුදල් වන රුපියල් ලක්ෂ 40 කට අධික මුදල් ගෝනි 4 ක් සහිතව එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා, කළමනාකරුවෙකු සහ සහකාර කළමනාකරුවෙකු අද(23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් සිදුකළ හදිසි වැටලීමක දී අත් අඩංගුවට ගත්තේ ය.

ප්‍රමාදයකින් තොරව මෝටර් රථ ලියාපදිංචි කරදීම සහ පැවරීම් කටයුතු සිදුකර දීම වෙනුවෙන් ලීසිං ආයතන, වාහන ගෙන්වන ආයතන සහ එහි පැමිණෙන සාමාන්‍ය ජනතාවගෙන් එක් දිනක් තුල ලබා ගත් අල්ලස් මුදල් ලෙස මෙම රුපියල් ලක්ෂ 40 කට අධික මුදල හඳුනාගෙන තිබේ. ඒ මන්ද යත් මේ මුදල් ලැබුනේ කෙසේද යන්න හෙලිකිරීමට නිලධාරීන් අපොහොසත් වීම නිසා ය. මෙසේ අල්ලස් ලෙස ලබාගන්නා මුදල් එහි සේවය කරන අන් අය සමග ද දිනපතා බෙදාගන්නා බවද හෙළි වී තිබේ.

අල්ලස් කොමිසමට ලැබුණු නිවැරදි ඔත්තු අනුව දිගු කලක් කළ ආවේක්ෂනයකින් පසුව අල්ලස් කොමිසමේ නිලධාරීන් අද බඩුත් සමග හොරු අල්ලා ගෙන තිබිණ.

කොමිසම අල්ලස් ගන්නා රජයේ නිලධාරීන්ට අනතුරු අඟවයි..

මේ සම්බන්ධයෙන් සවස ප්‍රකාශක් කළ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් හිටපු විනිසුරු රංග දිසානායක අල්ලස් ගන්නා රජයේ නිලධාරීන්ට අනතුරු අඟවමින් මෙසේ කීවේ ය.

"අපට ලැබුණු ඉතාම රහස් තොරතුරකට අනුව සෝදිසි වරෙන්තුවක් මත නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ වැටලීමක් සිදුකරනු ලැබුවා. එම වැටලීමේ දී රුපියල් 41 ලක්ෂ දාහත් දහස් තුන්සිය හතලිහක මුදලක් සොයාගෙන තිබෙනවා. එය සොයාගෙන තිබෙන්නේ කාර් පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස් වරයාගේ කාර්යාලයේ තිබී යි. එම පුද්ගලයින්ට එම මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කළ නොහැකි වූ බැවින් ඒවා අල්ලස් ලෙස ලබා ගත් මුදල් බව පෙනී යනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන් සහභාගී වී මේ අල්ලස් ගැනීම සිදුකරනු ලබන අතර අපට ලැබී තිබෙන තොරතුරු වලට අනුව එම මුදල් ඔවුන් අතර බෙදාගැනීම සිදුකරනවා. ඒ අනුව අද දින අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් "විජේසුන්දර මුදියන්සේලාගේ ඩිලන්ත නුවන් කුමාර" නමැති නියෝජ්‍ය කොමසාරිස් වරයාත්, එසේම "කින්මන්තුඩා රාළලාගේ ප්‍රදීප් නිශාන්ත පෙරේරා" නමැති කළමනාකරණ නිලධාරියාත්, "දවටගේ සමන්ත පෙරේරා" නමැති කළමනාකරණ සහකාර නිලධාරියාත් අත් අඩංගුවට ගනු ලැබුවා. අපිට ලැබී තිබෙන තොරතුරු වලට අනුුව මේ ස්ථානයේ පමණක් නොවෙයි, මෙවැනි රජයේ ආයතන රාශියක මේ ආකාරයෙන් අල්ලස ව්‍යාප්ත වී ඇති බව අපට පෙනී යනවා. අපි මෙවැනි රාජ්‍ය නිලධාරීන්ට එක පණිවුඩයක් දෙනවා. අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිෂන් සභාව මින් ඉදිරියට ඔබ ගැන විමසිල්ලෙන් ඉන්නවා. ඒ වගේම රටේ ජනතාවට කියන්න තියෙන්නේ අල්ලස් ගැනීම සහ අල්ලස් දීම යන දෙකම වරදක්. ඒ නිසා මින් ඉදිරියට අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිෂන් සභාව ඒ සියළු දෙනා ගැන විමසිල්ලෙන් සිටින බව කියන්න ඕනෑ. "

අත් අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා අද සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඉදිරියට පැමිණවීමෙන් අනතුරුව ලබන මස 06 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා ය.

---------------------------
by     (2025-05-24 00:22:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links