~

මත්ද්‍රව්‍ය ජාලයක අලුත් තොරතුරු සමග රු. ලක්ෂ 180 මුදලක් අල්ලයි..! 8 ක් අත් අඩංගුවේ..!!

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.23, ප.ව.11.15) ඩුබායි සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයක තොරතුරු රැසක් සමගින් රුපියල් ලක්ෂ 180ක මුදලක් කෑෂ් වශයෙන් සොයා ගැනීමට තොඩුවාව පොලිසිය සමත්ව තිබේ.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මත්ද්‍රව්‍ය තොගයක් මුහුදු මගින් ප්‍රවාහන කළ පිරිසකට මෙම මුදල් ලබාදීමට නියමිතව තිබී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාරවිල, තොඩුවාව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් ඊයේ (23) රාත්‍රී මහවැව, සිවිරාජ මාවතේ රථවාහන සෝදිසියක නිරතව සිටින අවස්ථාවේදී පුද්ගලයින් දෙදෙනෙකු සහිත සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කර ඇත.

එහිදී ත්‍රිරෝද රථය තුළ තිබූ කළු පැහැති ගමන් මල්ලක් පරීක්ෂා කිරීමේදී නිලධාරීන් දැක ඇත්තේ ඒ තුළ විශාල මුදලක් ඇති ආකාරයයි.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනාට සහ ත්‍රී රෝද රථයට ආරක්ෂාව සපයමින් ගමන් ගත් යතුරු පැදියක  අය ද අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන විත් තිබේ. ඊට පෙර ඔවුන් තමන් මුදා හැරීම සඳහා පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්ෂ 10 ක අල්ලසක් දීමට තැත් කර ඇතත් කොන්දක් තිබූ පොලිස් නිලධාරීන් එය ප්‍රතික්ෂේප කරමින් පිරිස අත් අඩංගුවට ගෙන ඇත.

මෙහිදී සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, පසුගිය 19 වැනිදා බේරුවලට නුදුරු මුහුදේදී කිලෝග්‍රෑම් 300කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙනවිත් ඇති බවය.

එම යාත්‍රාවේ සිටි ස්කිපර්වරයා ඇතුළු 6 දෙනෙකුට රුපියල් ලක්ෂ 30 බැගින් ගෙවීම සඳහා මෙම මුදල් රැගෙන ගොස් ඇති බවද ඒ අනුව හෙළි ව තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමට පෙර ජාවාරම්කරුවන් විසින් බහුදින ධීවර යාත්‍රාවට දී ඇති මුදල රුපියල් ලක්ෂ 70කි.

ත්‍රිරෝද රථයෙන් මුදල් රැගෙන ආ පුද්ගලයා ද බහුදින ධීවර යාත්‍රාවක හිමිකරුවෙකු වන අතර උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ එම යාත්‍රාව මීට පෙර මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් සමග ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එස්.ඒ.බී. ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම මත බහුදින ධීවර යාත්‍රාවේ ස්කිපර්වරයා හා කාන්තාවන් දෙදෙනකු තවත් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකටයුතු ත්‍රිරෝද රථයට ආරක්ෂාව සැපයූ යතුරු පැදිය ද සමගිනි.

ඩුබායිහි සිට මෙහෙයවන මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ මෙරට පුද්ගලයින් හලාවත, තොඩුවාව, මීගමුව, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට ද මේ වන විට අනාවරණ වී තිබේ.

සේයාරුවේ දැක්වෙන්නේ අත් අඩංගුවට ගන්නා ලද මුදල් ය

---------------------------
by     (2025-05-24 00:44:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links