(ලංකා ඊ නිව්ස් -2025.මැයි.24, ප.ව.11.00) 'හෙළ සිනමාවේ නිළි රැජින' ලෙස විරුදාවලිය ලත් ආචාර්ය මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා අද (24) අලුයම කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූවා ය. ඒ වන විට ඇයට වයස අවුරුදු 78 ක් විය.
ඇයගේ දේහය ඇය ජීවත්ව සිටි මාදිවෙල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත අද (24) සවස රැගෙන ආවේය.
දේහය හෙට (25) පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් තරංගනී සිනමා ශාලාවේ තැන්පත් කරනු ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණ ඇත.
ඒ අනුව අනිද්දා (26) දිනයේ උදය වරුවේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී මාලනී ෆොන්සේකා ගේ දේහයට මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී ඇති අතර සවස නිදහස් චතුරස්‍රයේ දී අවමංගල උත්සවය පැවැත්වීමට නියමිත ය.
---------------------------
by (2025-05-25 00:15:49)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි