~

කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හදා හසුවූ සහකාර පාලක අරුණ බණ්ඩාර සහ දඬුවම් නැති තවත් පරිපාලන කම්බ හොරුන් පිළිබඳ කතාවක්..!

-විශේෂ ලියුම්කරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.28, ප.ව.11.15) මේ දවස්වල ශ්‍රී ලංකාවේ පුවත් මවන දෙපිරිසක් සිටිති. ඔවුන්ගෙන් එක් පිරිසක් වනුයේ වනචර රාජපක්ෂ දශකයේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් කොල්ල කෑ දේශපාලුවන්ය. ඔවුන් දැන් වෙව්ලනුයේ නීතිය අකුරටම ක්‍රියාත්මක වන නිසාය. අනෙක් පිරිස වනුයේ මෙම දුෂිත දේශපාලුවන්ට යහමින් හොරකම් කරන්නට ඉඩ ලබා දුන් රාජ්‍ය පරිපාලන සේවයේ කම්බ හොරුන්ය. හැත්තෑ හය වසරක ශාපයකට සෘජුවම වගකිව යුත්තෝ මොවුන්ය.

නාරාහේන්පිට සුපිරි වැටලීම..

පසුගියදා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව සුපිරි ආකාරයේ වැටලීමක් සිදු කළේය. ඒ නාරාහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුගේ නිල කාමරයක් තුළ පගාව වශයෙන් ලබා ගත් රු හතලිස් එක් ලක්ෂයකට අධික මුදලක් සොයා ගනිමිනි.

අරුණ සම්පත් රූපසිංහ බණ්ඩාර, අන්ත දුෂිත, සල්ලාල චරිතයක්..

ඊට පසු දින වාර්තා වුයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. ඒ මහ දවල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුල පාතාලේ නායකයෙකු සැලකෙන ගණේමුල්ල සංජිව වෙඩි තබා ඝාතනය කරන ලද 'කෙහෙල්බද්දර පද්මේ' නම් තැනැත්තාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර තුනක් නිකුත් කිරිම සම්බන්ධයෙනි. මෙසේ අත්අඞංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2021 සීමීත තරග විභාග කණ්ඩායමේ අරුණ සම්පත් රූපසිංහ බණ්ඩාර (සේයාරුවේ දැක්වේ) නැමැත්තාය. මොහු මීට පෙර ද පරිපාලන නිලධරයෙකු ලෙස සේවය කර ඇති අතර එකල ද අන්ත දුෂිත, සල්ලාල චරිතයක් ලෙස හංවඩු ගැසී ඇත.

පළමු අවස්ථාව මෙය නොවේ.. නමුත් කිසිදු දඬුවමක් නෑ..

මේ ආකාරයට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිපාලන සේවයේ නිලධාරීන් අත්අඩංගුවට පත් වු පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද විධායක මට්ටමේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පාතාල කෙරුමන් දෙදෙනෙකු වන මතුගම ෂාන් සහ හීනටියන මහේෂ් යන තැනැත්තන්ට ව්‍යාජ පාස්පෝට් සාදා දීම සම්බන්ධයෙනි. එහෙත් අදටත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඒ පිළිබඳ ව වැඩ තහනම් කිරිමක් හෝ මුලික පරීක්ෂණයක් හෝ විනය ක්‍රියා මාර්ග ගෙන නොමැත. ඒ එසේ අසු වු මෙන්ඩිස් නැමැත්තා මිට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවය කිරිමත් වර්තමාන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉතා සමිපතම තැනැත්තෙකු වීමත් නිසා බව ප්‍රසිද්ධ රහසකි. දඩුවම් දීම කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන ආයතනය යටතේ ඇති ආයතනයන්හී පවත්වන පාඨමාලාවන්හි දේශකයන් ලෙස මෙම දුෂිතයන් කැඳවමින් දුෂණ සඳහා දිරිමත් කිරිම සිදු කරනු ලබයි.

පරිපාලන සේවයේ කම්බ හොරුන් පිනුම් ගසමින් දූෂණයේ යෙදෙමින් යහතින්..

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ අද සම්පුර්ණ බලය ඇත්තේ පරිපාලන සේවයේ නිලධාරීන් සතුවය. ආගමන නිලධාරින් හට උසස්වීම් පවා අහිමි කරමින් සියලුම තනතුරු තමන් වෙත බෙදා ගන්නා මේ පරිපාලන සේවයේ කම්බ හොරුන් පිනුම් ගසමින් අල්ලස් ලබා ගනිමින් මේ සියලු දුෂිත ක්‍රියාකාරකම්වල නිරත වේ. මෙය වැළැක්වීමට සියලු උපක්‍රම ගැනීම බලධාරින්ගේ වගකිමයි.

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි.

---------------------------
by     (2025-05-28 21:58:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links