~

කොළඹ වෙරළ පාරේ රාත්‍රිය වෙසක් කළාපයක් වෙයිද?

-වීරනන්දාබාහු ප්‍රශ්න කරයි

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.28, ප.ව.11.35) කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස, “වෙරළ රාත්‍රී ; නොනිදන කොළොම්පුරය” [Marine Nights: Awakening Colombo] නමින් සංචාරක කළාපයකට මුල පුරන බව කියා සිටියේය. රටේ වෙළඳ අගනුවරේ ආර්ථිකය ශක්තිමත් කිරීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා සංචාරකයන්ට අනුස්මරණීය අත්දකීමක් සැපයීම මෙහි අරමුණ බව කැබිනට් ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා තිබුණි.

මේ වෙනුවෙන් කොල්ලුපිටිය දුම්රියපොළේ සිට දෙහිවල දක්වා වූ කිලෝ මිටර 7.4 ක වෙරළ පාර හා ගාලු මුවදොර තණ නිල්ලේ සිට ශාන්ත තෝමස් ප්‍රාථමිකය දක්වා වූ මීටර් 400 දුර විශේෂයෙන්ම යොදා ගැණෙන බව ද ඇමතිවරයා පවසා තිබුණි.

නගරයක රාත්‍රි ජීවිතය නම්..

නගරයක රාත්‍රි ජීවිතය එහි ආර්ථිකයේත් නාගරික ජීවීතයේත් උත්කර්ෂයක් බව කාලයක පටන් පාළු රාත්‍රිවල කොළඹ කරක්ගසන නීශාචරයන් නොව කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍යයන් රස විඳින්නෝ දනිති. සත්තකින්ම මෙය විදෙස් සංචාරකයන්ට පමණක් නොව නගරයේ අමුත්තන්ට හා නාගරිකයන්ගේ ද හෝන්දුමාන්දු වූ ජීවිත පුබුදු වන්නකි. දැනට මේ නොනිඳන කොළඹ විඳින්නෝ අසීමිත ධනවන්තයෝය. මාලිමා ආණ්ඩුවෙන් යෝජනා කෙරෙන්නේ, එයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවර කිරීමකි

අපේ රටේ වැසියන් සතුටුවීමේ ප්‍රමාණය තීරණය කරන්නේ කව්ද?

එහෙත් අපේ රටේ දී වයස් භේදයකින් තොරව රටේ වැසියන් සතුටුවීමේ ප්‍රමාණය තීරණය කරන්නේ ආගමික නායකයන්, ඔවුන්ගේ බැතිමත් අනුගාමිකයන් හා පොලීසියයි. ජනයා රාත්‍රි විනෝදය සොයා යන විට පල්ලි, පංසල් හා කොවිල්වල පිංපෙට්ටි නොපිරෙන්නේය. පූජක ඔලොගු හිස්වන්නේය. ලෝකෝත්තර සැපත වෙනුවෙන් දෙව්ලොව හෝ ස්වර්ගයට යාමේ වුවමනාව හීන වන්නේය. ඒ වෙනුවට ලෞකික ජීවිතය විඳීම ආරම්භ වන්නේය.

ඇඟ නොරිදෙන සාක්කු පිරෙන "අපරාධ" සෙවීම..

රටේ පොලීසිය ද වෙහෙසෙන්නේ ඇඟ නොරිදෙන සාක්කු පිරෙන “අපරාධ” සොයන්නට ය. නැතිනම් අනීතික ගිනිඅවි, මිනීමරුවන් හා කප්පංකරුවන් මෙතරම් නිදහසේ අපරාධ කරන්නේ කෙසේ ද? මේ පොලීසියේ නිර්භීතම ක්‍රියා අපට හමුවන්නේ කසිප්පුකාරයන්, ගංජා ගොවියන් හා සම්භාහන ආයතන සොයා කෙරෙන වැටලීම්වල දී ය.

මාලිමා ආණ්ඩුවට පහසු නොවන්නේය..

මෙන්න මේ නිසා ‘නොනිඳන කොළඹක්’ එහි එන අමුත්තන්ට ද එහිම නාගරිකයන්ට ද ලබා දීම මාලිමා ආණ්ඩුවට පහසු නොවන්නේය. “වෙරළ රාත්‍රී: නොනිදන කොළඹ” ව්‍යාපෘතිය නිෂ්පාදන ආර්ථිකය වර්ධනයක් හැටියට වර්ධන කිරීම අභියෝගයක්ම වන්නේය.

-වීරනන්දාබාහු විසිනි

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/95

---------------------------
by     (2025-05-28 22:44:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links