~

ජාතිවාදය ආගම්වාදය හෝ වෙනත් කරුණු හේතු කොට ගෙන මර්දනයට ත්‍රස්ත විරෝධී පනත සකස් කරන්නේ නැහැ..!

-විවිධ සංවිධාන සහ පුද්ගලයින් 240 ක එකමුතුව සැකසූ යෝජනා බාරගනිමින් ඇමැති නීතිඥ හර්ෂන නානායක්කාර කියයි

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.29, ප.ව.7.40) ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අදාළව මහජන අදහස් ලබා ගැනීම යටතේ විවිධ සංවිධාන සහ පුද්ගලයින් 240 ක එකමුතුව විසින් සකස් කර අත්සන් කරන ලද යෝජනාවලියක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර  වෙත භාරදීම අද  පෙරවරුවේ (29) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය.

මෙම අවස්ථාවේදී අධිකරණ අමාත්‍ය වරයා මෙසේ අදහස් පළ කළේය.

"ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගෙන ඒමට පසුගිය ආණ්ඩු විසින් කමිටු ගණනාවක් පත් කර ඉදිරියට ගෙන ගොස් තිබුණද පනතක් සකස් කිරීමට පියවර ගෙන නැහැ. මේ පිළිබදව රජය විසින් කමිටුවක් පත් කළා . ඒ කමිටුවට අදහස් හා යෝජනා ලබා දෙන ලෙස අපි ප්‍රසිද්ධ ඉල්ලීමක් මහජනතාවට කළා. ඔබ විසින් ලබා දුන් යෝජනා සාධනීය ලෙස අපි භාර ගෙන අදාළ කමිටුවට ඉදිරිපත් කරනවා. අපි ජනතාවට හොඳින් සවන් දෙන රජයක් බව කිව යුතුයි. බලයට ඒම සඳහා අපි ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කරනවා. නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගනිමින් වාර්තාවක් සකස් කරනවා. ඒ සඳහා ද අදහස් ලබා ගැනීම සිදු කරනවා. ජාතිවාදය ආගම්වාදය හෝ වෙනත් කරුණක් හේතු කොට ගෙන මර්දනය සඳහා භාවිතා කිරීමට මේ පනත සකස් කරන්නේ නැහැ. ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීමේදී මෙවැනි පනතක් අත්‍යවශ්‍යයි. ලෝකයේ වෙනත් රටවල ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් තිබෙනවා. ඒ පනත් මානව හිමිකම් ආරක්ෂා වන පරිදි ඒ රටවල් විසින් සකස් කර තිබෙනවා. රට ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන බැවින් මෙවැනි පනතක් පැවතිය යුතු වෙනවා"

---------------------------
by     (2025-05-29 14:21:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links