(ලංකා ඊ නිව්ස් -2025.මැයි.30, ප.ව.11.20) එදා.., අනුර ෆයිල් තියනවා කිව්වාම එලියට දාපං කිව්වා.., දැම්මා..
එලියට දැම්මාම නඩු දාපං කිව්වා.., නඩුත් දැම්මා..
නඩු ඉස්සරහට ගියේ නැති උනාම හොරුයි උන්ගෙ වහල් බයියොයි එකතුවෙලා අනුරට කෝචොක් කළා..,
අනුර කිව්වා තමා බලයට පැමිණි පසු අධිකරණ පද්ධතිය ශක්තිමත් කොට කොමිෂන් සභා ශක්තිමත් කොට වේගයෙන් නඩු දුවවනවා කියලා..
කිව්වා වගේම අනුර ජනාධිපති වෙලා අනුර ලග තිබ්බ ෆයිල් එකින් එක අදින්න පටන් අරන්
මහින්දානන්ද වසර 20 කට ඇතුලට ගියා.. නලින් ප්‍රනාන්දු වසර 25 කට ඇතුලට ගියා..
හැබැයි එදා අනුරට හිනා වුනු බයියො.. ඒ අනුරගෙ ෆයිල් නෙවෙයිය..අනුර හෝ ජවිපේ වසන්තගෙ දූෂණ විරෝධි හඩ දැමූ නඩු නෙවෙයිය..කියමින් කෙඳිරිගාන්න පටන් අරන්..
මෙන්න එහෙනම් බලාගනිල්ලා නඩු අංකත් එක්ක තියන ෆයිල් 800 ගානෙන් පොඩි ප්‍රමාණයක්
* නඩු අංක BC / 2399 / 15 - මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව කැරම් බෝඩ් නඩුව - නඩුව ඇහුවා, තීන්දුව දුන්නා, මහින්දානන්ද අවුරුදු 20 යි, නලින් ප්‍රනාන්දු අවුරුදු 25 යි බරපතල වැඩ ඇතිව ඇතුලට ගියා. දඩත් ගැහුවා.
* නඩු අංකය: BC/ 902/ 15A - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි වත්කම් නඩුව,
* නඩු අංකය: BC/2992/15 - හිටපු අගමැති මහින්ද රාජපක්ෂට එරෙහි වත්කම් නඩුව
* නඩු අංක: BC/902/15, BC/837/15, BC/ 637/15, BC/ 1769/15 - බැසිල් රාජපක්ෂට එරෙහි වත්කම් නඩු
* නඩු අංක: BC/1253/15, BC/3130/15, BC/1614/15 සහ BC/462/16 - නාමල් රාජපක්ෂට එරෙහි වත්කම් නඩු
* නඩු අංකය: BC/1811/16 – යෝෂිත රාජපක්ෂට එරෙහි වත්කම් නඩුව
* නඩු අංකය: BC/ 289/15 - පොදු දේපළ අවභාවිතය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව
* නඩු අංකය: BC/C/ 2160/16 - අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් නොමැතිව ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳුණු ආකාරය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුව
* නඩු අංකය: BC/11/15 - ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ දූෂණවලට සම්බන්ධ භාෂ්වර සේනාංක සහ රූමි ජවුෆර්ට එරෙහි නඩුව
* නඩු අංකය: BC/ 438/ 16- හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව
* නඩු අංකය: BC/1586/15 - හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නගේ සම්බන්ධීකරණ ලේකම්ට එරෙහිව දූෂණ නඩුව
* නඩු අංකය: BC/2591/15 – ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ධම්මික පෙරේරාට එරෙහිව දූෂණ නඩුව
* නඩු අංකය: BC/ 41/ 15D- කෙහෙළිය රඹුක්වැල්ලට සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු පරිපාලනයට එරෙහිව දූෂණ නඩුව
* නඩු අංකය: BC/0290/17 – මේජර් ජෙනරාල් විජේගුණවර්ධන සහ තක්සේරු නිලධාරීන්ට එරෙහිව දූෂණ නඩුව
මේ අතර ඉල්ලා අස්කරගෙන ඇති හිටපු අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ දේශපාලන හිතවතුන්ට එරෙහිව පවරා ඇති පහත සඳහන් නඩු යළි ගොනු කිරීමකින් තොරව වසා දැමීම සඳහා පසෙකට දමා තිබෙනවා. බහා තියලා තියෙන්නේ ඒවාත් යළි උඩට ගනීවි
* නඩු අංකය: BC/144/05- රෝහිත අබේගුණවර්ධනට එරෙහිව වත්කම් නඩුව
නඩු අංකය: BC/ 1456/12 - කෙහෙළිය රඹුක්වැල්ලට සහ මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහිව නඩු දොළහක්
* නඩු අංකය: BC/716/15 - ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව දූෂණ නඩුව
* නඩු අංකය: BC/41/15/ - කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි දූෂණ නඩුව
-මුල් කර්තෘ නොදනී - සමාජ මාධ්‍යයේ සංසරණය වූවකි.
---------------------------
by (2025-05-30 21:58:45)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි