~

අපි කැමති නෑ ජනතා මුදල් අවභාවිතා කළා කියලා නමක් ගෑවෙනවාටවත්.! ඊට වඩා හොඳයි හේනක් කො⁣ටාගෙන ජීවත් වෙනවා..!!

-ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍ය සුසිල් රණසිංහ

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.01, ප.ව.11.10) අපි හරි භයයි නීතියට, සාමාන්‍යයෙන් දේශපාලඥයෝ නීතියට භය නෑ, අපි හරි භයයි නීතියට. ඒක තමයි දේශපාලනයේ ඇති වෙච්ච වෙනස, අපි හරි භයයි මහජන මුදල් කාබා සීනියාකළා හොරකම් කළා කියලා, නම ගෑවෙනවාට, නම කැත වෙනවාට අපි භයයි. වැඩ කරන්න ඕන මහජන මුදල් අවභාවිතා නොකර, කාබාසීනියා නොකර, ඒවා යටිමඩි ගහන්නේ නැතිව, අපිට තියෙන අභියෝගය ඒක තමයි. අපි කැමති නෑ ජනතා මුදල් අවභාවිතා කළා කියලා නමක් ගෑවෙනවාටවත්. ඊට වඩා හොඳයි හේනක් කො⁣ටාගෙන ජීවත් වෙනවා යැයි ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ එප්පාවල අධිරානීගම මංසන්ධියේ සිට කටියාව දක්වා දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්ය. පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කිලෝ මීටර හතරකට ආසන්න දුරක් සහිත මෙම මාර්ගය තාර අතුරා ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"අද මම ආවේ පාර හදන එකට මගේ නම ගහගෙන යන්න නෙමේ. වෙන ආණ්ඩුවල නම් පාර හදනවනම් ඉස්සෙල්ලම බෝඩ් එක, බෝඩ් එකේ අහවල් ඇමතිතුමා කියලා ෆොටෝ සමහරවිට හතර පහක්, නම් හතර පහක් ගහලා, නම කොටාගෙන තමයි වැඩේ පටන් ගන්නේ, මේ ජනතාවගේ මුදල්, පොදු මුදල්, ඒ පොදු මුදල් වලින් පාරවල් හැදෙනවා මේක මේ මගේ සාක්කුවෙන් දාන සල්ලි නෙවෙයි. මේ පාර හදාගන්නේ නැතුව මේ වලවල් තියෙන නිසා කොච්චර මිනිස්සු දුක් විඳිනවාද කියලා ඔබ දන්නවා. පාරවල් හදන්න ඒ ආයතන මෙහෙයවන්න අපට බලයක් දීලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීම් කරලා තියෙනවා මේ පාරේ යන්න බෑ , මිනිස්සු දහස් ගණනක් දුක් විඳිනවා. මේකට මොනවා හරි කරන්න ඕනේ කියලා. කියන අර්ථයෙන් මේකට මුදල් වෙන් වෙලා තියෙනවා.

අපේ විදිහ වෙනස්..

අපේ ආණ්ඩුව වෙනස්, අපිට මේ කරන වැඩ වල කුරිය ගහගන්න ඕන නෑ අපේ නමින්, ෆොටෝ එක ගහලා නම ගහලා ඊට පස්සේ ඒකේ සත්තු වහලා කුරුල්ලො වහලා  ජරා කරලා, එහෙම පීචං වෙන්න අපට ඕන නෑ.හැබැයි දැන් පත්වෙලා තියෙන රජය ජනතාවාදී ආණ්ඩුවක්, අපි ජනතාවාදී ආණ්ඩුවක්, ජනතාවාදී ආණ්ඩුවක් කියන්නේ ජනතාව එක්ක, ජනතාවට අවශ්‍ය පරිදි ජනතාවත් එක්ක එකතු වෙලා,ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්,වෙනදා ආණ්ඩු හැදුනා ඒ ආණ්ඩු හැදුනේ ආණ්ඩුවට වැඩ කර ගන්න,ආණ්ඩුව පත්වෙනවා බලය පාවිච්චි කරනවා, ආණ්ඩුවට දේවල් කර ගන්නවා.හරිහම්බ කරගන්න ඒවා, සැප විඳින ඒවා,දේවල් බෙදාගන්න ඒවා, වැජඹෙන ඒවා ඔක්කොම ආණ්ඩුවලට.ඒ නිසා ආණ්ඩු පත්වෙලා ආණ්ඩු වලට කරගෙන ආණ්ඩුවේ වැඩක් විදිහට, ඒ කට්ටියගේ වැඩක් විදිහට තමයි මොනවා හරි සංවර්ධනය වැඩ කටයුතු වෙන්නේ.අපේ විදිහ වෙනස් , අපිව බලයට ගෙනාවේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන දැන් අපිට රටේ සංවර්ධනය ඕන ජනතාවට ඕන සංවර්ධනයක්.ජනතාව ඉල්ලන්නේ මොකක්ද ඒක.අපිට රටේ ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. රටේ යටිතල පහසුකම් ගත්තොත් ඔක්කොම දේවල් හදන්න ඕන තමයි.නමුත් ආර්ථිකයකට ශක්තිමත් නෑ.මේ තියෙන හැටියට, මේ තියෙන ප්‍රමාණයෙන් මිනිස්සුන්ට අත්‍යවශ්‍යය දේවල් සම්පාදනය කරන එක තමයි අපේ මූලික කටයුත්ත.

අදත් චීන ඇමති කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ආයෝජකයෝ සීයක් අරගෙන..

අපි කොහේ බැලුවත් සෞඛ්‍ය,වාරී මාර්ග, ඇළ පද්ධති , පාරවල් බැලුවත් මොනවා බැලුවත් මේක තමයි තත්ත්වය, අපේ රටේ මිනිස්සුන්ට හොඳ සේවාවක් දෙන්න නම්, අපිට හොඳට කටයුතු කරගෙන යන්න නම් හරියට ගොවිතැන්බත්  කරගන්න නම් මේවා දියුණු පමුණු වෙන්න ඕන.දැන් තියෙන අභියෝගය මේ ඔක්කොම අවුරුද්දකින් එකහමාරකින් කරන්න බෑ, හැබැයි මේ විදිහට යන්නත් බෑ. ඔන්න දැන් ඔයාලා අපිට බාර දුන්න ජොබ් එක ඔන්න දැන් මේ රට දියුණු කරපල්ලා.බලය දීලා තියෙන්නේ , අනෙක් පැත්ත හැරලා බැලුවහම අපේ රට බංකොලොත්.අපි ඇවිල්ල තමයි මේ බංකොලොත් භාවයෙන් මුදාගෙන යන්තම් ඔලුව ඉස්සුවේ.දැන් මාස තුන හතරයි,දැන් යන්තම් පොඩ්ඩක් පණ ගහගෙන එනවා.ඒත් තාම දැලි පිහියෙන් කිරිකනවා වගේේ තමයි ආර්ථිකය තියෙන්නේ.ඒ හින්දා අපිට අංක එකේ අභියෝගය තමයි ආර්ථික ස්ථාවර කරන එක.දැනට යන විදිහ හොඳයි . සංචාරකයෝ එනවා, ඩොලර් එනවා. ආයෝජකයෝ එනවා, අදත් චීන ඇමති කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ආයෝජකයෝ සීයක් අරගෙන.අපිට විදේශ සම්බන්ධතා නෑ කියලනේ කිව්වේ, ඔය එන්නේ විදේශ සම්බන්ධතා.ආයෝජන එනවා අපි අපනයන වැඩියෙන් කරනවා.ඩොලර් එනවා,සංචාරකයෝ එනවා,පිටරට ජොබ් කරන අය සල්ලි එවනවා.එහෙම ආර්ථිකය දැන් ස්ථාවර වෙමින් එනවා.අපි ආර්ථික ස්ථාවරය  කරනවා.2028 වන විට ණය ගෙවන්න ඕන අපි ඒ වෙනකොට ආර්ථිකය  පවත්වා ගත යුතු වර්ධන වේගයක් තියෙනවා.අපි ඒක කරන්න ඕන.ඒ නිසා ආර්ථිකය ස්ථාවර පවත්වා ගනිමින් රටේ තියෙන යටිතල පහසුකම් දියුණු කරන එක තමයි අපේ අභියෝගය.හැම ගමකම බිමකම පාරවල් හොඳට හදන්න පුලුවන්නම් ඇලවේලි හදන්න පුලුවන්නම්.ඉස්කෝල හදන්න පුලුවන්නම් ඉස්පිරිතාලවල අඩුපාඩු හදන්න පුළුවන් නම් අපේ රට කොහොම තියෙයිද?ඒක තමයි අපේ සිහිනයේ ඒකට අභියෝගයක් තියෙනවා ආර්ථිකය.නමුත් ආර්ථිකයත් හදාගෙන හැකි ඉක්මනින් මේ‍ අත්‍යවශ්‍යය  යටිතල පහසුකම් සංවර්ධනය කරන එක තමයි අපේ අරමුණ. වෙන අරමුණු අපිට නෑ.වෙනදා ආණ්ඩු හැදුවේ ඒ  ආණ්ඩුවල වුමනාවටනේ.

මේක වෙනස් කරන්න කල්පයක් කල් දාන්නත් බෑ..

ආණ්ඩු හදනවා ඒ කට්ටියගේ දේවල් කරගන්න.අපි ආණ්ඩු හැදුවේ ඒකට නෙමෙයි.මිනිස්සුන්ගේ දේවල් කරන්න රටේ දේවල් කරන්න,ඒ නිසා අපි ඇවිල්ලා ඉන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට මිනිස්සු බලාපොරොත්තු වෙන දේවල්, මිනිස්සුන්ට ජීවිතයක් ලබාදීමේ අරමුණින්.ඒ හින්ද තමයි අපි දැම්මේ තේමාව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා.ඒවා නිකං වචන නෙමෙයි.අපේ ජීවිත දැන් ලස්සන නෑ . දුක් දෝමනස්සයන් වැඩියි.දුක් විඳිනවා වැඩියි, කිසි සැප පහසුකමක් නෑ, හැම වෙලාවේම ණය ණය ණය, රෝල් රෝල් රෝල්. ඔහොමනේ තියෙන්නේ පොලියට ගන්නවා, ණයට ගන්නවා.ඕක තමයි තියෙන්⁣නේ මේක වෙනස් කරන්න ඕන.ඒක වෙනස් කරන්න කල්පයක් කල් දාන්නත් බෑ.ඒ හින්ද අපි රජය විදිහට සැලසුම් හදමින් ඉන්නවා.කෘෂිකර්ම අමාත්‍යංශ විදිහට අපි සැලසුම් හදමින් ඉන්නවා ගොවියගේ ආදායම කොහොමද වැඩි කරන්නේ, කෘෂිකර්මාන්තයේ වෙනසක් ඕන දැන්, ඒකට අපි සැලසුම් හදමින් ඉන්නේ දැන් . දැන් ඒවා මේ ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා.

ඉදිරි හොඳ සංවර්ධන පිම්මක් පනින්න සැලසුම් කර ගෙන ඉන්නවා...

අපි රජය පටන් අරගෙන අයවැයෙන් මුදල් වෙන්කරගෙන, දැන් අපි හැම අමාත්‍යංශයම වැඩ පටන් අරගෙන තියෙන්නේ, ඒ වැඩ කියන්නේ අර නම් ගහ ගන්න වැඩ නෙමයි, ඊළඟ ඡන්දෙදි දිනන්න, මහ මැතිවරණයේදී දිනන්න ඡන්ද හදාගන්න වැඩ නෙමෙයි.සාමාන්‍යයෙන් වෙන්නේ මහ මැතිවරණයකින් පත්වුණා. හැමෝම බලනවා ඊළඟ මහ මැතිවරණයේදී මං කොහොමද පාර්ලිමේන්තු යන්නේ කියලා.ඒකට ඡන්ද හදාගන්නේ කොහොමද ? ඡන්ද හදා ගැනීම සදහා තමයි වැඩ,පාරක් හදනවා නම් මගේ නම තියෙන්න ඕන,පාර හදනවනම් මගේ රූපෙ තියෙන්න ඕනේ අපි මේ කවුරුත් ඊලඟ සැරේ පාර්ලිමේන්තු යන්න බලාපොරොත්තු වෙන මිනිස්සු නෙමෙයි.අපි බලන්නේ මේ වෙලාවේ අපිට දීලා තියෙනජොබ් එක හරියට කරන්න.අපි හදන්නේ අපිට වැඩිය හොඳ මිනිස්සු, අපිට වැඩිය දක්ෂ මිනිස්සුන් ජාතික ජන බලවේගයෙන් ඊළඟ සැරේ පාර්ලිමේන්තු යන්නේ කොහොමද කියලා අපි බලන්නේ.තව හොඳ මිනිස්සු ඉන්නවා, ලෝකේ දැකපු මිනිස්සු ඉන්නවා.තරුණ කට්ටිය ඉන්නවා.ඔන්න ඔය කියන තැනට අපි ඇවිල්ලා ඉන්නේ.රටේ හැම අමාත්‍යාංශයක්ම ගත්තම , හැම දෙපාර්තමේන්තුවක්ම ගත්තම,හැම අංශයක්ම ගත්තාම ඉදිරි හොඳ සංවර්ධන පිම්මක් පනින්න සැලසුම් කර ගෙන ඉන්නවා.ඒ වගේම දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් අපි මීටත් වැඩිය හොඳ වෙන්න බලාගෙන යනවා.අපි මීටත් වැඩිය හොඳ, තවත් හොඳ  දේශපාලන පක්ෂයක් බවට පත් වෙන්න බලාගෙන යනවා.ඒ නිසා රටේ දේශපාලන ක්ෂේත්‍රයේත්,  ආණ්ඩුකරණයේත්, රටේ සංවර්ධනයේත් අලුත් යුගයක් ඇවිත් තියෙනවා.

අපි හරි භයයි නීතියට...

දැන් ඔය නම් ගහන්නෑ වගේම, බෝඩ් ගහන්නෑ වගේම, සංදර්ශනත් නෑ.අද මේ උත්සවයට වියදමක් නෑ.අපි දෙයක් කරනකොට රජයයි නිලධාරිනුයි ගමයි මිනිස්සුයි එකතු වෙන්න ඕන.ඒකෙ පොඩි උත්සවාකාරයක් තියෙන්න ඕන.අපි අපි අදහස් බෙදා ගන්න ඕන.අපි මේවට එකතු වෙන්න ඕන ඒකට හැබැයි ලක්ෂ ගණන් වියදම් කරන්න ඕන නෑ. වියදම් කරලා හිරේ යන්න ඕනෙත් නෑනේ, දැන් ඔය මේ දවස්වල පත්තු වෙන්නේ බඩු පෝලිමට ඒවා කරපුවා තමයි.අපි හරි භයයි නීතියට, සාමාන්‍යයෙන් දේශපාලඥයෝ නීතියට භය නෑ, අපි හරි භයයි නීතියට.ඒක තමයි දේශපාලනයේ ඇති වෙච්ච වෙනස, අපි හරි භයයි මහජන මුදල් කාබා සීනියාකළා හොරකම් කළා කියලා, නම ගෑවෙනවාට, නම කැත වෙනවාට අපි භයයි.වැඩ කරන්න ඕන මහජන මුදල් අවභාවිතා නොකර,කාබාසීනියා නොකර, ඒවා යටිමඩි ගහන්නේ නැතිව, අපිට තියෙන අභියෝගය ඒක තමයි.

මම නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට මහවැලියට උපදෙස් ලබා දීලා තියෙනවා මම  සහභාගී වෙන්න තියෙන නියමිත හැම වැඩසටහනකම ඇස්තමේන්තුව කලින් එවන්න කියලා. මට ඇස්තමේන්තුව බලන්න ඕන.ඇස්තමේන්තුව ගෙන්නගෙන මම ඒක කපනවා කොටනවා, ඒක අඩු කරනවා මම කියනව ඊට පස්සේ මෙච්චරයි. මගේ නම පාවිච්චි වෙලා, උත්සවයක් මහා සංදර්ශනය කරලා ලක්ෂ ගණන් වියදම් කරන්න ඕන නෑ.උත්සව ඕන ,රැස්වීම් ඕන, මිනිස්සු එන්න ඕන,මේවා හොඳ ආරම්භයක් පටන් ගන්න ඕනේ ,මේවා ජනතාවගේ දේවල්, ජනගත වෙන්න ඕන, හැබැයි සංදර්ශන ඕන නෑ.මම මහවැලියට දන්වලා තියෙනවා මම එන ක්⁣ෂ්‍රේත්‍රයේ වැඩසටහන්වලට මම එද්දි එද්දී මහවැලියේ වාහන දහයක් පහලොවක් තියෙන්න බෑ, වාහන  දෙකයි, තුනයි ඊට වැඩිය  බෑ .

තලාව ප්‍රාදේශීය සභාව අපි 02 දා පිහිටවනවා

තලාව ප්‍රාදේශීය සභාව අපි 02 දා පිහිටවනවා, මේ ප්‍රාදේශීය සභාවේ මාර්ග නඩත්තු ඒකකයක් අපි වෙනම පටන් ගන්නවා.බොරළු කුලියට ගන්නේ නෑ.  බොරුළු මිලදී ගන්නෑ ප්‍රාදේශීය සභාවෙන්, බොරළු වලවල් ගන්නවා ප්‍රාදේශීය සභාව.යන්ත්‍ර සූත්‍ර ගන්නවා ප්‍රාදේශීය සභාවට අයිති පාරවල් හදන්නේ ප්‍රාදේශීය සභාවෙන්, ඕක වුනේම නැති කතාවක්,බොරළු ඉහින වැඩේට මන්ත්‍රීවරු හරි කැමතියි. බොරළු ඉහින එකේ කොන්ත්‍රාත් එකෙන් තමයි හොඳටම හම්බ කරන්නේ.ඒ කථා ඉවරයි දැන්, ඒ කතා ඉවරයි ඒ සංස්කෘතිය ඉවරයි, ජූලී 02 පිහිටුවන ජාතික ජන බලවේගයේ තලාව ප්‍රාදේශීය සභාවෙන් අපි මාර්ග නඩත්තු ඒකකයක් පටන් ගන්නවා, ඒ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු කොන්ත්‍රාත් පස්සෙ යන්නෙ නෑ, කොන්ත්‍රාත්වලින් කොමිස් ගන්නේ නෑ, කොන්ත්‍රාත්වලින් කුට්ටිය ඉල්ලන්නේ නෑ. තමන්ගේ කොට්ඨාසෙ කොන්ත්‍රාත් එක්ක මට ඕන කියලා කියන්නේ නෑ . ප්‍රාදේශීය සභාව පාවිච්චි කරලා හැකි තරම් දුරට කළ හැකි උපරිමයක්, ජනතාව වෙනුවෙන් කරනවා, අපි හිතාගෙන ඉන්නවා සති දෙකක් තුනක් ඇතුළත සභාව තුළ ඉක්මනින් සංවර්ධන කරන්න පුලුවන් පාරවල් ගොඩක් තියෙනවා මෝටර් ග්‍රේඩර් කරන්න, බොරලු  දාන්න තලන්න, ප්‍රතිසංස්කරණය කරන්න.මාර්ග දෙසතියක් නම් කරලා පාරවල් ටික හදන්න අපි බලාපොරොත්තු වෙනවා.සංවර්ධනය පටන් ගන්න ඕන අපිට බලය දුන්නේ ඒකටනෙ.දැන්  පහුගිය සති දෙක තුනේ කෑ ගහ ගහ හිටියා, අපිට චන්දෙ දුන්න කට්ටියත් පොඩ්ඩක් අප්සට් එකේ හිටියා ආණ්ඩුවක් පත් කර ගත්ත මොකක්වත් නෑනේ කියලා, පාරට බොරලු ටිකක් වත් නෑනේ කියලා.පාරට බොරු දාන්ඩ බෑ ප්‍රාදේශිය සභාව නෑනේ, දැන් ප්‍රාදේශ සභාවල් දුන්නා, අපි අයවැයෙන් සල්ලි වෙන් කරලා, වැඩසටහන් හදලා කොන්ත්‍රාත් ප්‍රදානය කරලා, කොන්ත්‍රාත්කරුවන්ට දුන්නට පස්සේ තමයි වැඩ, ඔන්න දැන් වැඩ පටන් ගන්නවා.

හෙට අනිද්දා අහන්න එපා අයියෝ මෙච්චර වැඩ කරනවද? කියලා..

දැන් වැඩ පටන් අරන් තියෙන්නේ, පහුගිය දවස්වල තිබ්බා කෝ වැඩ නෑ වැඩ නෑ කියලා.හෙට අනිද්දා අහන්න එපා අයියෝ මෙච්චර වැඩ කරනවද? ආණ්ඩුවකින් කියලා.මේ හැම වැඩක්ම පිරිසිදුවට, කොලිටියට, කල්පවතින්න, මිනිස්සු එක්ක එකතු වෙලා මිනිස්සු සෑහීමකට පත්වෙන වැඩ වෙයි.ඉස්සර ලස්සනට නම දාලා රූපෙ දාලා බෝඩ් එක ගැහුවට,මිනිස්සුන්ට සැකයි.ඔය තිබ්බට ඕකේ බොරුලු ටිකක් කියලා සල්ලි ගන්නවද මිනිස්සු ආණ්ඩුවයි ඈත් වෙලා තිබුණේ.මිනිස්සුයි රාජ්‍යතන්ත්‍රයයි ඈත් වෙලා තිබුණේ හැබැයි රට දියුණු කරන්න නම් දේශපාලනඥයයි, රාජ්‍යයන්ත්‍රණයයි, මිනිස්සුයි එකතු වෙන්න ඕන.

සාමාන්‍යය ජීවිතයට අපි කැමතියි..

අපේ ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ සිට ඉන්නේ සාමාන්‍ය මිනිස්සු , ජනාධිපති කියන්නේ තඹුත්තේගම සාමාන්‍ය පවුලක සාමාන්‍ය මිනිහෙක් අපිත් මේ ගම්බිම් වල හැදිච්ච සාමාන්‍ය මිනිස්සු ඒ හින්දා අපිට චන්දෙ දුන්නෙත් සාමාන්‍ය මිනිස්සු, ඡන්ද හැදුවෙත් සාමාන්‍ය මිනිස්සු.අපේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ පත්වුවෙත් සාමාන්‍ය මිනිස්සු, අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වුණා කියලා ඇමතිවරු වුණා කියලා අපි මහ පොළොවෙන්උඩ නෑ. එදා හිටපු ගෙදර ඒ විදිහමයි. එදා හිටපු ගෙදරමයි ඒදිහමයි කිසි දෙයක් වෙනස් වෙලා නෑ, ඒ සාමාන්‍යය ජීවිතයට අපි කැමතියි.සාමාන්‍ය මිනිස්සු අතර ඉඳගෙන තමයි ආණ්ඩු කරන්න ඕන.නැත්තං හැදෙනවා පිස්සු.ගහනවා පිස්සුවක් ඔලුවට, ඒ පිස්සුව ගැහුවම බලයෙන් උමතු වෙනවා කරන්නේ මොකක්ද කියලා හිතා ගන්නබෑ ඊට පස්සේ එයාලා හිතනවා අපිට ඉහලින් යන්න ජගතෙක් නෑ කියලා.මොකද කරන්නේ? කරන්න තියෙන වැඩ ඔක්කොම කරනවා ආං ඒ වැඩ කරපු කට්ටිය දැන් පෝලිමේ යනවා.හිතුවේ නෑ කවදාවත් බලය ගිලිහෙයි ඒ කට්ටිය කරපු වැඩ ප්‍රශ්න කරන නඩු වැටෙන නීතිය හමුවට ගෙනියන වතාවරණයක්, කාලයක් එයි කියලා හිතුවේ නෑ, බලයෙන් ඉදිමිලා කරපු වැඩ,අපි ඒ වැඩ වලට භයයි.ඒ නිසා වැඩ කරනවා හැම ගහන අත්සනකටම හැම ලියන ලියුමකටම ආයේ ආයේ ආයේ කියවලා තමයි අපි වැඩ කරන්නේ අපි කැමති නෑ ජනතා මුදල් අවභාවිතා කළා කියලා නමක් ගෑවෙනවාටවත්.ඊට වඩා හොඳයි හේනක් කො⁣ටාගෙන ජීවත් වෙනවා යැයි පැවසීය.

-සේයාරූ සහ වාර්තාව

අනුරාධපුරයේ තිසර සමල්

---------------------------
by     (2025-06-01 19:41:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links