~

මරා යුගයේ දී පිරමිඩ් සමාගම් 3 කට නඩු නොදමා නීතිපතියේ දී නඩු ගොනු හැංගුවේ කව්ද?

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.04, ප.ව.11.00) වර්ෂ 2011දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  එවකට රටේ දුප්පත්  ජනයාගේ මුදල් ගසාකන පිරමිඩ් ජාල පවත්වාගෙන ගිය කොම්පැනි 3 ක් පිලිබඳව විමර්ශනය කොට නඩු පැවරීම සඳහා ලිපි ගොනු 3 ක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කෙළේ ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ යොමු අංකය 02/17/900/0041/01 වේ.

එම ගොනු 3 නඩු පැවරීම සඳහා අනුයුක්ත කරනු ලැබුවේ එවකට රජයේ අධිනීතීඥයකු වූ සහ දැනට ලොකු ලොකු තනතුරු දරණ "පීරිස්" කෙනෙකුට ය.  නීතිපති දෙපාර්තමේන්තුව එම ගොනු 3 ම සඳහා අනුයුක්ත කරනු ලැබු නිතීපති අංකය CR1/AML/CFT/05/2012 වේ.

පීරිස් කළ යුතුව තිබුනේ..

පීරිස් කළ යුතුව තිබුනේ එම ගොනු පරීක්ෂා කර නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ශි තිබේ නම් එම සමාගම් 3 ට  විරුද්ධව නඩු පැවරීමය. නඩු පැවරීමට තරම් ප්‍රමානවත් සාක්ශි නොමැති නම් ඒ බව සඳහන් කොට ශ්‍රී ලංකා මහ  බැංකුව වෙත දන්වා වැඩිදුර පරීක්ෂන සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත වැඩිදුර පරීක්ෂන කිරීමට උපදෙස් ලබා දීමය.

වර්ෂ 2011 සිට මේ දක්වා මෙම පිරමීඩ සමාගම් සම්බන්ධයෙන් කිසිදු නඩු කටයුත්තක් සිදු නොවීය. එම පිරමීඩ  සමාගම් 3 වර්ෂ 2015 වන විට ලංකාවේ මුදලින් රුපියල් බිලියන 14 කට ආසන්න මුදල් ප්‍රමානයක් විදේශයන්ට රැගෙන ගොස් එම සමාගම් ද වසා දමා ඇත. ඒ යුගය මහින්ද රාජපක්ෂ රජකම් කළ කුප්‍රකට යුගය බවද මතක තබා ගත යුතුය.

නමුත් පීරිස් රහසේම කෙළේ..

වසර 2011 සිට අද දින දක්වා මෙම ගොනු 3 එනම් නිතිපති දෙපාර්තමේන්තු අංක CR1/AML/CFT/05/2012 දරණ ගොනුව එවකට CR1 ගොනු අධීක්ෂනය කරන කිසිදු නිලධාරීයෙකුට නොදන්වා රහසේම පීරිස් විසින් ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරය වෙත යොමුකර ඇත.

මෙම ගොනුවේ පිටු 1700 හෝ 2000 කට කිට්ටු පිටු සංඛ්‍යාවක් ඇත. එය අඟල් 8 ක් පමන උස ගොනුවකි. මෙම ගොනුව සම්පුර්ණයෙන්ම සමන්විත වනුයේ  ශ්‍රී ලංකා මහ බැංකුව පිරමීඩ සමාගම් සම්බන්ධයෙන් සිදුකර තිබූ  රහසිගත පරීක්ෂන කටයුතු පිලිබඳ වාර්තා සහ සාක්ශි සටහන්  වේ.

නීතිපති දෙපාර්තමේන්තුව එම ගොනුවට ඇතුලත් කර තිබුනේ ෆයිල් කවර 3 ක් සහ සටහන් තබනා කොල 2 ක්  පමණි. ගොනුව විශාල හෙයින් පටියකින් ගැට ගසා ඇත. මෙය නීතිපති දෙපාර්තමේන්තුවේ ගොනුවක් පටන්  ගැනීමේ දී  සිදු කරනු ලබන සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වේ.

එම සටහන් තබනා කොල 2 න් භාවිතා කර තිබෙන්නේ එක් කොලයක මුල පිටුව සහ එම පිටුවේම අවසාන සටහන තබා ඇත්තේ ඉහත කී පීරිස් විසිනි.

පීරිස් විසින් තබා ඇති අවසාන සටහන..

පීරිස් විසින් තබා ඇති අවසාන සටහන වනුයේ “ගොනුව ලේඛනාගාරයට යොමු කරන්න” යනුවෙනි. එනම්  ඉංග්‍රීසියෙන්  “R.R” ලෙස සටහන් කර පීරිස් ගේ කෙටි  අත්සන තබා ඇත. 

මෙම ගොනුව ලේඛනාගාරයට යොමු කිරීමට එවකට රජයේ අධිනීතිඥයකු ව සිටි පීරිස් හට කිසිදු බලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන චක්‍රලේඛ මගින් ලැබී නැත.

නීතිපති දෙපාර්තමේන්තුව ගොනුවක් ලේඛනාගරයට යවනු ලබන්නේ නඩු කටයුතු සම්පුර්ණයෙන් අවසන්  වීමෙන්  හෝ නියමිත නීතී උපදෙස් ලබා දීමෙන් අනතුරුව  වේ. 

නමුත් පීරිස් එවක රජයේ අධිනීතිඥවරයා අංක CR1/AML/CFT/05/2012 දරණ ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයට ෙයාමු කරන්නේ කිසිදු අධීක්ෂන නිළධාරීවරයෙකුගේ අවසරයක්  නොමැතිව වංචා සහගතව ය.

පීරිස් ගේ මෙම වංචාව මෙතෙක් හෙළි වී නොමැත..

මේ වන තෙක් පීරිස් ගේ මෙම වංචාව හෙළි වී  නොමැත. නමුත් මෑතක දී නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරිනියක් විත්තිකරුවකු හා කරන ලද ව්‍යාජ හඬ කැවූ ජංගම දුරකථන සංවාදයක් හේතු කොට ගෙන ඇයගේ රාජකාරි වැඩ නවත්වනු ලැබීය. එම ක්‍රියාවට එවක සිටි නීතිපති දැක්වු ප්‍රතිචාරය අනුව සංසන්දනාත්මක්ව මෙම පීරිස් ගේ ක්‍රියා කලාපයට නම් එල්ලා මැරීමේ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දිය යුතු නොවේ ද?

පීරිස් ගේ ඉහත කී අශීලාචාර සේම අනීතික ක්‍රියාව පිලිබඳව පාඨක ඔබ දැනගන්නා  මොහොත වන විට ඔහු ද මෙය කියවනවා ඇත.  එවිට පීරිස් ඔහුගේ මේසයේ දකුණු පැත්තේ උඩ සිට පහලට දෙවන ලාච්චුවේ තිබෙන පරණ කාලයේ සටහන් කොල මුලින්ම සොයනු ඇත. ඒ CR1/AML/CFT/05/2012 ගොනුවට තවත් සටහන් එකතු කර වෙනස් කතාවක් ගොඩ නැගීමට ය. නමුත් පීරිස්  ගේ වංචාව පිලිබඳ සහ එම ගොනුවේ තිබෙන සටහන් පරීශීලනය කර තිබෙන නීතිපති දෙපාර්තමේන්තුවේම නිළධාරීවරයෙකු හෝ කීප දෙනෙකු සිටිනු නිසැක ය.  

නීතිපතිතුමනි, මේ ඔබේ අවධානයටයි...!

-LeN නෛතික කටයුතු පිළිබඳ විශේෂ වාර්තාකරුවෙකු විසිනි

කර්තෘ සටහන: 

මේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතියේ පීරිස් ලා කිසිවෙකුට පැවසීමට යමක් තිබේ නම් ලංකා ඊ නිව්ස් ඒ සඳහා ද විවෘත බව සටහන් කර තබමු.

---------------------------
by     (2025-06-04 21:56:06)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links