~

මුහුද ශ්‍රී ලංකාවේ වුවත්, ඉන්දියානු මුහුදු මංකොල්ලකරුවන්ට වෙඩි තැබීම තහනම්…!

-වීරනන්දාබාහු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.05, ප.ව.9.30) උතුරු නැගෙනහිර ධීවරයන් දිළින්දන් බවට පත් කරමින් දකුණු ඉන්දියානු ටෝලර් හිමියන් ගෙනයන කොල්ලය, මුහුදු කොල්ලය දැන් වඩාත් සංවිධානාත්මකව ඉන්දීය මධ්‍යම රජයේ අනුග්‍රහයෙන් සිදුකෙරෙන බව මේ වන විට ලැබෙන වාර්තාවලින් තහවුරු වේ. සෑම රාත්‍රියකම දහසකට නො අඩු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මෙසේ කඩා වදින බව උතුරු - නැගෙනහිර ධීවරයෝ කියා සිටිති. මෙසේ ලංකා මුහුදේ සම්පත් කොල්ල කෑම ගැන ආසන්නම සිද්ධිය වාර්තා වන්නේ පසුගිය 03 වෙනිදා ත්‍රීකුණාමලයෙනි.

ජුනි 3 වැනිදා නාවික හමුදා ප්‍රකාශක බුද්ධික සම්පත් ත්‍රීකුණාමලයට නුදුරින්  මුහුදේ අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දියානු ධීවරයන් හා නාවික හමුදාව අතර ඇති වූ ගැටුමක් ගැන ඇති වාර්තා තහවුරු කළේය. ජනමාධ්‍ය වාර්තා කළ ආකාරයට නාවික හමුදා භාරයට ගැණුනු ලංකා මුහුදට කඩා වැදී මසුන් අල්ලන ඉන්දියානු ධීවර චණ්ඩීන් දැන් වඩාත් කලහකාරී ලෙස හැසිරෙන බව පෙනෙන්නට ඇත.

ඇතැම් වාර්තා වල සඳහන් වූ ආකාරයට මේ ධීවර චන්ඩි නාවික හමුදා මුර සංචාරක බෝට්ටු වලට කඩා වැදී අත්අඩංගුවට ගත් ධීවර කොල්ලකරුවන් බේරා ගැනීමට උත්සාහ දරා ඇත. මෙයින් එක් කණ්ඩායමක් නාවික හමුදා භටයන් දෙදෙනෙකුට තුවාල සිදු කරමින් ඔවුන් සතු ගිනි අවි උදුරා ගැනීමට තැත් කර ඇත.  මේ වන විටත් මේ ගැන විශේෂ වාර්තාවක් සපයන ලෙස ඇමති  රාමලිංගම් චන්ද්‍රසේකරන් ඉල්ලා ඇති බවටත් වාර්තා විය.

මෙය අති භයානක තත්වයකි..

මෙය අති භයානක තත්වයකි. ස්වකීය වෙරළ ආරක්ෂා කරන නාවික හමුදාවක් සතු අවි උදුරා ගැනීමට තරම් ඉන්දියානු මුහුදු කොල්ලකරුවන් නිර්භීත වූයේ කෙසේද? මෙයින් අදහස් කෙරෙන්නේ නාවික හමුදා භටයන්ට සාගරය ආරක්ෂා කිරීමේදී ඉන්දීය කොල්ලකරුවන්ට වෙඩි තැබීම තහනම් කර ඇති බව නොවේද? අනෙක තවත් විශේෂයක් වන්නේ සිංහල හා දෙමළ ජනමාධ්‍ය මේ තත්ත්වය හරියාකාරව වාර්තා නොකිරීම හා ප්‍රශ්න නොකිරීම ය. 

ඊළාම් යුද සමයේ උතුර නැගෙනහිර ධීවරයන්ට මසුන් මැරීම තහනම් කිරීමත් සමඟ දකුණු ඉන්දියානු ධීවරයෝ  ලංකාවට අයිති මුහුදේ ධීවර සම්පත් පැහැර ගැනීමට පුරුදු වූහ. ඊළාම් යුද්ධය අවසාන වූ පසුත් ඔවුන් දිගින් දිගටම බලහත්කාරයෙන් මේ මුහුදු කොල්ලය දිගටම කරගෙන යමින් සිටින්නේය. ලංකා රජයේ නාවික හමුදාව මුහුදු සම්පත් ආරක්ෂා කිරීමේ උත්සාහයට නිරන්තරයෙන්ම දකුණු ඉන්දියාවේ දේශපාලකයන්ගේ විරෝධය පළ වෙන්නේය. මෙය කෙතරම් බරපතළ වූවාද යත් ලංකා මුහුදේ දින කීපයක් මසුන් මැරීමට අවසර ඉල්ලීම දක්වාම ඈතට ගමන් කළේය. 

මෑතකදී නාවික හමුදාව ස්වකීය මුහුදු සීමා ආරක්ෂා කිරීමට යෑමේදී සිදුවූ වෙඩි තැබීම් නිසා ඉන්දියානු මධ්‍යම රජයේ බරපතළ විරෝධතාවන්ට මුහුණ දෙන්නට ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන්ට සිදුවිය. මෙසේ උතුරු නැගෙනහිර ධීවරයන්ගේ සම්පත් කොල්ලකෑමට විරුද්ධව ලංකා රජය හැමවිටම පෙනී සිටියත් උතුරේ දේශපාලන නායකයන් උතුරු සහ නැගෙනහිර දෙමළ දේශපාලන නායකයන් මේ ගැන කට නොසෙල්වා සිටීම විශේෂත්වයකි. ඔවුන්ගේ ඡන්ද ලබන මේ දෙමළ නායකයන් කිසිම විටෙක ඉන්දියාව සමඟ ස්වකීය ධීවරයන්ගේ සම්පත් කොල්ල කෑමට විරුද්ධවෙන්නේ හෝ කිසිම විරෝධයක් දක්වන්නේ නැත.

-වීරනන්දාබාහු

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/95

---------------------------
by     (2025-06-05 16:04:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links