-මාධ්‍ය අධ්‍යක්ෂ - ශ්‍රී ලංකා නාවික හමුදාව එවයි
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.06, ප.ව.6.45) ‘මුහුද ශ්‍රී ලංකාවේ වුවත්, ඉන්දියානු මුහුදු මංකොල්ලකරුවන්ට වෙඩි තැබීම තහනම්…!’ යන සිරස්තලය යටතේ ලංකා ඊ නිව්ස් පළකර ඇති පුවත සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂක විසින් අප වෙත එවා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ගැටුමක් ඇති කර ගෙන ඇත්තේ ඉන්දියානු ධීවරයින් නොව ශ්‍රී ලංකාවේ ධීවරයින් පිරිසකි. සම්පූර්ණ නිවැරදි කිරීම පහත දැක්වේ.
1. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ, වීරනන්දාබාහු මහතා විසින් 2025 ජුනි මස 05 වැනි දින පස්වරු 0930 පැයට ‘මුහුද ශ්‍රී ලංකාවේ වුවත්, ඉන්දියානු මුහුදු මංකොල්ලකරුවන්ට වෙඩි තැබීම තහනම්…!’ යන සිරස්තලය යටතේ පළකර ඇති පුවතෙහි, ‘ජුනි 3 වැනිදා නාවික හමුදා ප්‍රකාශක බුද්ධික සම්පත් ත්‍රීකුණාමලයට නුදුරින් මුහුදේ අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දියානු ධීවරයන් හා නාවික හමුදාව අතර ඇති වූ ගැටුමක් ගැන ඇති වාර්තා තහවුරු කළේය’ යන්න නිවැරදි නොවන බව කාරුණිකව දන්වා සිටිමි.
2. 2025 ජුනි මස 03 දින සිදුවූ සිද්ධිය පහත තොරතුරු ප්‍රකාරව නිවැරදි කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.
අ. 2025 ජුනි මස 03 වන දිනය පුරා නාවික හමුදාව විසින් ත්‍රීකුණාමලය ප්‍රදේශය ආවරණය වන පරිදි නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වන පුද්ගලයන් සහ එම යාත්‍රා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සිදුකෙරුණු අතර, එම මෙහෙයුම් මඟින් නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ දේශීය පුද්ගලයන් 48 ක්, දේශීය යාත්‍රා 11ක්, ධිවර ආම්පන්න සහ මත්ස්‍ය තොග අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කෙරිණි.
ආ. එදින, රාත්‍රී 0700ත් 0730 අතර කාලයේදී පොඩුවකට්ටු ප්‍රදේශයේ, බෝල්ඩර් පොයින්ට් මුහුදු තීරයේදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදාගත් දේශීය ඩිංගි යාත්‍රාවක් සහ නීතිවිරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන, නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එන අවස්ථාවේදී, ඩිංගි යාත්‍රා තුනකින් (03) පැමිණි සංවිධානාත්මක කණ්ඩායමක් නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයෙන් මුදා ගැනීම සඳහා ප්‍රචණ්ඩකාරී ලෙස ඔවුන්ගේ යාත්‍රා හසුරුවමින් නාවික හමුදා යාත්‍රාවේ ඝට්ටනය කරමින් ඊට අලාභහානි වන අයුරින් හැසිරෙන ලදී.
ඇ. අනතුරුව, නාවික හමුදා පුද්ගලයින් විසින් කලහකාරී ලෙස හැසිරුණු සංවිධානාත්මක පිරිස් පැමිණි යාත්‍රා නිතියට අනුකූලව පාලනය කිරීම සඳහා සම්මත ක්‍රමවේදයට අනුව ක්‍රියාකර ඇත. එහිදී, එම පිරිස් නිත්‍යානුකූල නියෝග වලට අනුකූල නොවී නාවික හමුදා රාජකාරියට බාදා කරමින් තව දුරටත් නාවික හමුදා පුද්ගලයින්ගේ ජිවිත/ දේපල වලට අවදානමක් ඇති කරමින් අත්අඩංගුවට ගත් ඩිංගි යාත්‍රාව වෙත ගොඩවී, එම යාත්‍රාව පැහැර ගෙන පලායාමට උත්සාහ දරා ඇත. එම පිරිස් නාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි නාවික හමුදා පුද්ගලයින් සමඟ පොරබදා ඔවුන්ගේ ගිණි අවි පැහැර ගැනිමට උත්සහ කිරීමේදී, ගිණි අවියක් ක්‍රියාත්මක වීම හේතුවෙන්, එක් සිවිල් පුද්ගලයෙක් තුවාල ලබා ඇත. මෙම සිද්ධිය හේතුවෙන් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කෙරුණි.
3. නිවැරදි තොරතුරු වගකීම් සහගත වාර්තාකරණයේ යෙදෙන වෙබ් පිටුවක් ලෙස ඉහත ප්‍රවෘතිය නිවැරදි කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
අධ්‍යක්‍ෂ නාවික මාධ්‍ය
---------------------------
by (2025-06-06 13:23:05)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි