~

අල්ලස හා දුෂණයෙන් තොර රාජ්‍ය සේවයක් වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය තුල අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවයි..! පැමිණිලි කිරීමට දුරකථන අංකයක්..!

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.06, ප.ව.7.05) රජයේ නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින් අල්ලස සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමේ අත්‍යවශ්‍ය වැදගත්කම කෙරෙහි රජයේ ප්‍රමුඛතම අවධානය යොමු කරමින්  රාජ්‍ය අංශය තුළ ශක්තිමත් දුෂණ විරෝධී ක්‍රියා මාර්ග හඳුන්වා දීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 වැනි වගන්තිය යටතේ දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCAC) ඇතුළු අනෙකුත් දූෂණ විරෝධී ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම,  2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සහ  අල්ලස් හා දුෂණ වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) වෙනුවෙන් සෑම රජයේ ආයතනයක් තුලම අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට මාලිමා රජය තීන්දු කර තිබිණ.

ඒ අනුව ජනාධිපති ලේකම් නිකුත් කළ  PS/SB/Circular/2/2025 චක්‍රලේඛය අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම අග්‍රාමාත්‍ය ලේකම්  ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06)  අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණ. 
 
එකී අග්‍රාමාත්‍ය කාර්යාලයේ  අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී ලෙස අතිරේක ලේකම් (පාලන) රුවන් ජයසුන්දර මහතා ද, සුපිළිපන්න නිලධාරී ලෙස පරිපාලන නිලධාරී කේ. ඒ. එස්. ශ්‍රීපාලි මහත්මිය ද පත්කර තිබේ. 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය තුළ දූෂණය මැඩලීමේ ක්‍රියාවලියේ ප්‍රධාන මුල පිරීමක් ලෙස රාජ්‍ය අංශය පුරා විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්නභාවය පෝෂණය කරන සංස්කෘතියක් නිර්මාණය කර, සියලුම පුරවැසියන්ට ඵලදායි රජයේ සේවාවන් සැපයීම මෙහි අරමුණයි. 

ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම,  ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවයත් වගවීමත් සහතික කිරීම මෙන්ම ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම, ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම, විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත ප්‍රවේශ  ක්‍රමවේදයක් සකස් කිරීම, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම ද මෙමගින් අපේක්ෂා කෙරේ. 

අග්‍රාමාත්‍ය කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් වන පැමිණිලි, යෝජනා චෝදනා වෙනුවෙන් පැමිණිලි පෙට්ටි දෙකක් අරලියගහ මන්දිරය සහ සිරිමතීපායේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථානගත කර ඇත. ඊට අමතරව 0711130898  වට්ස් අප් අංකයෙන්, 0114354754 දුරකථන අංකයෙන් හා [email protected] ඊමේල් මඟින්ද පැමිණිලි යොමු කළ හැකිය. 

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

---------------------------
by     (2025-06-06 13:42:48)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links