~

කර්මාන්ත ඇමැති හඳුන්නෙත්ති සහෝදරය.., මේ දූෂිතයා ගැන සොයන්න..!

-වයඹ හඬ පරිසර සංවිධානය ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.07, ප.ව.5.08) 

සුනිල් හඳුන්නෙත්ති සහෝදරය, 
ගරු කර්මාන්ත අමාත්‍ය තුමා 

කර්මාන්ත අමාත්‍යතුමනි,  

යකඩ උණු කිරීමේ කර්මාන්තයට අවසර දීමට ඉන්දීය ආයෝජකයෙකුගෙන් අල්ලස් ලෙස රට සවාරියක් ලබාගෙන ව්‍යාජ වාර්තා සකසා අනුමැතිය ලබා දීම සම්බන්ධවයි.   

මෑත ඉතිහාසය තුල 'පුත්තලම' නම කියවන හැම වාරයකදීම හැඟී  යන්නේ පුත්තලම පරිසර විනාශකාරීන්ගේ රජදහනක් ලෙසයි. මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන්  “වයඹ හඩ” පරිසර සංවිධානය අරගල කෙළේය.  උදාහරණයක්  ලෙස  විල්පත්තුව කැලෑ කැපීම,  වනාතවිල්ලුව කැලෑ කැපීම,  කරුවලගස්වැව කැලෑ කැපීම, ආනවිලුන්දාව යකඩ බොර දමා ගොඩ කිරීම, ඵක්ප්‍රස් පර්ල් නැව නිසා සිදුවූ විනාශය ආදී සිදුවීම් සම්බන්ධයෙන්  නිරන්තරයෙන් අප හඬ නගා ඇත .

නමුත් පසුගිය සමය තුල සිදුවු පරිසර විනාශ පමණක් නොව දේශීය තර්මාන්ත ආරක්ෂා කිරීමට හා  විදේශීය ආයෝජකයන්ට  මුදල් ආයෝජනය කිරීමේ දී  වයඹ පලාත තුල සිටින දූෂිත දේශපාලකයින් හා නිලධාරීන් කප්පම් වලට යටවන විට ඵය වැලැක්වීමට ද අප පියවර ගෙන  ඇත.

කේ. පී. වැලිකන්නගේ නම් දූෂිත අධ්‍යක්ෂ වරයා..

මධ්‍යම පලාත හා සබරගමු පලාත්වල මධ්‍යම පරිසර අධිකාරියේ සේවය කළ කේ. පී. වැලිකන්නගේ නම් අධ්‍යක්ෂ වරයා, අධ්‍යක්ෂ තනතුර දක්වා පැමිණ ඇත්තේ පැවති  දූෂිත දේශපාලනය හරහා ය. හිටපු පරිසර ඇමති නන්දමිත්‍ර ඵ්කනායකගේ පිහිටෙන්  පරිසර නිලධාරි තනතුරක්  අරගෙන පසුව සහකාර අධ්‍යක්ෂ ලෙස පත්වී ඊලඟ  තනතුර වන  නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට පත් නොවී හිටපු පරිසර අධිකාරියේ සභාපති  හා දේශපාලකයෙකු වන චරිත හේරත්  හා බැසිල් රාජපක්ෂ  මගින් ඩබල් ප්‍රොමෝෂන් ගසා අධ්‍යක්ෂ පත්වීමක් ලබාගන්නා ලද බවට තොරතුරු ඇත.

එහි දී අවශ්‍ය මූලික සුදුසුකම වන විධායක සේවයේ අවශ්‍ය පූර්න සේවා කාලය  සහ පශ්චාත් උපාධිය මොහුට නැත. මේ සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වන   අධිකාරියේ සුදුසු කම් ලද නිලධාරීන් දෙදෙනෙකු විසින් මූලික අයිතිවාසිකම් නඩු පවරා ඇති අතර, ඉදිරියේ දී  මොහුට එරෙහිව ඵම නඩු තීන්දුව දීමට ද නියමිතය.  (එම නඩු අංකය SC FR 291/12)

වසර 12 කාලයක් තුල කළ පාරිසරික අපරාධ බොහෝය..

එතෙක් මෙතෙක් කාලය තුල වසර 12 කාලයක් ඔහු විසින් සබරගමු හා මධ්‍යම පලාත් වල සිදු කළ පාරිසරික අපරාධ  ප්‍රමාණය අතිවිශාලය. මනස්කාන්ත දිය ඇලි විශාල ප්‍රමාණයක් කුඩා ජල විදුලි බලාගාර බවට පත් කිරීමට, වැරදි පාරිසරික වාර්තා මොහු විසින්ම  සකස් කර ඔවුන්ගේ ව්‍යාපාරික හිතවතුනට, දැඩි ජනතා විරෝධතා මැද පවරා දී මනදොල සපුරා ගෙන ඇත. ඵ් නිසාම මොහුට ගරු අධිකරනයේ නඩු වලට පෙනී සිටීමට ද සිදුවී ඇත.

මේ දිනවල දැඩි කථාබහට ලක්ව ඇති ශ්‍රී පාද අඩවියේ දකුණු බෑවුමේ පිහිටි  කදුරුගල්දොල ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය ද ඵවැනි කප්පම්  ලබා ගෙන දෙන  ලද ව්‍යාපෘතියකි.

දූෂණ හසුවුනත් දඬුවමින් බේරී..

කප්පම් සඳහා දක්ෂයෙකු වන මොහු සබරගමුවේදී  ඇති තරම් කප්පම් ගෙන මොහු  එයින් බේරීමට රජයේ නමත් විකුණා කෑගල්ල  දිස්ත්‍රික් කාර්යාලයට කියා මිලියන ගණනක් වටිනා ගෘහ භාණ්ඩ කිසිදු රජයේ ආයතනයක මූලික අනුමැතියක් නොමැතිව  කප්පම් ලෙස  ආයෝජකයින් ලබා ගෙන කොටසක් කාර්යාලයට ද, තව කොටසක් තමන්ගේ නිවසට ද යවා ඇත.  ඒ සම්බන්ධයෙන්  පරීක්ෂනයක් පවත්වා ඉන් වැරදිකරු වී පාර්ලිමේන්තු කමිටුවකදී මොහුගේ වැටුප් වර්ධක 05ක් අත්හිටුවී ය.  එසේ නමුත් පසු කාලයක රනිල් වික්‍රමසිංහගේ දූෂිත ආණ්ඩුවෙන් පත් කළ මධ්‍යම පරිසර අධිකාරියේ  සුපුන් නැමති හිටපු සභාපති වරයා ( ඔහුද කෝටියක කප්පම් ගෙන හසු විය) විසින් නැවතත් මොහුට එකී වැටුප් වර්ධක 05 ම ලබා දුන්නේ ය.

කේ. පී. වැලිකන්නගේ ගේ අලුත්ම 'ජින්දාල් මගඩිය'..

එවන් දූෂිත අධ්‍යක්ෂවරයෙක් වන මෙම කේ. පී. වැලිකන්නගේ නැමැති අය විසින් මෑතක දී කර්මාන්ත අමාත්‍යංශය හරහා යකඩ උණු කරන සමාගමක් ආරම්භ කිරීමට පැමිණි විදේශීය ආයෝජකයෙකු ගෙන් අල්ලස් ලබාගෙන තිබේ. එම ආයෝජකයා ඉන්දියානු ජින්දාල් නැමති අයෙකි. පුත්තලම කල් අඩිය නෙඵම් වැව ප්‍රදේශයේ එකී කර්මාන්ත ශාලාව පිහිටුවීම සඳහා අනුමත කිරීමේ දී  සාවද්‍ය   තොරතුරු ඇතුලත් වාර්ථාවක් වැලිකන්නගේ විසින්ම සකස් කර එයට අනුමැතිය දීමට පෙර  එකී සමාගමේ දේශීය නියෝජිතයා (ජගත් නල්ලපෙරුම) සමග දෙදෙනාම කාම්බෝජයට  විදේශ සංචාරයක් අල්ලස් වශයෙන් ලබාගෙන තිබේ.   

දෙදනාම ඵකම දිනයේ ඵනම් 2024.02. 22 දින කටුනායක ගුවන් තොටින් පිට වී කාම්බෝජයට ගොස් දින කීපයක් ගතකර එකම දිනයේ ශ්‍රී ලංකාවට පැමිණ ඉහත ව්‍යාපෘතිය සඳහා 2024 04 09 දින අනුමැතිය දී තිබේ.

එබැවින් වැරදි වාර්ථා සකස්කිරීම, එම ව්‍යාපෘති අනුමත කිරීමෙන් ජනතාව හා පරිසරය විනාශයට යවා රට සවාරි අල්ලස් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් කේ.පී.  වැලිකන්නගේට එරෙහිව වහාම පරීක්ෂනයක් කර, නව රජයේ ප්‍රතිපත්තිමය පොරොන්දුවක් වන මෙවැනි දූෂිතයින්ගේන් තොර රටක් නිර්මානය සඳහා  වහාම  පියවර ගන්නා ලෙස කර්මාන්ත ඇමැතිවරයා වන ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

2024 නොවැම්බර් මස සිට කරන ලද මෙම පැමිණිල්ලට මෙම වංචාව සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන පියවර නොගැනීම පිලිබඳව ඇත්තේ දැඩි කලකිරිමකි.

මෙහි දැක්වෙන සේයාරුව නම්, පුත්තලම කල්අඩි ව්‍යාපෘති භූමිය - වමේ සිට පිළිවෙලින් ජගත් නල්ලපෙරුම, ඉන්දියානු ව්‍යාපෘතියේ කාන්තාව සහ වැලිකන්නගේ (වයඹ හිටපු අධ්‍යක්ෂ)   

අත්සන් කෙළේ
ලේකම් / සභාපති

'වයඹ හඬ' පරිසර සංවිධානය

නල්ලදරන්කට්ටුව ශ්‍රි රත්නගිරි රජමහා විහාරය, නල්ලදරන්කට්ටුව, ආරචිචි කට්ටුව.   
[email protected]  

පිටපත් 
* අජිත් ගිහාන්  මැතිතුමා, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
* ලංකා ඊ නිව්ස්

---------------------------
by     (2025-06-07 11:57:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links