~

"දේශපාලඥයින්ට දඬුවම් දිය යුතුමයි..! හිරේ දාලා මදි..! දේපොල රාජසන්තක කරලා හොරකම් කළ සල්ලි නැවත ජනතාවට ලබා ගත යුතුයි"

-'මේ ජනාධිපතිට බැරිනම් කරන්න වෙන කෙනෙකුත් නෑ' වනවාසී රාහුල හිමියෝ කියති

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.07, ප.ව.8.00) "හිටපු රාජ්‍යය නායකයෝ අපි දන්නවා,   ඒක වෙනම කතාවක්. හැබැයි වැරදි කරපු අයට අල්ලස දූෂණය වංචාව කරපු අයට රාජ්‍ය නිලධාරීන් ඇතුළු අනිවාර්යෙන්ම දේශපාලඥයින්ට දඬුවම් දිය යුතුමයි, ඒක තරාතිරම නොබලා දේපළ රාජ සන්තක කරලා හිරේ දාලා මදි. ඒවා මේ දේපළ රාජසන්තක කරලා ඒ  හොර කම් කරපු සල්ලි නැවත ඒ ඔවුන්ගේ දේපළ අත්පත් කරගෙන රජයට ඒවා පවරා ගැනීමට අවශ්‍ය නීතී ගේන්නත් අවශ්‍යයි."

"ජනාධිපතිතුමනි, ඔබතුමාට මේ රට නිවැරදි දිශානතියකට ගන්න බැරි උනොත්  බලයට එන කිසිදු රාජ්‍යය නායකයකුට මේ වැඩේ කරන්න බෑ." 

එසේ පැවසූවේ ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමි විසිනි. ඒ අද පැවැති මාධ්‍ය හමුවක දී ය. වැඩි දුරටත් අදහස් දැක්වූ වනවාසී රාහුල හිමි..,

"මම එකක් එක දෙයක් කියනවා,  කවුරු කළත් හොරකම, වංචාව, දූෂණය, නාස්තිය වැරදියි. ඒක නිසා තරාතිරම නොබලා ඒ අයට දඬුවම් දිය යුතුයි. දැන් ඔය මේ අධිකරණයෙන් නඩු අහලා, තීන්දු කරලා ඔය, හිරේ ඉන්න ඒ සමහර දේශපාලඥයෝ දිහා බැලුවහම ඒ ගොල්ල පහුගිය  වකවානුව තුළ මම හිතන්නේ යම් යම් අකටයුතු දේවල් සමාජයට කරපු අය. ඇත්ත කතාව ඒක. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරිනුත් ඉන්නවා මේ දේවල් කරපු අය. මේගොල්ලන්ට අනිවාර්යෙන්ම කවුරු හරි කමක් නැහැ, මේ රටේ අල්ලස දූෂණය වංචාව පිටු දකින්න අවශ්‍යයි. එසේ නොමැතිව මේ රට යහපත් මගකට ගෙනියන්න බෑ, මම නිතර කියන දෙයක් තමයි, විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය මේ ලිප් ගල් තුන අනිවාර්යෙන්ම එකට ඉඳගෙන ක්‍රියාත්මක කළ යුතුයි."

"දැන් ඔය දෝෂාරෝපණය කරනවා වර්තමාන ආණ්ඩුවට අපි දකිනවා විවිධ මාධ්‍යන්  ඔස්සේ මේක දේශපාලන පලිගැනීමක් කියනවා, දේශපාලන පළිගැනීම් කියන්නේ කොහොමද? මේගොල්ලෝ වැරදි කරපු නිසා නේද අධිකරණයෙන් එවැනි තීන්දු -තීරණ දෙන්නේ.? එහෙම වෙන්නේ කොහොමද? ඉතින් ඒක නිසා මම කියන්නේ කවුරු කළත් කමක් නෑ, අවුරුදු විස්සක විසිපහක වුණත් කමක් නෑ මේ රටට ජනතා මුදල්, අවභාවිතා කරලා තියෙනවා නම් ඒ වගේම දූෂණ වංචා කරලා තියෙනවා නම් , මේ හැම කෙනෙකුටම හොයලා දඩුවම් දීම මේ වර්තමාන රජයේ කාර්යභාරය . මේ වර්තමාන රජය බලයට ආවේ මේ හොරු අල්ලනවා කියලා. දැන් ටිකෙන් ටික ටිකෙන් ටික  දැන් ක්‍රමයෙන් මේවා ඇදිලා එනවා. ඉතින් මේක විරුද්ධ පක්ෂයේ ඉන්න  බොහෝ අයටද ඒක පාර්ලිමේන්තුවෙන් අයටයි නැති අයටයි මේගොල්ලන්ට දැන් පුංචි රිදීමක් ඇති වෙච්ච බවක් පේනවා. හැබැයි  මේ වැරදි කරලා නැත්නම් කිසිවෙකුට භය විය යුතු නැහැ. හැබැයි එකක් කියන්න ඕන මේ පාර්ලිමේන්තුවේත් ජරාව අතේ තවරා ගත්තු නැති මිනිස්සු ඔය ගිය ආණ්ඩුවලත් හිටියා, මේ ආණ්ඩුවෙත් ඉන්නවා, විරුද්ධ පක්ෂයෙත් ඉන්නවා . හැම කෙනාම දූෂිතයෝ නෙමෙයි. දූෂිතයා ⁣හදුනාගෙන, විධිමත් ලෙස පරීක්ෂණ පවත්වලා, දඩුවම් දීම කළ යුතුමයි. "

"වර්තමාන ජනාධිපතිතුමාට මේ වැඩේ කරන්න බැරි වුනොත් මම හිතන්නේ කිසි කෙනෙක් නෑ කරන්න. එ නිසා මම  ඉල්ලීමක් කරනව අතිගරු ජනාධිපතිතුමනි, කොන්ද කෙලින් තියාගෙන, ජනතාව තීරණය කරයි, මේක නිවැරදි දිශානතියකට ගත යුතුමයි. ඔබතුමාට මේ රට නිවැරදි දිශානතියකට ගන්න බැරි උනොත් මේ බලයට එන කිසිදු රාජ්‍යය නායකයකුට මේ වැඩේ කරන්න බෑ, ඒක පැහැදිලිව මම එදත් කිව්වා, අදත් මම කියනවා. මේ හොරු ඇල්ලීම ඉතාමත්ම වැදගත්. කලබල නොවී මම හිතන්නේ දැන් අපි අල්ලස දූෂණය වංචාවට,  ගමේ ඉන්න පහළම නිළධාරීයා, සංවර්ධන නිලධාරියාගේ ඉඳලාම  හැම තැනකමම අල්ලස, දූෂණය, වංචාවට ගොදුරු වෙලා. ඇත්ත කතාව ඕක. ඉතින් ඒක නිසා මේ හැම එකක්ම මේ රටෙන් තුරන් කළ යුතුයි. අල්ලස දූෂණයට තිත තියලා , නීතිය රජයන රටක් බවට මේ රට පත්කරන්න පුලුවන් වුනොත්, මේ රට ස්වයං පෝෂිතයි. කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නෑ. නාස්තියක් නැත්නම්, අල්ලස දූෂණය නැත්නම්, අපි දැක්කානේ පහුගිය කාලේ රාජ්‍යය නිළධාරීන් සමහර අය  කෝටි ගණන් , ලක්ෂ ගණන් තමන්ගේ ලාච්චුවේ දාගෙන හිටපු මිනිස්සු, ඇත්ත කතාව ඕකනේ. ඉතින් මේක ඒ තත්ත්වයට පත්වෙලා. ඉතින් ඒක නිසා මම ඉල්ලීමක් කරනවා අතිගරු ජනාධිපතිතුමාගෙන් ප්‍රසිද්ධියේ , අපිව විවේචනයට ලක් වෙන්න පුළුවන්. ඔය හැම ආණ්ඩු එකක්ම අපි හිටියා, හිටපු රාජ්‍යය නායකයෝ අපි දන්නවා,   ඒක වෙනම කතාවක්. හැබැයි වැරදි කරපු අයට අල්ලස දූෂණය වංචාව කරපු අයට රාජ්‍ය නිලධාරීන් ඇතුළු අනිවාර්යෙන්ම දේශපාලඥයින්ට දඬුවම් දිය යුතුමයි ,ඒක තරාතිරම නොබලා දේපළ රාජ සන්තක කරලා හිරේ දාලා මදි. ඒවා මේ දේපළ රාජසන්තයක් කරලා ඒ  හොර කම් කරපු ජනතාවගේ සල්ලි නැවත අරගෙන, ඒ ඔවුන්ගේ දේපළ අත්පත් කරගෙන රජයට ඒවා පවරා ගැනීමට අවශ්‍ය නීතී ගේන්නත් අවශ්‍යයි. කළයුතුව තිබෙන්නේ මේ රට පිරිසිදු කළ යුතුයි. පිරිසිදු රටක්, ලස්සන රටක් බවට පත් කරන්න පුලුවන් වුණොත් , නීතිය රජ කරන රටක් බවට පත් කරන්න පුලුවන් වුණොත් මේ රටේ හැම කෙනාම ස්වයංපෝෂිත වෙනවා."

සේයාරුව සහ වාර්තාව

තිසර සමල් - අනුරාධපුරය

---------------------------
by     (2025-06-07 14:35:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links