-සෑම් වීරසූරිය ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.12, ප.ව.11.00) කෝපා කමිටුව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිලිබඳව කරන විමර්ශන සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරිය තිලකා ජයසුන්දර ඇතුලු නිලධාරීන් පිරිසක් කැඳවා තිබුණි.
එම රැස්වීමේ අරමුණ කමිටු සභාපති පැහැදිලි කරන විට ඒ අතර මැදට කඩා පැනපු තිලකා ජයසුන්දර ලේකම්වරිය එම කමිටුව යෝජනා කරන වැඩ පිලිවෙල ඇයට කිරීමට නොහැකි බවත් ඒ සඳහා අල්ලස් හෝ දූෂණ කොමිසමට භාර දෙන ලෙසත් කෝපා කමිටු සභාපතිට දැඩි ස්වරයෙන් කීවා ය.
මෙම නිලධාරිනිය අහංකාර නිලබලයෙන් හිස උදුම්මා ගත් කාන්තාවක ලෙස රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන් අතර ප්‍රසිද්ධ කරුණකි. කරුණු කෙසේ වුවද කෝපා කමිටු සභාපති, පළමු වරට පාර්ලිමේන්තුවට පත්වූ අයෙකු වුවද, උගතෙකු නිසා කලුතර රත්තරංලාට දාපු නෝන්ඩි පාට් දමන්නට මේ නිලධාරිනියට හැකි වුනේ නැත.
සභාපතිවරයා පෙරළා පැවසුවේ ඔබ ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරිනිය නිසා ඔබ යටතේ පවතින ආයතන වල සිදුවන දූෂණ අක්‍රමිකතා පිලිබඳව වගකීම හා වගවීම පිළිබඳව සම්පුර්ණ වගකීම ඔබ සතු බවය. එය පිළිගත නොහැකි නම් ඒ පිළිබඳව ලිඛිතව දන්වන ලෙස ද සභාපතිවරයා පැවසීය.
එන පොට හොඳ නැති බව තේරැම් ගත් ඇය පසුව මෙල්ල වී අමුතු ක්‍රීඩාවකට අවතීර්ණ වී ලෝ ගියර් එකකට මාරු විය.
චාමර සම්පත් නමැති දූෂිත දේශපාලුවා කරන ලද බිලියන ගණනක මුදල් වංචාවක් සම්බන්ධව කමිටුව විමර්ශන කරන විට මෙම ලේකම්වරිය එම පරීක්ෂණ වලින් ඉවත්වීමට උත්සාහ දරන්නේ ඇයි දැයි ඇමැති හඳුන්නෙත්ති සොයා බැලිය යුතුය.
මෙම නිලධාරි නඩය රනිල් - රාජපක්ෂලාට කඩේ ගිය දූෂිත නිලධාරි කල්ලියේ සිටි එවූන්ය. උන් හොර ඇමතියන් සමග එකට ජනතා බදු මුදල් හොරා කෑ දූෂිත නිලධාරි හැත්තකි.
මීට සමාන සිද්ධියක් සබරගමුව විශ්වවිද්‍යාලයේ දුෂණ පිළිබඳව කෝප් කමිටු රැස්වීමේදී ද නිරීක්ෂණය විය.
අන්ත දූෂිත උපකුලපති හා තක්කඩි නිලධාරින්ගේ දූෂණ පිළිබඳව විමසන විට ඔවුන්ට සුදු හුණු ගෑමට ඉදිරිපත් වූයේ අමාත්‍යාංශ ලේකම්වරයා ය.
ආණ්ඩුව වෙනස් වුනාට රනිල් - රාජපක්ෂ ජුන්ටාවේ නිලධාරි රොත්ත තවම නිරුපද්‍රිතව එම පුටුවල එලෙසම වැජඹෙමින් සුපුරුදු ලෙස දූෂනයේ යෙදෙමින් රජය අප්‍රසාදයට පත් කිරීමට නූල් සූත්තර අදිමින් සිටී.
මැතකදී සිදුවූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සිද්ධිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නි.අධ්‍යාක්ෂක ලක්ෂ 41 අල්ලස් ගැනීම, කම්කරු අමාත්‍ය ලේකම් මනූෂ ඇමැති සමග රුපියල් බිලියන 1.2 ක දූෂණය, ආගමන විගමන පාලක ජනරාල් රනිල්ලා, සාගරලා, ටිරාන්ලා එක්ක කළ දුෂන, කෙහෙලිය එක්ක බිලියන ගණනක දූෂන කළ සෞඛ්‍ය ලේකම් ආදී සියල්ලෝම පරිපාලන සේවා නිලධාරීන්ය.
ජනාධිපති දූෂිත නිලධාරී වළල්ල බිඳ දැමුවේ නැත්නම් ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් ලබා ගත් ජයග්‍රහණය ඉතා අවාසනාවන්ත තත්වයකට ගොදුරු වනු ඇත.
එබැවින් ජනාධිපති, අගමැති ඇතුලු කැබිනට් මණ්ඩලය තමන්ගේ ලේකම්වරුන් පත් කර ගැනීමේදී ජ්‍යෙෂ්ඨතා අනු පිලිවෙල පමණක්ම නොව ඔවුන්ගේ අවංක බව, කාර්යක්ෂම භාවය, අදූෂිත බව, රටට ජනතාවට සේවය කිරීමට ඇති හැකියාව හා කැපවීම ආදී කරුණු සැලකිල්ලට ගත යුතුය.
එසේ නොමැතිව පරණ පීල්ලේම ගියහොත් ජනතාව ඔබ සියල්ලටම අමතක නොවන පාඩමක් උගන්වනු ඇත.
(විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී)
---------------------------
by (2025-06-12 22:38:29)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි