-විශේෂ ලියුම්කරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.12, ප.ව.11.10) ලංකාවේ මාධ්‍ය කලාවේ ඔටුනු පළන් කුමාරයෙක් ලෙස හිතන් ඉන්නා අලුත් පරම්පරාවේ මාධ්‍යකාරයෙක් වන අසාම් අමීන් විසින් ඔහුගේ වෙබ් අඩවියෙ හි පළ කරන ලද ජනාධිපති අනුර කුමාර දිසානායකගේ එඩිට් කරන ලද පින්තූරයක් මේ දිනවල කතා බහට ලක්ව තිබේ.
අනුර කුමාර ජනාධිපතිවරයා ජර්මනියේදී එහි ජනාධිපතිවරයා සමග ගන්නා ලද පින්තූරයක් එඩිට් කොට ඔහු කුරුමිට්ටකු සේ පෙනෙන පරිදි සකසා ජනපතිවරයා උපහාසයට ලක් කරන ආකාරයට එය තම වෙබ් අඩවියේත් ෆේස් බුක් පිටුවේත් අසාම් අමීන් විසින් පළ කර තිබිණ.
වැඩේ වැරදුනු බව තේරුම් ගිය වහාම අසාම් එම පින්තූරය ඉවත් කොට සමාව අයැදීමක් කර ඇත.
නාමල් රාජපක්ෂගේ ද සෝෂල් මීඩියා භාරව කලක් කටයුතු කළ අසාම් ඉන්පසු හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කරගේත් ගජ මිතුරු සමාජ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් නොයෙකුත් බිස්නස් වල නිරත වූ අයෙකි.
බෙන්ස් ජීප් රථයක් පදිනා මොහුව ලංකාවේ බොහෝ මාධ්‍යවේදීන් හඳුන්වන්නේ බිස්නස් මාධ්‍යවේදියා යනුවෙනි.
වැදගත් මාධ්‍යවේදියකුගේ පුතෙකු වන මොහු තම පියාගේ ගරුත්වය ද නැති කරන අන්දමට එක් එක් දේශපාලකයන්ට කඩේ යාමත් ඔවුන්ට සමීපව සිටිමින් එක් එක් අයගේ තොරතුරු අනිකාට සපයන කපටියකු ලෙසද ප්‍රකටය.
මෙම දෙපැත්ත කෑම හසුවීම නිසා රංජන් රාමනායකද මොහු සමග දැන් ඇසුරක් නොමැත.
බැට් එකක් අතින් අල්ලා නැතත් සියලුම ක්‍රිකට් සංචාර වල නිරත වෙමින් ක්‍රිකට් බලධාරීන්ට විශේෂයෙන් සනත් ජයසූරියට කඩේ යාම ජයටම සිදු කරන මොහු ක්‍රිකට් විචාරකයකු ලෙසද පෙනී සිටී.
සනත් සමග එක්වී ක්‍රිකට් කණ්ඩායමේ තොරතුරු ඔහුගෙන් රැගෙන තම වෙබ් සයිටයේ එක්ස්ලූසිව් පුවත් ලෙස පළ කරන මොහුගේ වත්කම් ගැන සොයා බැලිය යුතුය.
අනුර කුමාර ජනපතිවරයාගේ රුව විකෘති කර ඔහුව කුරුමිට්ටකු ලෙස මාධ්‍ය ඔස්සේ පෙන්වීමට කරන ලද උත්සාහයට මොහු අපරාධ පර්‍රික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ජනපතිවරයාට කරන ලද අපහාසයට නඩු පැවරිය යුතුය.
(සත්‍ය සේයාරුව සහ අමීන් සංස්කරණය කළ සේයාරුව මෙහි දැක්වේ)
---------------------------
by (2025-06-12 22:59:56)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි