~

ජාතික ආරක්ෂාවට තර්ජනයක්..! භයානක කුමන්ත්‍රණයක්..! යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? ජාතිවාදී ගම්මන්පිල අයිසීසීපීආර් පණත යටතේ වහාම අත් අඩංගුවට ගන්න..!

-සාමයට ලැදි රටේ ජනතාව ඉල්ලති

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.14, ප.ව.7.15) රට තුල ජාතික ආරක්ෂාවට තර්ජනයක් කරමින් ජනතාව අතර වාර්ගික නොසන්සුන්තාවයක් ඇවිලවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව සිදුවීම් කිහිපයකින්ම සනාථ වන බවත් ඊට සම්බන්ධ කුමන්ත්‍රණකරුවන් තරාතිරම නොබලා අත් අඩංගුවට ගන්නා ලෙසත් භික්ෂු සංවිධාන සේම සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු පවසති. 

මීට සම්බන්ධ ප්‍රධානතම කුමන්ත්‍රණකරු ලෙස කැපී පෙනෙන්නේ දේශපාලනිකව පාරාජිකා වී සිටින, රටට විෂබීජයක් වූ ජාතිවාදී උදය ගම්මන්පිල වේ. ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා රටේ විශාලතම භික්ෂු සංවිධානය වන ජාතික භික්ෂු පෙරමුණ ඊයේ දිනයේ ද, සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු අද දිනයේ ද පොලිස් මූලස්ථානයට ලිඛිතව පැමිණිලි කර තිබේ. 

කුමන්ත්‍රණකාරී සිදුවීම් වල පෙළ ගැස්ම..

ලංකා ඊ නිව්ස් විසින් නිරීක්ෂනය කරන ලද කුමන්ත්‍රණකාරී සිදුවීම් වල පෙළ ගැස්ම මෙසේ ය. 

රේගු පරීක්ෂාවකින් තොරව කන්ටේනර් තුන්සිය ගණනක් වරායෙන් පිට කර ඇති බවත් ඒවා තුල ආයුධ තිබී ඇතැයි යන බොරුව ප්‍රථමයෙන්ම කියා සිටියේ ජාතිවාදී උදය ගම්මන්පිල ය. ඉන්පසු ඊට පොහොර දමමින් තවත් දෙමළ ජාතිවාදියෙකු වන අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී කන්ටේනර් තුන්සිය ගණන තුල තිබුනේ එල්ටීටීඊය සතු ආයුධ බව කියා සිටියේ ය. ජාතිවාදී උදය ගම්මන්පිල යලිත් වරෙක කියා සිටියේ ජනාධිපති අනුර දිසානායක යනු හිටපු ත්‍රස්තවාදියෙකු බවයි. එයින්ද ඔහු අදහස් කෙළේ ජනාධිපතිවරයා ත්‍රස්තවාදයට සහාය දක්වන්නෙකු බව ජනතාව තුල මතයක් ඇති කිරීමට යි. එයිනුද නොනැවතී යලිත් වරක් ජාතිවාදී උදය ගම්මන්පිල කියා සිටියේ ජවිපෙ සහ පාතාලය යනු සහෝදරයන් බවත් රට තුල සිදුවන පාතාල ක්‍රියාකාරකම් වලට ජවිපෙ සම්බන්ධයක් තිබෙන බවයි. ඉන් අනතුරුව ජාතිවාදී උදය ගම්මන්පිල තවත් සාහසික බොරුවක් අත හැරියේ ජනාධිපති අනුර දිසානායකගේ ජර්මානු සංචාරය පිළිබඳවයි. එහිදී ඔහු කීවේ ජනාධිපතිවරයා ජර්මනියට ගියේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නොවන බවත් විදෙස්ගත එල්ටීටීඊ නායකයෙක් වන 'නෙදියවන්' නමැත්තා ඇතුළු දෙමළ ඩයස්පෝරාව හමුවීමට බවයි. මෙහි අවසන් කූඨ ප්‍රාප්තිය නම් කන්කසන්තුරේ පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන පණිවිඩයයි. නාඳුනන පුද්ගලයා කියා සිටියේ කන්කසන්තුරේ පොලිසි 10 කට ප්‍රහාරයක් එල්ල කරන බවයි. 

සිදුවීම් දාමය ඉහත ආකාරයට සිදුව තිබේ. මේ සියල්ලෙන්ම සිදුකර තිබෙන්නේ එක් අරමුණක් ඉටුකර ගැනීම බව ඕනෑම අත දරුවෙකුට වුව පැහැදිලි වේ. එනම් රට තුල ජාතික ආරක්ෂාවට තර්ජනයක් කරමින් ජනතාව අතර වාර්ගික නොසන්සුන්තාවයක් ඇවිලවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බවයි.

විශාල ගින්නක දුම් රොටු..

විශාල ගින්නක දුම් රොටු තැනින් තැන පැන නගිමින් තිබේ. මේවා එකිනෙකට සම්බන්ධ වේ. උදය ගම්මන්පිල යනු මාධ්‍ය ජාලයක අයිතිකරුවෙකුගේ පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකි. ඔවුන්ට ඕනෑම බොරුවක් සමාජගත කිරීමේ බරපතල හැකියාවක් තිබේ.  

මෙවැනි වෛරී අපරාධ මැඩ පැවැත්වීම සඳහා වෛරයට හෝ සාහසික ක්‍රියාවලට පොළඹවන ජාතික, වාර්ගික, ආගමික ද්වේශය පැතිරවීම නීතියෙන් තහනම් කර ඇති අයිසීසීපීආර් පණත සම්මත කර ඇත්තේ මෙවැනි අවස්ථාවල ප්‍රයෝජනයට ගැනීමට ය. එය කිසිසේත්ම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හෝ භාෂනයේ අයිතිය පැහැර ගැනීමක් නොවන්නේ ය.

අයිසීසීපීආර් පණතේ තුන්වැනි වගන්තිය අනුව..

අයිසීසීපීආර් පණත සම්බන්ධයෙන් එහි විශ්ලේෂනයක් සහ නිරදේශයන් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ එවක සභාපතිනිය ආචාර්ය දීපිකා උඩුගම ගේ අත්සනින් 2019 අගෝස්තු 29 දා නිකුත් කර ඇති ලියැවිල්ලේ ඒ බව පැහැදිලිව සඳහන් වේ. එම ලියැවිල්ල ආරම්භ කරන්නේම අයිසීසීපීආර් පණතේ තුන්වැනි වගන්තිය යනු 'වෛරී අපරාධ මැඩ පැවැත්වීම සඳහා උපයෝගී කර ගත යුතු වැදගත් නීති රාමුවක් ලෙස සලකනවා' යි කියමිනි. 

ඒ අනුව ඉහත කී කුමන්ත්‍රණ මාලාවේ සමාරම්භකයෙකු සේම අද දිනය දක්වාම පට්ට පල් බොරු සමාජගත කරමින් සිය කූඨ කුමන්ත්‍රණකාරී ක්‍රියාකාරිත්වය නතර කර නැති ජාතිවාදී උම්මත්තක උදය ගම්මන්පිලට එරෙහිව අයිසීසීපීආර් පණත යටතේ චෝදනා නැගීමට දැනටමත් අවශ්‍ය පමණට වඩා සාක්ෂි තිබේ. 

එබැවින් ජාතිවාදී උදය ගම්මන්පිල වහාම අයිසීසීපීආර් පණත යටතේ අත් අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස මේ රටේ සාමයට ලැදි බහුතර ජනතාව පොලිසිය ඇතුළු සියළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මෙවැනි තක්කඩි, පරාජිකා වී ඇති දේශපාලුවෙකුට රටේ ජනතාව මුලා කරමින් මේ සා විනාශයක් කිරීමට ඉඩ දී බලා ඉන්නේ ඇයි? ජනතාව ප්‍රශ්න කරති.  

ගම්මන්පිල අයිසීසීපීආර් පණත යටතේ අත් අඩංගුවට ගත යුත්තේ මන්දැයි හොඳාකාරව අවබෝධ කර ගැනීමට අයිසීසීපීආර් පණත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ විශ්ලේෂනය පහත දිගුවෙන් කියවන්න. 

https://hrcsl.lk/wp-content/uploads/2020/02/LEGAL-ANALYSIS-OF-THE-SCOPE-OF-SECTION-3-OF-THE-ICCPR-ACT-NO.56-OF-2007-_-Sinhala.pdf

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2025-06-14 13:57:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links