~

කළු සල්ලි, සංවිධානාත්මක පාතාල අපරාධ, මත්ද්‍රව්‍ය සහ මූල්‍ය වංචා සිදුකළ 88 කගේ කෝටි ගණන් වත්කම් තහනම් කරයි..! වැඩිම වත්කම් කෝටි 75 කට අධික දෙමටගොඩ රුවන්ගේ..! ලැයිස්තුව මෙන්න..!

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.15, ප.ව.8.20) මුදල් විශුද්ධිකරණයෙන්, සංවිධානාත්මක අපරාධ වලින්, මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාවලින් සහ මූල්‍ය වංචාවන් ගෙන් දේපොල සහ ධනය උපයා ගත් පාතාල නායකයන්, තක්කඩියන් 88 දෙනෙකුගේ දේපොල සහ ධනය අධිකරණයෙන් ලබා ගත් නියෝග අනුව  පොලිසිය මගින් තහනම් කර තිබේ. එකී දේපොල වලට ඉඩ කඩම්, නිවාස සහ ව්‍යාපාරික ගොඩනැගිලි, ව්‍යාපාර, යාන වාහන, රත්‍රන්, බැංකු ගිණුම්, බෝට්ටු සහ වල්ලම් සහ උකස් පත්‍රිකා ද ඇතුලත් වේ. 

මෙම 88 දෙනාගෙන් වැඩිම දේපොලක් තහනම් කර ඇත්තේ 'දෙමටගොඩ රුවන්' නමැති පාතාල නායකයාට අයත් දේපොල වේ. ඊට රුපියල් කෝටි 9 ක ගිණුම් 5 ක්,  කෝටි 38 ක් වටිනා ඉඩම් 2 ක්,  කෝටි 20 ක් වටිනා වාහන 10 ක්, කෝටි 2 කට අධික වටිනාකමක් ඇති රත්‍රන් කිලෝ එක හමාරක්, කෝටි 4 කට අධික වටිනාකම් ඇති නිවාස 2 ක් , කෝටි එක හමාරක පමණ වටිනා උකස් පත්‍රිකා ද ඇතුළු රුපියල් කෝටි 75 කට අධික වත්කම් ඇතුලත්ව තිබේ.

සම්පුර්ණ ලැයිස්තුව පහත ඉමේජ වල දැක්වේ.

---------------------------
by     (2025-06-15 14:57:49)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links