~

සජිත්ගෙන් අම්මට සිරි න්‍යායක්.! "රහස් ඡන්දයක් පැවැත්වීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්" ලු..!!

-චන්ද්‍රප්‍රදීප් ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.16, ප.ව.10.30) තමන්ට කිසිදු බහුතර ජනමතයක් නොතිබෙන බව දැන දැනම පළාත් පාලන ආයතන වල බලය ඉතා අවස්ථාවාදී ලෙස, තම ප්‍රතිපත්ති කුණු බක්කියට දමා, කොක්කෙන් හෝ කෙක්කෙන් ලබා ගැනීමට උත්සාහ කළ සජබ නායක සජිත් ප්‍රේමදාස කොළඹ මහ නගර සභාවේ බලය තමන්ට අහිමි වීම සම්බන්ධයෙන් 'අම්මට සිරි න්‍යායක්' ඉදිරිපත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. 

"කොළඹ නගර සභාවේ සභිකයින් 60 ක් අත්සන් කර විවෘත ඡන්දයක් ඉල්ලා සිටින විට ඒ ඉල්ලීම පැහැර හැරීම ගැටළුවක් බවත්, රහස් ඡන්දයක් පැවැත්වීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත්" සජිත් ප්‍රේමදාසගේ අම්මට සිරි න්‍යාය සහිත නිවේදනයේ දැක්වේ. සජිත්ගේ නිවේදනයේ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මාර්ගෝපදේශ අනුව කටයුතු නොකිරීම ගැනද සඳහන් කර ඇති අතර,  කොළඹ නගර සභාවේ බලය ලබාගැනීමේ සජිත්ගේ මෙහෙයුම සිදුකළ මුජිබුර් රහ්මාන් කියා සිටින්නේ කොමසාරිස්වරිය බලහත්කාරයෙන් රහස් ඡන්දයකට ගිය බවයි.

මේ ගොනාට අන්දවන්න හදන්නේ කාව ද?

ප්‍රථමයෙන්ම කිව යුත්තේ මෙම ඡන්ද විමසීම සජීවීව රූපවාහිනී නාලිකාවලින් ප්‍රචාරය කළ බැවින් කොමසාරිස්වරිය බලහත්කාරයෙන් රහස් ඡන්දයකට නොගිය බව මුජිබුර්ගේ බූරු මොළයට නොවැටහුනාට එය බැලූූ අත දරුවෙකුට පවා තේරුම් යන බවයි. විවෘත ඡන්දයක්ද රහස් ඡන්දයක් ද යන්න ගැන විවාදය අවසන් කරමින් නගරාධිපතිවරයා හෝ වරිය තෝරාගැනීම පෙරට ගෙන ඒ සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට ඇය කිහිප වතාවක්ම දෙපාර්ශවයේ කැමැත්ත ලබා ගත්තා ය. අනෙක් අතට ඒ සඳහා ද යෝජනා සම්මතයක් ලබා ගත්තා ය. එසේ පැහැදිලිව වීඩියෝ වාර්තා  තිබිය දී කොමසාරිස්වරිය බලහත්කාරයෙන් රහස් ඡන්දයකට ගියා යැයි මුජිබුර් දොඩවන්නේ මොළය කොලොප්පන් වී දැයි ප්‍රශ්න කළ යුතු ය. ඔහු මේ ගොනාට අන්දවන්න හදන්නේ කාව ද?

සභිකයින් 60 ක් පෙර අවස්ථාවක දී අත්සන් කර තිබිය දී රහස් ඡන්දයක යෑම ගැටළුවක් යැයි සජිත් කියන්නේ අමු කැවිලා ද? එහිදී කොමසාරිස් වරිය පැහැදිලිවම කියන්නේ පිටත දී අත්සන් කළ ලියැවිලි නොව තමන් ඉදිරියේ සභිකයන්ගේ කැමැත්ත ප්‍රකාශ විය යුතු බවයි. ඉතින් සජිත්ගේ කලින් අත්සන් කළ 60 දෙනා ඒ අවස්ථාවේ දී ද සිටියා නම් ඡන්දයේ දී ඔහුගේ අපේක්ෂකයා ඡන්ද 54 ක් පමණක් ලබා ගත්තේ මන්ද? එමගින්ම පෙනී යන්නේ ඔවුන් කල් තබා හැදූ අත්සන් 60 ලේඛනය කූඨ ලේඛනයක් බව නොවේ ද? 60 ක අත්සන් ගැන කියද්දී රහසිගත ඡන්ද විමසීමෙන් පසු 54 ක් පමණක් වීමෙන්ම කලින් අත්සන් නොව තමන් ඉදිරියේ සභිකයන්ගේ කැමැත්ත ප්‍රකාශ විය යුතු යැයි කොමසාරිස්වරියගේ ස්ථාවරය නිවැරදි බව තහවුරු වනවා නොවේ ද?

ගොං කම තප්පුලන අපූරුම කතාව..

සජිත් ප්‍රේමදාසගේ ගොං කම තප්පුලන අපූරුම කතාව වන්නේ "රහස් ඡන්දයක් පැවැත්වීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්" බව කීමයි. මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ එවැන්නක් සඳහන් වන්නේ කොතැනක දැයි සජිත් ප්‍රේමදාස කිව යුතුය. "රහස් ඡන්දයක් පැවැත්වීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්" නම් ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම තැනකම පවත්වන ජනාධිපතිවරණ, මැතිවරණ සියල්ලම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ය. මන්ද ඒ සියල්ල රහස්‍ය ඡන්දයන් ය. 

පළාත්පාලන ආයතනයක දෙකක බලය කෙසේ හෝ ඩැහැ ගැනීම සඳහා මෙතෙක් කාලයක් කට මත දෙඩූ 'ප්‍රතිපත්ති' බලු ගුදයේ ලා හොරු සමග එකට ලැග්ග, සජිත් ප්‍රේමදාස වැනි සජබ මැටි මෝල් නායකයන්ට කිව යුත්තේ පරාජය පිළිගෙන දැන්වත් කකුල කටේ දමා ගැනීමෙන් වළකින ලෙසයි.

කොළඹ මහ නගර සභාවේ කොට්ඨාශ 66 කින් කොට්ඨාශ 14 ක් පමණක් ජයගත් සජබ කටමැත දොඩවන්නේ නැතිව තමන්ට ජනතාව අතර හිමි ස්ථානය හරියට වටහා ගත යුතු ය.

සත්‍ය වශයෙන්ම සජබට ඡන්දය දුන් අය තමන් ඡන්දය දුන්නේ 'මේ තරම් හරක් රැලකටදැයි?' කියා ඒ ගැන කණගාටු වනවා විය යුතුය.

-චන්ද්‍රප්‍රදීප්

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54

---------------------------
by     (2025-06-16 17:26:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links