~

ඊශ්‍රායලයේ රැකියාලාභීන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි..!

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.17, ප.ව.11.20) ඊශ්‍රායලය හා ඉරානය අතර වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බැව් ඊශ්‍රායලයේ පිහිටි ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) දන්වා ඇත.

මෙම තත්ත්වය යටතේ ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව අත් හිටුවා ඇති බව ඊශ්‍රායල් රැකියා සඳහා තෝරා ගනු ලැබූ සියලුම රැකියා අපේක්ෂිතයින් වෙත මෙයින් දන්වා සිටිමු.

එමෙන්ම, මේ වන විට ඊශ්‍රායලයේ  රැකියාවක නිරතව සිට නැවත ඊශ්‍රායලය වෙත රැකියාව සඳහා යෑමට අපේක්ෂාවෙන් (Re-entry) මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින් හට ද මෙය අදාල වේ.

1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 39 (1) (ආ) වගන්තිය ප්‍රකාරව, ඊශ්‍රායල් රැකියා සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය එම කාර්යාංශය විසින් නැවත දැනුම් දෙනතුරු සිදු නොකරනු ලබන අතර ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු කිරීම එරට ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ (PIBA) දැනුම් දීම මත ඉදිරියේදී සිදු කරනු ලබන බැව් ද වැඩිදුරටත් දන්වා සිටිමු.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

---------------------------
by     (2025-06-17 22:06:11)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links