(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.18, ප.ව.8.20) සියයට පනහක් කිසිදු පක්ෂයක් ලබා නොගත් පළාත්පාලන ආයතන තුල බලය පිහිටුවීමේ දී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තම පක්ෂ නායකයන්ගේ තීරණ වලට පිටුපා ජාතික ජන බලවේගයට සහාය දැක්වීමත් සජබයේ අසමගියත් හේතුවෙන් සජබ තුල මහත් ව්‍යාකූලත්වයක් හට ගනිමින් මහජන නියෝජිතයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවමින් සිටී. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බව දේශපාලන විචාරකයන්ගේ මතය යි.
පසුගියදා දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ වූ මේ තත්ත්වය අද කොලොන්නාව නගර සභාවේ දී සහ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ දී ද දක්නට ලැබිණ.
කොට්ඨාශ 11 කින් සමන්විත කොලොන්නාව මහ නගර සභාවේ කොට්ඨාශ 9 ක්ම ජය ගත්තේ මාලිමාව වුවද ඔවුන්ට සියයට පනහ ලබා ගැනීමට නොහැකි විය. ලබාගත්තේ 43.9% කි. ලැබුනේ මන්ත්‍රීධූර 9 ක් පමණක් වූ අතර පවතින බහුබූත ඡන්ද ක්‍රමය අනුව බෝනස් මන්ත්‍රීධූර එකක් හො ලැබුනේ නැත. ඉතිරි කොට්ඨාශ 2 ජයගත්තේ සජබය වූ අතර ඔවුන්ට ජයගත් මන්ත්‍රීධූර 2 ට අමතරව බෝනස් මන්ත්‍රී ධූර 4 ක් ද ඇතුළුව මන්ත්‍රීධූර 6 ක් ලැබිණ. කොට්ඨාශ එකක් හෝ ජය නොගත් එජාපයට බෝනස් මන්ත්‍රීධූර 2 ක් ද, කොට්ඨාශ එකක් හෝ ජය නොගත් පොහොට්ටුවට බෝනස් මන්ත්‍රීධූර 1 ක් ද, කොට්ඨාශ එකක් හෝ ජය නොගත් සර්ව ජන බලයට බෝනස් මන්ත්‍රීධූර 1 ක් ද වශයෙන් මාලිමාවට විරුද්ධ පාර්ශවයන්ට මන්ත්‍රීධූර 10 ක් ලැබිණ.
මේ තත්ත්වය යටතේ අද (18) උදෑසන පළමු වරට රැස්වූ කොළොන්නාව නගර සභාවේ දී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, එහිදී විපක්ෂයේ සියලුදෙනා සභාවෙන් පිටව යද්දී සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ සුසිල් කුමාර කොස්තා පමණක් සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය දැක්වීම හේතුවෙන් කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.
එහිදී කොළොන්නාව නගර සභාවේ සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි තේරීපත්වූ අතර, උප සභාපති ධුරය සඳහා සමන් සෙනෙවිරත්න පත්වුණි.
සජබ නායකයන්ගේ කැමැත්තට අනුව කොළොන්නාව නගර සභාවේ සභාපති හා උපසභාපති පත්කිරීමේ දී කටයුතු නොකලා කියා සජබයේ වැඩිම මනාපයෙන් පත් වූ සුසිල් කුමාර කොස්තාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාශ 10 කින් 6 ක්ම ජයගත්තේ මාලිමාව වූ අතර ලැබුනේ මන්ත්‍රීධූර 6 පමණි. කොට්ඨාශ 3 ක් ජයගත් සජබයට බෝනස් මන්ත්‍රීධූරයක් ද සමග මන්ත්‍රීධූර 4 ක් හිමි විය. එක් කොට්ඨාශයක් ජයගත් පොඑපෙ ට බෝනස් එකක් ද සමග මන්ත්‍රීධූර 2 ක් හිමිවිය. එක් කොට්ඨාශයක් හෝ ජයනොගත් නමුත් බෝනස් මන්ත්‍රීධූර ලැබූ පක්ෂ වූයේ එජාපයට 1 ක් ද, පොහොට්ටුවට 2 ක් ද, සර්ව ජන බලයට 1 ක් ද වශයෙනි. ඒ අනුව මාලිමාවට විරුද්ධ කණ්ඩායම් වලට මන්ත්‍රීධූර 10 ක් තිබිණ.
නමුත් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අද සිදුවූයේ අපූරු සිද්ධියකි. එය සමගි ජන බලවේගයේ අසමගිය කෙතරම්දැයි පෙන්නුම් කළ අපූරු සිද්ධියකි. එහිදී සජබයෙන් තේරී පත්වූ නවරත්න මුදියන්සේලාගේ විජේපාල නමැති අය ද, සජබයෙන්ම තේරී පත් වූ ප්‍රියන්ත ඉන්ද්‍රජිත් නමැති අයද සභාපති තරඟයට ඉදිරිපත් විය. මාලිමාවෙන් හර්ෂ බන්දු රණවීර නම් අය ඉදිරිපත් විය. පැවැත්වූයේ රහස් ඡන්දයකි. විපක්ෂයේ ඡන්ද දෙකට බෙදී යාමත් විපක්ෂයේ කිසියම් ප්‍රමාණයකගේ රහස් ඡන්දය ලැබීමත් නිසා කරදරයකින් තොරව වැඩි ඡන්දයෙන් මාලිමාවේ හර්ෂ බන්දු රණවීර සභාපති ලෙස ජය ගත්තේ ය.
සිද්ධියෙන් පසු සභාවෙන් එළියට පැමිණි සජබයේ සභාපති අපේක්ෂකයන් දෙදෙනා සහ සජබ ආසන සංවිධායක කමල් රාජපක්ෂ නමැති අය අතර උණුසුම් වචන හුවමාරුවක් දුර දිග ගොස් ගුටි බැට හුවමාරුවක් ද සිදුවිය. පසුව පොලිසියට ද මැදිහත් වීමට සිදුවිය.
ඉන්පසු සජබ නායකයන්ට විරුද්ධව කටයුතු කරමින් ඡන්දයට ඉදිරිපත් වූවා කියා නවරත්න මුදියන්සේලාගේ විජේපාල මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සජබ නායකත්වය තීරණය කර තිබේ.
සේයාරුවේ දැක්වෙන්නේ කන්දකැටියේ ගෝරියයි
---------------------------
by (2025-06-18 14:51:34)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි