~

රනිල්ගේ යුගයේ දී කෙහෙළිය ගෙන්වූ බාල ඖෂධවල තිබුණේ මාරාන්තික බැක්ටීරියා සහ ලුණු වතුර විතරයි..! ජර්මන් පර්යේෂනාගාරයකින් වාර්තාවක්..! - අධිකරණය සසල කරමින් නීතිපති දැනුම් දෙයි..!!

-විෂ බෙහෙත් වෙනුවෙන් මහජන මුදල් රුපියල් ලක්ෂ 1444 ක් වියදම් කරලා..! මරණීය දණ්ඩනය දෙන්න..!

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.19, ප.ව.11.00) ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ආනයනය පිළිබඳ දූෂිත ඖෂධ ගනුදෙනුව ගැන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව අද (19) අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී හෙළිවූ කරුණු ගැන අධිකරණය ද සසල වී ගියේ ය. 

ඒ අද එම නඩුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අද (19) අධිකරණය හමුවේ ඉදිරිපත් කළ සාක්ෂි අනුව ය. 

විෂ සහිත වූ බැක්ටීරියා වතුර සහ ලුණු වතුර පමණයි..

මෙහිදී, ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර විෂ සහිත වූ බැක්ටීරියා වතුර අන්තර්ගතව තිබූ බවත් එමෙන්ම,පිළිකා නාශක  ඖෂධයක් ලෙස රෝගීන්ට ලබා දුන් රිටොක්සිමැප් ද්‍රාවණය පරීක්ෂා කිරීමේදී  පිළිකාවකට සටන් කළ හැකි කිසිදු ප්‍රෝටීනයක් එහි අන්තරගත නොමැති බවත් ලුණු පමණක් එහි අන්තරගත වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතීතකරණ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකින් ලබා ගත් වාර්තා වල සඳහන්ව ඇතැයි ලක්මිණි ගිරිහාගම අධිකරණයට දැනුම් දුන්නා ය.

පරීක්ෂා කිරීමට ලබා දුන් ද්‍රාවණවල අන්තර්ගතය සම්බන්ධයෙන් වූ විශ්ලේෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ  ලුණු වතුර සහ බැක්ටීරියාවන්ගෙන් විෂ වූ ද්‍රාවණයක් සැපයීමට එවක ආණ්ඩුව විසින් මහජන මුදල් රුපියල් ලක්ෂ 1444 ක් වැය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.

බෙහෙත් හදන්න කියා ගෙන්වා ඇත්තේ උපත් පාලන රසායනික..

මෙම බාල ඖෂධ නිෂ්පාදනයට යැයි කියා ඉන්දියාවෙන් ගෙන් වූ ඖෂධ සියල්ල මොනවාදැයි රේගු වර්ගීකරණ අංකය (3006.60.00) යටතේ ගෙන්වා ඇති බවත් ඒ පිළිබඳ රේගුවෙන් පරීක්ෂා කිරීමේ දී දැන ගන්නට ලැබී ඇත්තේ ඒවා රසායනික උපත් පාලන වර්ග බවයි. ඒ අනුව මේ සැකකරුවන් හිතාමතාම සාපරාධී අපරාධයක් කරන්නට දායක වී ඇතැයි ද  ලක්මිණි ගිරිහාගම වැඩිදුරටත් අධිකරණයට ප්‍රකාශ කළා ය.

සැකකාර ඇමැති කෙහෙළිය සහ බාල විෂ බෙහෙත් සැපයූ පුද්ගලයින් අතර දුරකථන සංවාද සිදුව ඇති බව දුරකථන වාර්තා අනුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇති බවත් ගිරිහාගම හෙළි කළා ය.

නඩුව නැවත ජූලි 16 වැනිදා  කැඳවීමට නියම කළාය.

දැන් අපි දන්නවා අපේ දරුවාට විද්දේ විෂ කියලා..

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන්ට ද, ඉහත කී ඉමියුනොග්ලොබුලින් වෑල්ව් ලබා දී ඇති අතර ඉන් බලපෑමට ලක් වූ රෝගීන්ගේ පවුල් පිළිතුරු ඉල්ලා සිටිති.

“අපි රජයේ රෝහල විශ්වාස කළා. මගේ දරුවාට උණ රෝගයක් අතරතුර මෙම ඖෂධය ලබා දුන්නා,” රත්නපුරයේ මවක් වන තිළිණි පෙරේරා පැවසුවාය. “එන්නත් කිරීමෙන් පසු දරුවාට වමනය සහ වලිප්පුව ඇති වුනා. වෛද්‍යවරු අපට කිව්වා එය සාමාන්‍ය දෙයක් කියලා. දැන් අපි දන්නවා අපේ දරුවාට විද්දේ විෂ එන්නතක් කියලා.”

වන්දි ඉල්ලා පවුල් අවම වශයෙන් සිවිල් නඩු 17ක් දැනටමත් ගොනු කර ඇත.

ගිරිහාගමගේ මෙනෙවියට අනුව, ඉමියුනොග්ලොබියුලින් ප්‍රසම්පාදනය පිළිබඳ විමර්ශනය දැන් අවසන් වී ඇති අතර, නීතිපති දෙපාර්තමේන්තුව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට සූදානම්ය. චෝදනාවලට සාපරාධී නොසැලකිල්ල, ප්‍රසම්පාදන වංචාව, විශ්වාසය කඩ කිරීම සහ මිනීමැරීමට තැත් කිරීම ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සැකකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් වන්නේ:

⋆ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,
⋆ විෂ ඕෂධ සැපයූ Ayushulem Biotech Pharma හි හිමිකරු සුගත් ජානක ප්‍රනාන්දු,
⋆ හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් ආචාර්ය රුවන් විජයමුණි, 
⋆ මධ්‍යම මට්ටමේ ප්‍රසම්පාදන සහ නියාමන නිලධාරීන් හය දෙනෙක්,
⋆ බෙදා හැරීමට පහසුකම් සැලසූ බවට චෝදනා එල්ල වන එක් සැපයුම් සම්බන්ධීකාරකයෙක් වෙති.

නීති විශේෂඥයින් විශ්වාස කරන්නේ රඹුක්වැල්ල සිය අමාත්‍ය ධුරය භාවිතා කරමින් සුගත් ජානක ප්‍රනානදු සහ ඉහළ සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනා සමඟ පවත්වා ඇති සෘජු සන්නිවේදනය හේතුවෙන් ඔහුට දැඩි චෝදනා එල්ල විය හැකි බවයි.

නීතිපති දෙපාර්තමේන්තුව සැකකරුවන්ට එරෙහිව වත්කම් තහනම් කිරීම සහ විදේශ සංචාරක තහනම් කිරීම ද ඉල්ලා සිටියේ ය.

තක්කඩියන්ට මරණ දණ්ඩනය හිමි විය යුතුයි..

තමන් ගෙන්වූ විෂ බෙහෙත්වලින් රෝගීන් මිය යද්දී ඒ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරද්දී එවක සෞඛ්‍ය ඇමැතිධූරය දැරූ කෙහෙළිය රඹුක්වැල්ල ඉතා උද්ධච්ඡ ලෙස කියා සිටියේ 'රෝහල් වලට ඇතුලත් වෙන සියළු දෙනා සුවපත් නොවී මැරෙණ බවත්, රෝහල් අසල අවමංගල්‍ය මල් ශාලා  පිහිටා ඇත්තේ ඒ නිසා' බවයි.

මේ සිදුකළ සාහසික අපරාධය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තක්කඩියන්ට මරණ දණ්ඩනය හිමි විය යුතු යැයි ජනතාව ප්‍රකාශ කරති.

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි  

---------------------------
by     (2025-06-19 22:56:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links