(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.19, ප.ව.11.10) වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා හිටපු ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
අදාළ පුද්ගලයන් අයථා ලෙස ඉපැයූ බව කියන මුදල් යොදවා විශාල වශයෙන් දේපොළ මිලදීගෙන ඇති බව ලද පැමිණිලිවලට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සොයාගෙන ඇත.
මෙසේ විමර්ශන ආරම්භ කර ඇති දේශපාලකයන් අතර නාමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිස්සකුට්ටි ආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍ය රාසමානික්‍යම්, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හා ශාන්ත අබේසේකර යන අයගේ නම්ද ඇතුළත්ව ඇති බව සඳහන්.
ඔවුන්ව ඉදිරියේදී අදාළ ඒකකයට ගෙන්වා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවද වාර්තා වේ.
මේ අතර හිටපු හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ දේපළ සම්බන්ධයෙන් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ විමර්ශනයේදී යම්කිසිවෙකු අයථා ලෙස මුදල් උපයාගෙන ඇති දේපළ මිලදීගෙන ඇති බවට හෙළි වුවහොත්, ඒවා පවරාගෙන අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව උසස් නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
මේ අතර උපයාගත් ආකාරය හෙළිකල නොහැකි නමුත් විශාල වත්කම් ප්‍රමාණයට හිමිකම් කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල ට ද අධිකරණයට නොව විමර්ශන සිදුකරන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් සිදුකරණ විමර්ශන වලට සහාය වන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
---------------------------
by (2025-06-19 23:16:37)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි