~

හික්කඩුව වනජීවි සමුද්‍ර අභයභූමිය මත්ද්‍රව්‍යකාරයන්ගේ මැරයන්ගේ රාජධානියක් කරගෙන..!

-විශේෂ වාර්තාකරුවෙකු හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.23, පෙ.ව.7.20) හික්කඩුව වනජීවි සමුද්‍ර අභයභූමියට අයත් මුහුදු වෙරළට පැමි‍ණෙන කැස්බෑවන් පාතාල මැරයන් විසින් ස්වකීය ග්‍රහනයට ගෙන මුදල් උපයන ජාවාරමක් බවට පත් කරගෙන තිබේ. මෙය අදාල වනජීවී පැවැත්මට මෙන්ම වෙරළට පැමිණෙන ජනතාවට ද බරපතල තර්ජනයකි.

මත්ද්‍රව්‍ය භාවිතා කර, අසභ්‍ය ලෙස කථා කරමින් හැසිරෙන මෙම මැරයෝ වෙරළට පැමිණෙන කැස්බෑවන් අල්ලාගෙන උන්ට විවිධාකාර ආහාර ද්‍රව්‍ය කවමින් වෙරලේම රඳවාගෙන තබා ගනිති. එම කැස්බෑවන් නැරඹීමට මෙන්ම එම සතුන් ස්පර්ශ කිරීමට ද දේශීය සහ විදේශීය  සංචාරකයන් හට අවස්ථාව ලබා දී මුදල් අයකරන ජාවාරමක මොව්හු නියැලෙති.

මේ මැරයෝ එක් සංචාරකයෙකුගෙන් රුපියල් දාහේ සිට ඉහලට මුදල් අයකරන අතර, එසේ මුදල් ලබා නොදෙන පුද්ගලයන් වෙරළ තීරයෙන් පලවා හරිති. වෙරළ ඔවුන්ට ලියා දී ඇති සෙයකි.

මේ හේතුවෙන් ස්නානය හෝ වෙරළේ ඇවිදින ඇවිදින කුඩා දරුවන් සහ වැදගත් කාන්තාවන් පවා මහත් පීඩාවට පත් වෙති.

මෙම ස්ථානයට මීටර දෙසිය පනහක පමන ආසන්නව හික්කඩුව වනජීවී කාර්යාලය පිහිටා ඇති අතර හික්කඩුව සංචාරක පොලිසියක් ද ඇති නමුත් ඔවුන් මෙම වනජීවි සහ මහජන පීඩාව පිළිබඳව නොසලකා හැර ඇති බව යාබද හෝටලයක ආරක්ෂක නිළධාරීයෙකු විසින් ප්‍රකාශ කරනු ලැබීය.

මෙම කැස්බෑවන් සැරිසරන ප්‍රදේශය වනජීවි සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් සුදුසු පරිදි සංරක්ෂණය කර සතුන් නැරඹීම අධීක්ෂණය සහ ඒ වෙනුවෙන් විධිමත් ගාස්තුවක් අයකරන ක්‍රමවේදයක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රීයාත්මක විය යුතුය.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2025-06-23 01:53:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links