~

ඉරානය සහ ඊශ්‍රායලය සම්පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බව ට්‍රම්ප් කියයි..!

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.24, පෙ.ව.5.30) ඉරානය සහ ඊශ්‍රායලය පූර්ණ සටන් විරාමයකට ("complete and total" ceasefire) එකඟ වූවා යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පැයකට පමණ පෙර සිය සමාජ මාධ්‍ය ජාලාවල පණිවුඩයක් තබා තිබේ. ඔහු පසුව වැඩිදුරටත් විස්තර කරන්නේ ඇමරිකානු වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ සිට සටන් විරාමය ආරම්භ වන අතර ප්‍රථමයෙන් ඊශ්‍රායලය පැය 24 ක සටන් විරාමයකට එකඟ වූ බවත් ඉරානය පැය 12 ක සටන් විරාමයකට එකඟ වූ බවයි. නමුත් මේ සටහන ලියන විටත් වොෂින්ටනයට වේලාව රාත්‍රී 7.30 බැවින් දෝ තවමත් ටෙහෙරානය තුල සහ ටෙල් අවීව් තුල පිපිරීම් වාර්තා වේ.

කෙසේ වෙතත් ඉරානය හෝ ඊශ්‍රායලය මේ දක්වා තමන් සටන් විරාමයකට එකඟ වූ බව ප්‍රසිද්ධියේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. 

ඉරානයේ න්‍යෂ්ටික බලගාරයක් ඉලක්ක කර ඇමරිකාව බලගතු බෝම්බ හෙලීමෙන් පසු දා රාත්‍රියේ (22 රාත්‍රියේ) ඉරානය ඊශ්‍රායලයට දැවැන්ත හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක් එල්ල කෙළේ ය. මිසයිල 580 ක් පමණ එල්ල කළ බව ඉරානය කියයි. ඊට පෙර ඊශ්‍රායලය නිල වශයෙන් ප්‍රකාශ කර තිබුනේ තමන්ගේ මිසයිල ආරක්ෂක පද්ධතිය සියයට 90 ක් නොව දැන් ක්‍රියා කරන්නේ සියයට 65 ක් බවයි. එය සත්‍යයක් නම් ඊයේ ප්‍රහාරයේ දී ඉරාන මිසයිල 200 ක් පමණ හෝ ඊශ්‍රායලයේ ඉලක්ක වෙත ලඟා වී තිබේ. කෙසේ වෙතත් ඉන් අඩුම ගණනේ දහසකට අධික පිරිසක් එක්වරම මිය ගිය බව ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු පැවසීය. ඉන්පසු 23 සවස කටාර්හි පිහිටි ඇමරිකානු විශාලම හමුදා කඳවුරකට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කෙළේ ය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සටන් විරාම කතාවක් කියන්නේ ඉන්පසුව ය. කෙසේ වෙතත් ඉරාන ඊශ්‍රායල අර්බුදයට පෙර සිටම ඊශ්‍රායල ගාසා තීරයට අමානුෂික බෝම්බ හෙලීමේ සිට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති කතා කිසිවක් විශ්වාස කළ නොහැකි ය. ඔහු දිව දෙකේ පුද්ගලයෙකු බව ලොව සිටින සියළු බුද්ධිමත් රාජ්‍ය තාන්ත්‍රිතයන්ගේ  පිළිගැනීමයි.

මේ අතර ඉරානයට ලැදි රුසියාව සහ චීනය ද පකිස්ථානයද සටන් විරාම යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත ඊයේ (23) ඉදිරිපත් කර තිබිණ. රටවල් දෙකටම සටන් විරාමයක අවශ්‍යතාවය නම් නොතිබෙනවා නොවිය යුතුය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස්හි ඉංග්‍රීසි සංස්කරණයට අපගේ විදේශ කටයුතු පිළිබඳ වාර්තාකරු ලියූ ලිපියක සිංහල සංස්කරණය තව ටිකකින් බලාපොරොත්තු වන්න.

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2025-06-24 03:20:34)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links