~

අඩු පිරිවැයකින් තුන්වන ලෝක යුද්ධය අවසන් වීද? ඩොනල්ඩ් ට්‍රම්ප්, B-2 බෝම්බ හෙලන යානා, හයිපර්සොනික් මිසයිල, න්‍යෂ්ටික අත්හදා බැලීම්..! පරම සතුරන් දෙදෙනෙකුගේ සටන් විරාමය.! තිරය පිටුපස සිදුවීම් රැසක් මෙන්න..!

-LeN ඉංග්‍රීසි සංස්කරණයේ විදේශ කටයුතු වාර්තාකරු ලියූ වාර්තාවක සිංහල පරිවර්තනය

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.24, පෙ.ව.8.30) එය ආරම්භ වූයේ මහා හඬක් සමඟ නොව, රේඩාර් තිරයක දැල්වෙන කුඩා බීප් ශබ්දයකිනි. පසුගිය ජුනි 13 වන දින ඉරානයට දේශීය වේලාවෙන් 04:22 ට, ඊශ්‍රායල F-35 ගුවන් ප්‍රහාරක බලඝණයක් ඉරාන ගුවන් අවකාශය සිදුරු කළේය. ඊශ්‍රායල ආරක්ෂක හමුදා පසුව විස්තර කෙළේ "ඉරානයේ IRGC (Islamic Revolutionary Guard Corps) හි ප්‍රභූ නිලධාරීන් ඉලක්ක කරගත් රහසිගත මෙහෙයුමක්" සිදුකළ බවයි. ප්‍රහාරය සර්පිලාකාර වී කලාපීය විනාශයක ආරම්භය යැයි පැය 24 කටත් අඩු කාලයක් ගත වෙද්දී ලොව බොහෝ දෙනා බිය වූහ. නමුත් එය අනපේක්ෂිත ලෙස අවසන් වී තිබේ. හෙයාර් ස්ප්‍රේ එකක සැක සහිත සුවඳක් ඇති කාමරයක කිසිවෙකුට අතට අත දීමකින් තැරැව්කරුවෙකු වන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 'සටන් විරාමයක්' අද සවස ප්‍රකාශයට පත් කරන ලදී.

නමුත් ගුවන් ප්‍රහාර සහ සටන් විරාම අතර ඇති වූ අවුල් සහගත දින දොළහ තුළ, ලෝකය ඇඟිලි තුඩු වලින් සිටගෙන සිටියේය. ටෙල් අවිව්හි අහස ඉරාන බැලස්ටික් මිසයිලවලින් ආලෝකමත් විය. ඇමරිකාවෙන් පළිගැනීම සඳහා ඉරාන සිවිල් වැසියන් ටෙහෙරානයේ විප්ලවකාරී චතුරස්‍රයට රැස් වෙද්දී ටෙහෙරානයේ අනෙක් වීදි හිස් විය. ඉරාන කාන්තාරයේ කොතැනක හෝ භූගත කම්පනයක් ඇති විය. එය භූමිකම්පාවක් නොව, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ පසුව තහවුරු කළේ, එය න්‍යෂ්ටික අත්හදා බැලීමක නොවරදින පිය සටහන් බවයි.

පළමු ප්‍රහාරය

ඊශ්‍රායල ඩ්‍රෝන ආක්‍රමණ සහ සයිබර් කඩාකප්පල්කාරී ක්‍රියාවලට ඉරානයේ හමුදා නිලධාරීහු හුරුවී සිටියහ. නමුත් පසුගිය ජුනි 13 වන දින ප්‍රහාරය වෙනස් විය. ඉරාන රේඩාර් වලට හසු නොවී පහළට පියාසර කළ ඊශ්‍රායල ජෙට් යානා, ඉරානයේ ඉහළම මිසයිල විද්‍යාඥයින් සහ IRGC ඉහල ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් ලෙස විශ්වාස කළ ස්ථානයකට උණ්ඩ ප්‍රවාහයක් එල්ල කෙළේ ය. ඒවායේ ඉලක්ක නිවැරදි විය. මොසාඩ් ඊශ්‍රායල රහස් ඔත්තු සේවය එය හැඳින්වූයේ "පළමු ස්ථරයේ ඉලක්කයක්" ලෙස ය.

ඉරානයේ පළිගැනීම වේගවත් හා නාට්‍යමය විය. පැය කිහිපයක් ඇතුළත, ටෙහෙරානය විසින් ඊශ්‍රායලයේ Negev හි ගුවන් කඳවුරු සහ හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින්, බොහෝ දෙනාගේ ප්‍රශංසාව හිමි වූ, ඉරානය සතු  Fattah-2 නම් හයිපර්සොනික් මිසයිල ඇතුළු මිසයිල මාලාවකින්  ප්‍රතිප්‍රහාර එල්ල කළේය. ඊශ්‍රායලයේ අයන් ඩෝම් ආරක්ෂන පද්ධතිය ඇතුළු පද්ධති බොහෝ ප්‍රහාරයන්ට බාධා කළ නමුත් තවත් මිසයිල Beersheba සහ Ashkelon වැනි සිවිල් ජනයා වෙසෙන  ප්‍රදේශ වෙත ඉලක්ක ගත විය. දරුවන් දෙදෙනෙකු ඇතුළුව ඊශ්‍රායල ජාතිකයින් පස් දෙනෙකු ඉන් මිය ගියහ.

බරපතල දූෂණ චෝදනා සම්බන්ධයෙන් තවමත් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, නාට්‍යමය විරෝධතාවයකින් එම මොහොත අල්ලා ගත්තේය. "න්‍යෂ්ටික බලය පිළිබඳ සිහින දැකීම ගැන ඉරානයට දඬුවම් කළ යුතුය," ඔහු ප්‍රකාශ කළේ ඔහුම නඩු විභාග කරන අධිකරණයක, ඔහු විසින්ම ඉදිකරගත් සුව පහසු තාවකාලික යුද වේදිකාවක සිටගෙනය.

නමුත් සංකේතාත්මකව සහ වචනාර්ථයේ යන දෙකෙහිම 'විශාල බෝම්බය' ඒ වන විටත් පැමිණීමට නියමිතව තිබුණි.

භූ කම්පන හෙළිදරව්ව..

ජූනි 16 වන දින, මධ්‍යම ඉරානයේ, Qom නගරය අසල කම්පනයක් අනාවරණය විය. මුලදී, නිලධාරීහු එය භූමිකම්පාවක් ලෙස පෙන්ටගනයට වාර්තා කළහ. නමුත් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ඊට එකඟ නොවීය. පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සිය (DIA) විසින් කරන ලද මාධ්‍ය හමුවකදී බොහෝ දෙනා සැක කළ දේ තහවුරු විය: "භූමිකම්පා අත්සනින් යුතුව පෙන්නුම් කරන්නේ අඩු ප්‍රතිඵලයක් සහිත භූගත න්‍යෂ්ටික පිපිරීමක්" ඔව්හු කීහ.

ලෝකයාගේ හුස්ම හිර කළේය. ඉරානය 'රුබිකන්' තරණය කර තිබුණි.

ඉරානය 'රුබිකන්' තරණය කිරීම.. 

'රුබිකන්' තරණය හෙවත් crossed the Rubicon යනු ඉංග්‍රීසි කියමනකි. ඒ කතාවත් මෙහි සටහන් කරමු.

ක්‍රි.පූ. 49 දී, එවක රෝම හමුදාවේ ජෙනරාල් වරයෙකු වූ ජූලියස් සීසර් තම හමුදාව ඉතාලිය සහ ගෝල් අතර මායිම සලකුණු කළ කුඩා ගංගාවක් වන 'රුබිකන්' ඉවුරට ගෙන ගියේය. රෝම නීතිය අනුව ජෙනරාල්වරයෙකුට තමාට පවරා ඇති පළාතෙන් එපිටට තම හමුදාව මෙහෙයවීම තහනම් බව සීසර් දැන සිටියේය. රුබිකන් තරණය කිරීමෙන් ඔහු එම නීතිය උල්ලංඝනය කරනු ඇත. "The Die is cast" සීසර් පැවසීය, ඔහු රුබිකන් ගඟ තරණය කෙළේ ය. එම නොසැලකිලිමත් ක්‍රියාව වසර තුනක සිවිල් යුද්ධයක් ඇති කළ නමුත් අවසානයේ ජූලියස් සීසර් රෝම අධිරාජ්‍යයේ අවිවාදිත අග්‍රගන්‍ය පාලකයා බවට පත්විය. එය ඉංග්‍රීසි භෂාවේ ජනප්‍රිය කියමන් දෙකක් නිර්මාණය කෙරිණ. 'crossed the Rubicon' 'රුබිකන් තරණය කිරීම' සහ "The Die is cast" 'දාදු කැටය දමනු ලැබේ' යන කියමන් දෙකයි. "දාදු කැටය දමනු ලැබේ" යන්නෙන් අදහස් කරන්නේ තීරණයක් ගෙන ඇති බවත්, එහි ප්‍රතිඵලය දැන් නොවැළැක්විය හැකි බවත්, ආපසු හැරීමක් නොමැති බවත්ය. එය බොහෝ විට ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර එය වෙනස් කළ නොහැකි, ආපසු හැරවිය නොහැකි ලක්ෂ්‍යයක් දැක්වීමට භාවිතා කරයි.

එනයින් ඉරානය 'රුබිකන්' තරණය කර තිබුණි.

පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සියේ ප්‍රකාශය ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කළේ හෝ ප්‍රතික්ෂේප කළේ නැත. දිනකට පසුව, අයතුල්ලා අල් කුමේනි ගේ කාර්යාලය ගුප්ත ප්‍රකාශයක් නිකුත් කළේය: "ඊශ්‍රායලයට දහස් ගණනක් යුධ හිස් සපයන අයට අපට පිළිතුරු දීමට අවශ්‍ය නැත." විශ්ලේෂකයින්ට, පණිවිඩය පැහැදිලි විය: -ඉරානය, න්‍යෂ්ටිකව බලවත් ජාතීන්ගේ සමාජයට එක් වී ඇත- මතභේදයකට තුඩු දෙන සිදුවීම් අතර වාරයේ වුව න්‍යෂ්ටිකව බලවත් ජාතීන්ගේ සමාජයට පකිස්ථානයෙන් පසු දෙවන ඉස්ලාමීය ජාතිය බවට ඉරානය පත්වී තිබේ.

ට්‍රම්ප්ගේ ඇතුළු වීම

එවක හිටපු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවූ අතර, රාජ්‍ය තාන්ත්‍රික රික්තයට පැන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. පැය කිහිපයක් ඇතුළත ෆ්ලොරිඩාවේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ වතුයායේ සිටි ට්‍රම්ප් ඔහුගේ ගොල්ෆ් කරත්තයේ හිඳිමින් වීඩියෝවක් පළ කෙළේ ය. “යුද්ධය නැවැත්විය හැක්කේ මට පමණයි. මාව විශ්වාස කරන්න, මම බිබී සමඟ (බෙන්ජමින් නෙතන්යාහු සමග ) හොඳින් කටයුතු කරනවා, මම ඉරාන ජාතිකයන් සමඟත් හොඳින් කටයුතු කරනවා. අපි සාමය ඇති කර ගනිමු.” ට්‍රම්ප් කීවේය.

අද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද අන්ධ වී ඇති සෙයකි. නමුත් කිසි විටෙකත් ප්‍රොටෝකෝලයන්ට කැමති නැති ට්‍රම්ප්, ක්‍රෙම්ලිනය කෙලින්ම සම්බන්ධ කර ගත්තේය. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි දැනටමත් මොස්කව්හි සිටින අතර, ඔහු පුටින්ගෙන් සහතික ලබා ගැනීමට උත්සාහ කරමින් සිටියේ ය. ඒ අතරවාරයේ ට්‍රම්ප් ගිවිසුමක් ඉදිරිපත් කළේය: එකී තිරය පිටුපස තැරැව්කරුවන් හරහා වූ සටන් විරාමය මොස්කව්, මාර්-ඒ-ලාගෝ සහ ටෙල් අවිව් අතර ත්‍රෛපාර්ශ්වික එකක් විය.

බොහෝ විට එය මේ වන විට ක්‍රියාත්මක වී තිබේ.

B-2 ඉත්තා පූජා කිරීම..

සටන් විරාමයකට පෙර, එක්සත් ජනපදය විසින් ඉරානයේ Qom හි සිට සැතපුම් 30 ක් දුරින් පිහිටි Podro අසල ස්ථානයකට විනාශකාරී ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. කටාර්හි Al Udeid  ගුවන් කඳවුරෙන් රහසිගතව පිටත් වූ B-2 බෝම්බ හෙලන යානා විසින් සිදු කරන ලද මෙම ප්‍රහාරය, "උපායමාර්ගික වැළැක්වීමක්" ප්‍රදර්ශනය කිරීමට අදහස් කරන ලද්දක් විය. එසේම 'භූගත' යන්නෙන් 'අදෘශ්‍යමාන' බවක් අදහස් නොවන බව ඉරානයට මතක් කිරීමක් ද ඒ තුල විය.

ඉරානයේ ප්‍රතිචාරය ගිනියම් එකක් වූ නමුත් එය කිරා මනින ලද එකකි. කටාර්හි එක්සත් ජනපද කඳවුරු මත ඉරාන බැලස්ටික් මිසයිල වැසි ඇද හැළුණු අතර, තුවාල සිදු වූ නමුත් කිසිදු මරණයක් සිදු නොවීය. ඉරාන භූමියට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමෙන් "සෞදි අරාබිය, බහරේනය, කුවේට් සහ ඉරාකයේ එක්සත් ජනපද හමුදා වත්කම්වලට පුළුල් පළිගැනීමේ ප්‍රහාර" සිදුවනු ඇතැයි ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ නිවේදනයක් මගින් අනතුරු ඇඟවීය.

මොහොතකට, යුද්ධය කලාපීය එකක් වනු ඇති බව පෙනෙන්නට තිබුණි. තෙල් මිල ඉහළ ගියේය. හෝමූස් සමුද්‍ර සන්ධිය අතහැර යාත්‍රා කිරීමට සූදානම් වන තෙල් නැව් වලින් ගහන විය. යේමනයේ හූතිවරු ඊශ්‍රායලයේ Eilat දෙසට ඩ්‍රෝන් ප්‍රහාර දියත් කළ අතර හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට "දෙවන පෙරමුණක්" ගැන අනතුරු ඇඟවීය.

අවුල් සහගත සෙවණැල්ලක් යටතේ වූ සටන් විරාමය

පැය කිහිපයකට පසුව, හදිසියේම, සැක සහිත ලෙස දිලිසෙන ඇඳුම් ඇඳගත් සහායකයින් සහ ප්‍රසංග වේදිකාවකට සමාන වන පරිදි සකස් කරන ලද ඇමරිකානු සහ ඉරාන ධජ සහිත පසුබිමකින් යුතුව ට්‍රම්ප් නැවත පෙනී සිටියේය 

“නෝනාවරුනි, මහත්වරුනි,” ඔහු නිවේදනය කළේය. “මම අයතුල්ලා සමඟ කතා කළා... යමක්. අපි දැවැන්ත සංවාදයක් කළා. බිබී සමඟත් කතා කළා. තවත් මිසයිල නැහැ. තවත් න්‍යෂ්ටික නැහැ. අපි ගිවිසුමක් ඇති කර ගත්තා. ඔබව සාදරයෙන් පිළිගන්නවා.”

නිල නොවන තැරැව් කරුවන් සහිතව ට්‍රම්ප් විසින් මොස්කව්හි සහාය ඇතිව ප්‍රකාශ කළ සටන් විරාමයට, නිශ්චිත කොන්දේසි යටතේ දෙපාර්ශවයම ගරු කරන බව තුන්වන පාර්ශවයේ රාජ්‍ය තාන්ත්‍රික චැනල පසුව මේ ලියුම්කරු සමග තහවුරු කළේය: එනම්

• ඉරානය එහි මිසයිල ප්‍රහාර සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් නවත්වනු ඇත.
• ඊශ්‍රායලය ගුවන් බෝම්බ හෙලීම් සහ සයිබර් ප්‍රහාර නවත්වනු ඇත.
• රුසියාව සහ චීනය “තාක්ෂණික ඇපකරුවන්” ලෙස නිරීක්ෂණය කරනු ඇත.
• පශ්චාත් යුධ කලාපීය ආරක්ෂාව සාකච්ඡා කිරීම සඳහා නේටෝව ජුනි 24 වන දින හේග් හි රැස්වනු ඇත.

පුදුම සහගත ලෙස, මෙම සටන් විරාමය චීනයට ද බැර කරන ලදී. චීන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් Turkmenistan වෙත "මිලිටරි ශ්‍රේණියේ සංරචක" “military-grade components”  ලබා දී පසුව ඉරානයට ප්‍රවාහනය කර ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මගින් සනාථ විය. රේඩාර් ශක්තිමත් කිරීමේ පද්ධති සහ බංකර් දැඩි කිරීමේ තාක්ෂණය මේවාට ඇතුළත් යැයි බටහිර රටවල් අනුමාන කළ ද, බීජිනය සුපුරුදු පරිදි නිහඬව සිටියේය.

න්‍යෂ්ටිකව බලවත් ඉස්ලාමයක් ?

ඇත්ත කාමරයේ සැබෑ අලියා, එනම් ඉරානයේ න්‍යෂ්ටික තත්ත්වය ලෙස එලෙසම පවතී. ඉස්ලාමීය ජනරජය සමාජයට සම්බන්ධ වී තිබේද? International Atomic Energy Agency සමීප පරීක්ෂාවකට ප්‍රවේශය ඉල්ලා ඇති නමුත් ටෙහෙරානය තවමත් මගහැර සිටී.

කෙසේ වෙතත්, බටහිර බුද්ධි අංශ ඒකමතික තීරණයක සිටිති. පසුගිය ඉරානයේ භූ කම්පන කියා සිදුකළ 'පරීක්ෂණය' න්‍යෂ්ඨික විඛණ්ඩනය මත පදනම් වූ යුධ හිසක නිර්මාණයක් දැක්වීමට තරම් "ප්‍රමාණවත් තරම් සාර්ථක" විය. ඔවුන්ට එය කුඩා කර මිසයිලයකට සවි කළ හැකිද යන්න තවත් කාරණයකි. නමුත් කාරණය තවමත් පවතී: ටෙහෙරානය සතුව බෝම්බය තිබිය හැකිය. එය සියල්ල වෙනස් කරයි.

"ඉරානය න්‍යෂ්ටික ද යන්න තවදුරටත් ප්‍රශ්නයක් නොවේ," විශ්‍රාමික MI6 (බ්‍රිතාන්‍ය බුද්ධි අංශය) නිලධාරි චාල්ස් බැරින්ටන් පැවසීය. "ඉතිරිව ඇති ප්‍රශ්න නම් දැන් එය කොපමණ සංඛ්‍යාවක් ද?, කෙතරම් ඉක්මනින් ලබා දෙනු ඇතිද? සහ අප ඉන්නේ ඔවුන් එය අපට පෙන්වන තුරුද? යන්න පිළිබඳවය."

නෙතන්යාහු නම් දැනටමත් ජයග්‍රහණය ප්‍රකාශ කර ඇති අතර, ඔහු යුද්ධයක් නැවැත්වීම සම්බන්ධයෙන් තමාටම ගෞරවය පළ කරගෙන ඇත. ඉරාන රාජ්‍ය රූපවාහිනිය සටන් විරාමය "සියොන්වාදීන්ට උපායමාර්ගික නින්දාවක්" යයි ප්‍රකාශ කළේය. මේ අතර, ට්‍රම්ප්ගේ 'දායක සභාව' ඉහළ ගියේය. එක් ආධාරකරුවෙක් මෙසේ ට්වීට් කළේය: "ට්‍රම්ප් ඔහුගේ ගොල්ෆ් කරත්තයෙන් තුන් වැනි ලෝක යුද්ධය අවසන් කළේය. ඔහුට නොබෙල් ත්‍යාගය දෙන්න."

ඊළඟට කුමක්ද?

දැන් සියලු දෙනාගේම ඇස් යොමු වී ඇත්තේ අර්බුදකාරී තත්වයක ජුනි 24 වන දින  හේග් හි රැස්වන නේටෝ විදේශ අමාත්‍යවරුන් වෙතය. න්‍යාය පත්‍රයේ ඉහළම ස්ථානය වන්නේ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය, ඉරානය පාලනය කිරීම සහ හූති ප්‍රහාරවලින් වැඩි වැඩියෙන් තර්ජනයට ලක්ව ඇති රතු මුහුදේ නැව් මාර්ග ගැන ය.

මේ අතර, ගෝලීය තෙල් වෙළඳපොළ දෙදරුම් කා ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය පීඩන ලක්ෂ්‍යයක් ලෙස පවතී. ස්ථාවර වීමට පෙර මිල ගණන් බැරලයකට ඩොලර් 110 දක්වා ළඟා විය. කොන්ත්‍රාත්කරුවෝ දැනටමත් වැඩි කළ ආරක්ෂක වියදම් අයවැය සඳහා බලපෑම් කරමින් සිටිති. ඊශ්‍රායලය නිහඬව තවත් F-35 ප්‍රහාරක යානා ඇමරිකාවෙන් ඉල්ලා ඇත. ඉරානය උතුරු කොරියාවෙන් තවත් ඩ්‍රෝන යානා ඇණවුම් කර ඇති බව වාර්තා වේ.

යන්තම් ලෝකය තවමත් භ්‍රමණය වේ..

කෝපයේ දින දොළහක් තුල උගත් පාඩම් මොනවා ද?

• තුවාල ලැබූ නායකයින්ගේ නිසලභාවය කිසි විටෙකත් අවතක්සේරු නොකරන්න:  තමාට එරෙහි චෝදනා, උසාවි කාමරවලින් ඉවතට හැරවීමට නෙතන්යාහුට යුද්ධයක් අවශ්‍ය විය. තමන්ට එරෙහි වීම පාලනය කිරීමට ඉරානයට බෝම්බයක් අවශ්‍ය විය.
• සාම්ප්‍රදායික නොවන නමුත් ට්‍රම්ප්ගේ රාජ්‍ය තාන්ත්‍රික සර්කස් පෙන්වීම ලෝකය ගිනි ගන්නා විට 'අමුතු ලෙස' ඵලදායී වී තිබේ.
• වචනාර්ථයෙන් සහ භාවිත වශයෙන්ම න්‍යෂ්ටික බලයේ සීමාව දැන් පරීක්ෂා කර ඇති අතර ඒ බලයට සම්බන්ධ වීමේ නීති වෙනස් වී ඇත.

නම හෙළිකළ නොහැකි බ්‍රසල්ස් හි යුරෝපීය රාජ්‍ය තාන්ත්‍රිකයෙක් උපහාසාත්මකව අපූරු කතාවක් කීවේ ය “අපි භූ දේශපාලනයේ 'ගොල්ෆ් කරත්ත යුගයට' පිවිස ඇත්තෙමු. කෙසේ හෝ එය ක්‍රියාත්මක වී තිබේ.”

පශ්චාත්-සත්‍ය අවශ්‍ය, පශ්චාත්-රාජ්‍ය තාන්ත්‍රිකභාවය අවශ්‍ය, පශ්චාත්-නිරෝධායනය අවශ්‍ය ලෝකයකට ඔබව සාදරයෙන් පිළිගනිමු.!

-LeN ඉංග්‍රීසි සංස්කරණයේ විදේශ කටයුතු වාර්තාකරු ලියූ වාර්තාවක සිංහල පරිවර්තනයකි

අවශ්‍යනම් මුල් ලිපියට පිවිසෙන්න https://www.lankaenews.com/news/4570/en

---------------------------
by     (2025-06-24 23:00:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links