~

පිරිවෙන් අධ්‍යාපනයේ දී ලිංගික අධ්‍යාපනය උගන්වන්න..! 'රත්නාලෝක' පොඩි හාමුදුරුවන්ගේ ඛෙදනීය සත්‍ය කතාව..!

-විශේෂ ලියුම්කරුවෙකු හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.24, පෙ.ව.9.35) 'රත්නාලෝක' කියලා පොඩි හාමුදුරුවෝ නමක් ඊයෙ අපවත් වෙලා, අපවත් වෙද්දි වයස 21යි. හේතුව විෂබීජයක් ගිහිල්ලා කියලයි වෛද්‍යවරු කියන්නෙ. අවුරුදු දෙකකට කලින් වකුගඩු බද්ධයක් කරපු කෙනෙක් නිසා පොඩි විෂබීජයක් ඇති ජීවිතේ නැතිවෙන්න.

උන් වහන්සේව පැවිදි කරල අවුරුදු 14 දි. ළමයි වැඩි නිසා දරන්න බැරි ජීවන වියදම ඔහුව මහණ කෙරෙව්වා කියල තමා කියන්න වෙන්නෙ.

අවුරුදු 19 දි තමා උන්වහන්සේගෙ වකුගඩු අක්‍රිය වෙන්නෙ. ආධාර එකතු කිරීමකුත් නැතුව කොහෙන් හෝ සල්ලි හම්බෙලා තියෙනවා ඉක්මනින් පෞද්ගලික රෝහලකදි වකුගඩු බද්ධය කරගන්න.

ඒත් ඉන්පස්සෙ උන්වහන්සේ හිටපු පන්සල් වලින් උන්වහන්සේට කරදර උනා කියලයි ආරංචිය තියෙන්නෙ. වකුගඩු බද්ධයක් කරපු කෙනෙක්ට අවශ්‍ය පිරිසිදුකම තියෙන වැසිකිළියක් වත් උන්වහන්සේට ලැබුනෙ නෑ කියලා හිතවත් හාමුදුරුවරු facebook එකේ ලියලා තිබ්බා. අන්තිම කාලෙ උන්වහන්සේට පන්සලක් තිබිලා නෑ. ඉඳල තියෙන්නෙ දෙමාපියන්ගෙ ගෙදර.

ඒක නෙමෙයි කියන්න ගිය කතාව.

මළපහ ඉබේ පහවෙනවා සහ එතකොට දැඩි වේදනාවෙන් කෑ ගහනවා

උන් වහන්සේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමලිංගික සබඳතා පවත්වලා තියෙනවා. අසනීපෙන් හොස්පිට්ල් ඇඩ්මිට් කලාට පස්සෙ වෛද්‍යවරුන්ට නිරීක්ෂණය වෙනවා මොහුට මළපහ ඉබේ පහවෙනවා සහ එතකොට දැඩි වේදනාවෙන් කෑ ගහනවා කියලා.

හේතුව හොයලා බලද්දි ගුදය අසාමාන්‍ය ලෙස විශාල, තුවාල වුණු එකක් බව පෙනිලා, තවත් කරපු පරීක්ෂණ වලින් පැහැදිලි වෙලා ගුදයට ශිෂ්ණයකට වඩා දැඩි, දිග දේවලුත් ඇතුල් කරලා තියෙන නිසා ඇතුළටම තුවාල වෙලා කියලා.

මේ සැක සහිත දේවල් නිසා වෛද්‍යවරුන් මොහුට ලිංගික රෝග තියෙනවාද කියලා පරීක්ෂා කරලා. එතනදි තහවුරු වෙනවා මොහුට HIV Aids තියෙනවා කියලා.

HIV Aids වැළඳිලා..

වකුගඩු බද්ධයකදී මේ හැමදේම පරීක්ෂා වෙන නිසා මොහුට ඒ කාලෙ HIV වැළඳිලා තිබ්බෙ නෑ කියලා තහවුරු වෙන ගමන්, පහුගිය අවුරුදු දෙකේ ඔහුගේ ලිංගික සබඳතා හෝ ලිංගික අතවර වල ප්‍රතිඵලයක් විදියට HIV Aids වැළඳිලා කියලයි වෛද්‍යවරුන්ගෙ නිගමනය. 

ඛේදවාචකය තමයි පොඩි හාමුදුරුවෝ වත් උන්වහන්සේගෙ දෙමව්පියන් වත් මේ වෙනකම් දැනන් ඉඳල නෑ ඔහුට HIV කියලා. තමන්ට HIV Aids කියලා නොදැනම තමා ඔහු මියයන්නෙ.

ඔහු සමඟ මේ ලිංගික සබඳතා පවත්වපු අය කවුද, එයාල නොදැනුවත්ව හෝ දැනුවත්ව තව කී දෙනෙක්ට බෝ කරල ඇද්ද? මේ පොඩි හාමුදුරුවන්ගෙන් තව අයට බෝ උනාද කියලා කවුරුත් දන්නෙ නෑ.

රහසේ වෙන මේ අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් නිසා සමාජය ඛේදවාචකයකට යමින් තියෙනවා. මේ රෝග ගැන සමාජයේ නොදැනුවත්භාවය, ගණන් නොගන්නා ස්වභාවය මේ සිද්ධි වලින් පැහැදිලි වෙනවා. පිරිමි සමලිංගිකයින් අතර වේගයෙන් පැතිරෙන මේ ලිංගික රෝග වලට ප්‍රධාන හේතුව condom භාවිතා නොකර ගුද සංසර්ගයේ යෙදීම කියලයි කියවෙන්නෙ.

උපත් පාලනය කිරීමේ අවශ්‍යතාවක් නැති නිසා උපත්පාලන කොපු භාවිතා නොකර ඉන්නවා ඇති.

පාසල් / පිරිවෙන් අධ්‍යාපනයේදි ලිංගික අධ්‍යාපනය දෙන්න..

පාසල් / පිරිවෙන් අධ්‍යාපනයේදි වත් මේ දේවල් හරියට ඉගැන්නුවොත් මේවා ටිකක් හරි පාලනය කරගන්න පුළුවන් වෙයි.

('රත්නාලෝක' කියන නම ඇරෙන්න අනිත් ඔක්කොම ඇත්ත. ගාල්ලේ අහංගම ප්‍රදේශයේ පන්සලක තමා වැඩ ඉඳල තියෙන්නෙ.)

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි

---------------------------
by     (2025-06-24 04:07:29)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links