~

අධිකරණයෙන් කණ කිස් කන තවත් තීන්දුවක්..! ලක්ෂයක් අල්ලස් ගත් ඉඩම් නිලධාරියෙකුට වසර 22 ක බරපතල වැඩ සහිත සිර දඬුවම්..! පැන්ෂන් එකත් අහිමියි..!

-දුරකථනයෙන් ලැබුණු පැමිණිල්ලක් වුනත් අල්ලස් කොමිසම නියමෙට වැඩේ කරලා..

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.26, පෙ.ව‍. 0.45) තඹු­ත්තේ­ගම මහ­වැලි කලා­පයේ ඉඩ­මක ගසක් කැපීම සඳහා බල­ප­ත්‍ර­යක් නිකුත් කිරී­මට රුපි­යල් ලක්ෂ­යක අල්ල­සක් ගැනීමේ චෝද­නා­වට වර­ද­කරු වූ ඉඩම් නිල­ධා­රි­ය­කුට කොළඹ මහා­ධි­ක­ර­ණ විනි­සුරු සුජීව නිශ්ශංක ඊයේ (25) බර­ප­තළ වැඩ සහිත වසර 22ක සිර­ද­ඬු­ව­මක් සහ රුපි­යල් 30,000ක් දඩ­යක් නියම කළේය.

එම දඩ හා සිර­ද­ඬු­ව­ම්ව­ලට අම­ත­රව අල්ලස් පනතේ 26 වැනි වග­න්තිය අනුව අල්ලස් ලෙස ගත් රුපි­යල් ලක්ෂ­යක මුදල දඩ­යක් ලෙස අය­කර ගැනි­මට නියෝග කෙරිණ. එය නොගෙ­වන්නේ නම් ලිහිල් වැඩ ඇතිව වස­රක සිර­ද­ඬු­ව­මක් ප්‍රධාන සිර­ද­ඬු­ව­මට අම­ත­රව ගෙවී­යන පරිදි මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා දඬු­වම් නියම කළේය.

අප­රාධ නඩු විධි­වි­ධාන සංග්‍ර­හයේ 17 (4) වග­න්තිය යටතේ අග­ති­යට පත් ලීමෝල් හිමි­යාට රුපි­යල් ලක්ෂ­යක වන්දි­යක් ගෙවී­මට අම­ත­රව නියම විය.

දූෂිතයාට විශ්‍රාම වැටුපත් නෑ..

මෙලෙස සිර­ද­ඬු­වම් නියම වූයේ වී.එම්. කමල් මංජුල නැමැති 67 හැවි­රිදි අනු­රා­ධ­පු­රයේ පදිංචි හිටපු වන ඉඩම් නිල­ධා­රි­ය­කු­ටය. වරද සිදු­කළ දිනට මාස 6කට පසු විත්ති­කරු විශ්‍රාම යෑමට නිය­මි­තව සිටි­යේය. දූෂණ චෝද­නා­ව­කට වර­ද­කරු වීම නිසා දූෂිතයාට විශ්‍රාම වැටුප් හිමි­කම ද අහි­මි වේ.

මහ­වැලි කලා­ප­වල පදිං­චි­ක­රු­වන් ඔවුන්ගේ ඉඩ­ම්වල පිහිටි ගස් කැපී­මේදී කලාප කාර්යා­ල­යෙන් බල­ප­ත්‍ර­යක් ලබා­ගත යුතුවේ. පැමි­ණි­ලි­කරු එම ඉඩ­ම්වල ගස් මිලදී ගෙන ඒවා කුට්ටි කර මොර­ටුව ප්‍රදේ­ශ­යට ප්‍රවා­හ­නය කිරීමේ ව්‍යාපා­ර­යක් පව­ත්වා­ගෙන ගොස් ඇත.

ලීමෝල් හිමි­කරු ඔහු මිලදී ගත් ගස් කැපීම සඳහා ප්‍රාදේ­ශීය කාර්යා­ල­යෙන් බල­ප­ත්‍ර­යක් ඉල්ලා­ සිටි විට විත්ති­කරු එයට අනු­මැ­තිය දීමට රුපි­යල් ලක්ෂ­යක අල්ල­සක් ඉල්ලා තිබේ. ලීමෝල් හිමි­කරු ඉන් රුපි­යල් 25,000ක මුද­ලක් දී ඇත. එවිට ඉඩම් හිමි­කරු ගස් තුනක් කැපීම සඳහා පම­ණක් බල­පත්‍ර නිකුත් කර ඉතිරි බල­පත්‍ර නිකුත් කිරී­මට රුපි­යල් 75,000 ක් ඉල්ලා තිබේ.

කරු­ණා­රත්න අල්ලස් කොමිසමට පැමිණිලි කෙළේ දුරකථනයෙන්..

ලී මෝල් හිමි­කරු මේ සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­ස­මට දුර­ක­තන ඇම­තු­මක් මඟින් පැමි­ණි­ල්ලක් දී ඇත. උපාය දූත­යකු යොදවා විත්ති­කරු අල්ලස් මුදල් ගන්නා අව­ස්ථා­වේදී 2016 වස­රේදී මාර්තු 18දා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. 2016 පැවරූ නඩුවක තීන්දුව ලැබුනේ 2025 දී හෙවත් වසර 9 කට පසුව වීම විශේෂත්වයකි. 

විත්ති­ක­රුට එරෙ­හිව අල්ලස් හෝ දූෂණ කොමි­සම විසින් අල්ල­සක් ඉල්ලා භාර­ගැ­නීම සහ එයට අනු­බල දීම ඇතුළු වැරදි 6 කට අල්ලස් පනතේ 19 (අ) සහ (ඇ) වගන්ති යටතේ චෝදනා ගොනු­කර තිබිණ.

විත්ති­ක­රුට එරෙහි පැමි­ණිල්ල විසින් ඉදි­රි­පත් කර ඇති චෝදනා සාධා­රණ සැක­යෙන් තොරව සනාථ කර ඇති බව ප්‍රකාශ කළ මහා­ධි­ක­රණ විනි­සුරු සුජීව නිශ්ශංක මහතා දඬු­වම් නියම කළේය.

පැමිණිලිකරුටත් ලක්ෂයක් වන්දි...

පෙරි­ය­න්කු­ලම ප්‍රදේ­ශයේ පදිංචි එච්. කරු­ණා­රත්න නමැති ලීමෝල් හිමි­යකු විසින් මෙම පැමි­ණිල්ල කර තිබූ අතර ඔහුට බල­පත්‍ර නිකුත් කිරීම ප්‍රති­ක්ෂේප කිරීම නිසා සිදුවූ පාඩුව වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ­යක වන්දි­යක් ගෙවී­මට නියම විය.

අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සමේ සහ­කාර අධ්‍යක්ෂ ජන­රාල් සමඟ සහ­කාර අධ්‍යක්ෂ (නීති) පැමි­ණිල්ල මෙහෙ­ය­වූහ.

(ස්තූතිය - චන්දන ජය­වීර - දිනමිණ)

---------------------------
by     (2025-06-25 19:19:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links