-විශේෂ වාර්තාකරුවෙකු විසිනි
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.26, පෙ.ව. 1.30) ජනාධිපති පොදු සමාවට මුවා වී ජනාධිපති අනුමත නොකළ සිරකරුවන් බන්ධනාගාර අධිකාරීලාගේ හිතුමතය අනුව නිදහස් කර යැවීම මාට්ටු වීමෙන් පසු බන්ධනාගාර පරිපාලනය සුද්ධ කළ යුතු යැයි විශාල ජනමතයක් පැණනැගින. ඊට හේතු වූයේ කලක් තිස්සේම ලංකාවේ බන්ධනාගාර දූෂණයට කප් ගසා තිබීමයි. මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය රිමාන්ඩ් බන්ධනාගාර ගත ව සිටින අතර ඔහුගේ රාජකාරියද තහනම් කර තිබේ. තුෂාර උපුල්දෙණිය ඊයේ (25) දිනයේ ද අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුව යළි ලබන ජුලි 09 දක්වා රිමාන්ඩ් කෙරිණ. අනුරාධපුර බන්ධනාගාර අධිකාරීට නම් ඇප ලැබිණ.
කෙසේ වෙතත් මේ සන්දර්භය තුල ප්‍රධාන බන්ධනාගාර 16 ක අධිකාරීවරුන් සහකාර අධිකාරීවරුන් ජුලි 02 දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පියවර ගෙන ඇත.
ඒ අනුව වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, මැගසින්, මහර, බෝගම්බර, බූස්ස , මාතර, වාරියපොළ , කෑගල්ල, කළුතර , පල්ලෙකැලේ , වීරවිල, වටරැක , අඟුණකොළ පැලැස්ස , බන්ධනාගාර මූස්ථානය සහ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය (බන්ධනාගාර බුද්ධි අංශය) අධිකාරිවරුන් /සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් ස්ථාන මාර කර තිබේ.
බෝගම්බර බන්ධනාගාරයේ අධීකාරිවරයාව සිටි ඒ .සී ගජනායක බන්ධනාගාර මූලස්ථාන අධිකාරිවරයා ලෙසද , මහර බන්ධනාගාරයේ අධිකාරිවරයාව සිටි රජිව් සිල්වා වැලිකඩ බන්ධනාගාරයට ද, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාව සිටි සුදත් රෝහණ මහර බන්ධනාගාරයට ද , වාරියපොළ සහකාර බන්ධනාගාර අධිකාරි ඩබ්ලිව් ඩබ්ලිව්. ඒල්.පී. වර්ණකුලසූරිය බෝගම්බර බන්ධනාගාරයට ද, කෑගල්ල සහකාර බන්ධනාගාර අධීකාරිව සිටි පී.වී අබේධීර වාරියපොළ බන්ධනාගාරයට ද, කළුතර සහකාර බන්ධනාගාර අධීකාරි ඩබ්ලිව් ඩබ්ලිව්.කේ.ඩෙප් බූස්ස බන්ධනාගාරයට ද, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය(බන්ධනාගාර බුද්ධි අංශය) භාරව කටයුතු කළ සහකාර බන්ධනාගාර අධිකාරි ඩබ්ලිව්.පී.ප්‍රේමතිලක අනුරාධපුර බන්ධනාගාරයටත් ස්ථාන මාරු ලබා තිබේ.
පල්ලෙකැලේ බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධීකාරි ඒස්.අයි.පී පෙරේරා මැගසින් බන්ධනාගාරයට ද , බූස්ස බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධීකාරි කේ.බී.ඒ උදයකුමාර කළුතර බන්ධනාගාරයට ද, මැගසින් බන්ධනාගාරයේ සහකාර අධීකාරි සුභාෂ් උපුල්දෙණිය වටරැක බන්ධනාගාරයට ද , වීරවිල බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරි වී ආර් ප්‍රභාත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ද, බන්ධනාගාර මූලස්ථානයේ සහකාර බන්ධනාගාර අධීකාරි ආර්.එම්.සී.ඒ් රාජකරුණානායක බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය (බන්ධනාගාර බුද්ධි අංශය)ට ද, වටරැක සහකාර බන්ධනාගාර අධිකාරි ප්‍රදීප් වසන්ත කුමාර මාතර බන්ධනාගාරයට ද, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධීකාරි සී.එන් .ප්‍රනාන්දු වීරවිල බන්ධනාගාරයට ද , මාතර බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධීකාරි මංගල වැලිවිටිය පල්ලෙකැලේ බන්ධනාගාරයට ද , මහර බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයාව සිටි කුමාර එදිරිසිංහ කෑගල්ල බන්ධනාගාරය වෙතට ද මාරු වීම් ලබාදී තිබේ. එමෙන්ම වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා ලබන මාසයේදී විශ්‍රාම යාමද නියමිතව සිටී.
මෙම ස්ථාන මාරු කිසිවක් දේශපාලන පළිගැනීම් මත හෝ දේශපාලන බලපෑම් මත හෝ සිදුනෙකාරන ලද්දත් බවත්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හා ආයතනික පරිපාලන කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණ පදනම් කරගනිමින් සහ නිළධාරින්ගේ ජ්‍යෙෂ්ඨත්වය හා සේවා අවශ්‍යතාව මත සිදු කරන ලද්දක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
---------------------------
by (2025-06-25 20:05:22)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි