~

දූෂිත බෞද්ධ ජෙනරා​ල් රත්නායක, ‘දෑල’ නම් 'තක්ක​ඩි උපාසයා' රකින්න ගජරාමෙට වැඩ..!

-මාණ්ඩලිකයෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.26, පෙ.ව‍. 1.50) බරපතල දූෂිතයෙකු වන බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ආර්. එම්. පී. රත්නායක, සති දෙකකට හොර ලෙඩ නිවාඩු දමා තනතුරේ රැඳෙන්න යාදිනි කියමින් මල්වතු- අස්ගිරි මහනායක වන්දනාවක යෙදී සිටින බව බුද්ධ සාසන ආමාත්‍යාංශයෙන් වාර්තා වේ. 

බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ දූෂණ සෙවීමට සුදානම් වෙන මොහොතක අධ්‍යක්ෂ ජෙනරාල්, ආර්. එම්.පී රත්නායකට වෙනත් තැනකට මාරු වී යැවීමට රජය පැත්තෙන් කටයුතු යෙදෙද්දී ඔහු හදිසි සැත්කමකට ලක් කෙරෙන බව කියමින් සති දෙකක නිවාඩු දැම්මේය. ඒ, මල්වතු - අස්ගිරි මහනායකවරුන් ලවා තවදුරටත් තනතුරේ රැඳෙන්නට මාලිමා ආණ්ඩුවට බලපෑම් කිරීම ට ය. දැන් ඔහු යාදිනි කියමින් මහනුවරට වී සිටින්නේ ඒ වෙනුවෙන්‍ ය. 

අධ්‍යක්ෂ ජෙනරාල්, රත්නායකගේ බලවත්ම යාදින්න වී තිබෙන්නේ ලබන සැප්තැම්බරයේ පැවත්වෙන නව දියවඩන නිළමේවරයෙක් පත් කෙරෙන චන්දය තෙක් කෙසේ හෝ තනතුරේ රැඳී සිටීම ය. දැනට දෙවතාවක් හෙවත් වසර 20 තිස්සේ මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිළමේ තනතුර දරණ, රත්නායකගේ ප්‍රධාන අනුග්‍රාහකයා වන ප්‍රදීප් නිලංග දෑල කෙසේ හෝ එම තනතුරට පත් කිරීමය. 

දළදා ඉතිහාසයේ සිටින දුෂිතම දියවඩන නිලමේවරයා වන ප්‍රදීප් නිලංග දෑල 2015 දී දෙවැනි වතාවට තරඟ කරද්දී ඔහුගේ කුරුණෑගල මැතිවරණ සංවිධායකයා වූයේ එවකට කුරුණෑගල දිසාපතිවරයා වූ මේ රත්නායක ම ය. මේ නිසා නිලංග දෑලටත් වඩා හොඳින් දේවාල පුල්ලිවල රස දන්නා රත්නායක මේ නිසරු වෑයමේ යෙදෙමින් මහනුවර යාදිනි කියමින් ඇවිදින බව ලංකා ඊ නිව්ස් මහනුවර වාර්තාකරු කියයි.

-මාණ්ඩලිකයෙකු විසිනි

---------------------------
by     (2025-06-25 20:29:51)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links