(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.27, පෙ.ව. 6.25) 2025 ජුනි 24 වන දින වැන්කුවර් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගියදා කැනඩාව බලා පිටත්ව ගියාය.
බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ රාජ්‍ය නියෝජිතයින්, පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් පාලක මණ්ඩලයේ නිලධාරීන් සහ ඔටාවා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඇය උණුසුම් ලෙස පිළිගනු ලැබිණි.
පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව ඊයේ (26) බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ සරේ හි පැවති "ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සන්ධ්‍යාවක්" යන විශේෂ හමුවට අග්‍රාමාත්‍ය ආචාර්ය අමරසූරිය සහභාගී වූවා ය. මෙම අවස්ථාවට කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් ආගමික නායකයින්, සහ කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහභාගී වූ අතර අග්‍රාමාත්‍යවරිය සමඟ අදහස් බෙදා ගැනීමට මෙය ඔවුන්ට වැදගත් අවස්ථාවක් විය.
සේයාරූ වල දැක්වෙන්නේ හරිනි සමග එක් වූ කැනඩා ශ්‍රී ලාංකියන්ගේ හමුවයි.
---------------------------
by (2025-06-27 01:01:57)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි