(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.27, පෙ.ව. 6.45) වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරට සඳහා සමගි ජන බලවේගයෙන් යෝජනා කර තිබෙන සමගි ජන බලවේගයේ අපේක්ෂකයා රටෙහි නම ගිය පාතාල ක්‍රියාකාරිකයකු බවට හෙළිදරව් වී තිබේ.
මොහු නමින් ලසන්ත වික්‍රමසේකර වන නමුත් අන්වර්ථ පාතාල නාමය වන්නේ “මිදිගම ලසා” නමයි. මොහු 2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ඇත. පසුගිය 2025 පළාත් පාලන මැතිවරණයයට වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා මිදිගම බටහිර කොට්ඨාසයෙන් සජබයෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කර ඇත.
ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක හෙවත් "හරක් කටා" සමඟ සමීප සම්බන්ධතා පවත්වන්නෙකු බවත්, හරක් කටා ගේ අපරාධ මෙරට තුළ ක්‍රියාත්මක කරන්නෙකු බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවත් හෙළි වී ඇත.
මොහු මින් පෙර කරන ලද අපරාධ රැසක් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී රක්ෂිත බන්ධනාගාරගත වී සිට ඇත. පුද්ගලයන්ට වංචා කිරීම සම්බන්ධයෙන් අත්හිටවූ සිර දඬුවම් ලබා සිටි පුද්ගලයකු බව ද හෙළිදරව් වී ඇත.
එමෙන්ම මොහු 2008 වර්ෂයේදී අවි ආයුධ පෙන්වා ඇඟලුම් සේවිකාවකගෙන් රත්රන් බඩු කොල්ලකෑමේ සිදුවීමක් සම්බන්ධයෙන්ද, පුද්ගලයකුට වෙඩි තබා තුවාල කිරීම සඳහා ආධාර අනුබල දීම යටතේ වන නඩුවක් සඳහා ද, ටී 56 ගිනිඅවියක් නිවසේ තබා ගැනීම සම්බන්ධයෙන් ද, පුද්ගලයන් කිහිප දෙනකුට මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් ද, 'සන්ෂයින් සුද්දා' යන පාතාල නාමයෙන් හඳුන්වනු ලැබූ සංවිධානාත්මක අපරාධකරු ඝාතන සැලැස්මක් මෙහෙයවීම සම්බන්ධයෙන් ද ඇතුළු අපරාධ විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නඩු රැසක් මොහුට එරෙහිව විභාග වෙමින් ඇති බවට වාර්තා වේ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන්නේ එවැනි පාතාලයෙකි.
---------------------------
by (2025-06-27 01:24:48)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි