~

‘දත පණුවා’ දළදාව වළඳන්න මාළිගාවේ අරමුදලින් කෝටි 500 ක් පන්නාගෙන..!

-'දත පණුවා' ගේ මහා පරිමාණ දූෂණ ලැයිස්තුව මෙන්න..! (මාණ්ඩලිකයෙකු ලියයි)

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.27, පෙ.ව‍. 10.10) දේශපාලන රැකවරණයෙන් දළදා වහන්සේගේ රැකවරණය ඉල්ලා ගත් රත්නපුරේ ‘දත පණුවා’ හෙවත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල තවත් වසර 10 ක් දළදාව වැළඳීමට මාළිගාවේ අරමුදලෙන් රුපියල් කෝටි 500 වෙන් කර ගෙන ඇතැයි අස්ගිරි- මල්වතු මහනාහිමිවරුන් චෝදනා කරන බව අපේ මහනුවර වාර්තාකරු කියයි. 

දත පණුවාගේ වික්‍රම..

මේ වන විටත් 2005 වසරේ සිට දියවඩන නිලමේ තනතුර වසර 20 ක් පුරා එක දිගට අල්ලා ගෙන සිටින මේ ‘දත පණුවා’ පසුගිය කාලය පුරාම ස්වකීය සුඛ විහරණය වෙනුවෙන් දළදා මාළිගාවේ අරමුදල් ගසා කෑ ආකාරය ලංකා ඊ නිවුස් මීට පෙර වාර ගණනාවකදී ම සවිස්තරව වාර්තා කර ඇත. දළදා වහන්සේ වෙත පූජා කරන ලද රත්‍රන් අවභාවිතා කරමින් තම හනිමූන් රථය වූ මිනිකූපර් රථයේ බෆරය සහ තවත් කොටස් රන් ආලේප කර ඇති බව සේයාරූ සහිතව ප්‍රථම වරට වාර්තා කෙළේ ද ලංකා ඊ නිව්ස් ය. (එම සේයාරුව යළි මෙහි පළකරමු)

අස්ගිරි- මල්වතු මහනාහිමිවරුන් චෝදනා කරන ආකාරයට දැනට දළදා අරමුදලේ රුපියල් කෝට් 1500 ක සංචිතයක් තිබේ. එම අරමුදල් ඇත්තේ දළදා මාළිගයේ නඩත්තුව සඳහාය. එහෙත් ලබන සැප්තැම්බරයේ එන නිලවරණයේ තෝරා පත්වීමට නොහැකි වුවහොත් රත්නපුරේ ‘දත පණුවා’ගේ ‘දේවාල පුල්ලි’ මැකී යන්නේ ය. ‘දේවාල පුල්ලි’ තවත් වසර 10 කට තබා ගැනීමට නම් නිලවරණයේ දී චන්ද හිමි නාමලේඛනයේ බහුතරයකගේ චන්ද මිල දී ගත යුතුය.

චන්ද මිල දී ගන්නා ආකාරය.. 

දියවඩන නිලමේ තෝරා ගැනීමේදී චන්දය හිමි වන්නේ පැරණි උඩරට පළාත්වල සිටින ස්ත්‍රීන් නොව​න ප්‍රාදේශීය ලේකම්වරු, එහි​ම පිහිටි රජමහා විහාරවල නායක හිමිවරුන්ට හා දේවාලවල බස්නායක නිලමෙලාට පමණි. මෙවර නිලවරණයේ චන්දහිමිකරුවන්ගේ ගණන 340 ක් පමණ වේ යයි විශ්වාස කෙරේ. දියවඩන නිලමේ තනතුර තවත් වසර 10 කට තබා ගැනීමට නම් නිලංග දෑල මේ චන්ද 340 න් චන්ද  170 කට වඩා ප්‍රමාණයක් ලබා ගත යුතුය. නිත්‍ය ජයග්‍රහණයක් ලැබීමට නම්  අඩුම තරමින් එක් චන්දයක් වෙනුවෙන් චන්ද හිමියනට  රුපියල් මිලියන 20 ක් වත් අල්ලස් හෝ සංතෝසම් දිය යුතුය. මෙවර දියවඩන නිලමේ නිලංග දෑල එම මුදල් කෙලින්ම වියදම් කරන්නට යන්නේ මාළිගාවේ අරමුදලෙන් විය පැහැදම් කිරීමෙනි. 

මොහු රත්නපුර සමන් දේවාලය හරහා කතරගම දේවාලයට එතැනින් මහනුවර දළදා මාළිගාවට එන තෙක් වූ සියළුම නිලවරණ වල දී වියදම් කළේ පිං පෙට්ටි කැඩීමෙන් ලබා ගත් මුදල් බවට දිගින් දිගටම චෝදනා නැඟුණේය. ඔහු එම ප්‍රතිපත්තිය දිගින් දිගටම ඉදිරියට ගෙන යමින් සිටී.

-මාණ්ඩලිකයෙකු විසිනි

2012 ජනවාරි 12 දා ලංකා ඊ නිව්ස් විසින් පළ කරන ලද "දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල නම් මහා පරිමාණ දූෂිතයාගේ දූෂණ ලැයිස්තුව මෙන්න" නම් ලිපිය මෙහි පහතින් යළි පළ කරමු..!

දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල නම් මහා පරිමාණ දූෂිතයාගේ දූෂණ ලැයිස්තුව මෙන්න..! මාලිගාවේ ස්ථීර තැන්පතුව බින්දුවට හින්දලා: කෝටි 6 ක් ණය වෙලා..!

(ලංකා ඊ නිව්ස් -2012.ජන.19, ප.ව.4.30) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වර්තමාන දියවඩන නිළමේ ප්‍රදීප් නීලංග දෑල බණ්ඩාර යනු මාලදිවයිනේ තානාපති ලෙස පත් කර ඇති ඩික්සන් දෑල බණ්ඩාරගේ පුතාය. ඩික්සන් සහ රෙජීමාධිපති පාසැල් මිතුරෝ වෙති. මිතුරාගේ පුතා වූ දියවඩන නිලමේ විසින් කර ඇති නීති විරෝධී ක්‍රියා සහ අපරාධ සුරකිමු සිරි දළදා ව්‍යාපාරය මේ වන විට එකතුකරමින් පවතින අතර ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය අනුව මෙවන් පාපකාරී බෞද්ධයෙකු මේ මිහිපිට සිටීදැයි සිතෙන තරමේ දූෂන කන්දක තොරතුරු ඔවුන් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී දළදා මාලිගාවට කර ඇති අපකීර්තියත්, සියළු දෙනා ඉතා භක්තියෙන් යුතුව කරන පරිත්‍යාග සිත් සේ තම සුඛ විහරනයට යොදාගෙන ඇති ආකාරයත් මෙහි පලකෙරෙනු ඇත.

මේ වන විට අනාවරනය කර ඈති තොරතුරු කිහිපයක්

1. මීට පෙර ලංකා ඊ නිවුස් විසින් පළ කළ ප්‍රවෘත්ති මෙසේය.
1.1 මහනුවර දියවඩන නිලමේ මාලිගාවේ රත්තරන් වලින් මංගල රථය 'ගෝල්ඩ් ප්ලේටිං' කරලා
1.2 දෙවැනි වරටත් පින්නවලින් අලියෙක් සොරකම් කරයි
1.3 ශ්‍රී පාදස්ථානයේ යකා නෑටු ඩික්සන්-දෑල පිය-පුතු
1.4 නීති විරෝධී ලෙස වනයෙන් සොරකම් කරන ලදුව මරණයට පත්කල අලි පැටියාගේ තොරතුරු

2.මාලිගාවට අයිති ඉඩම් කොටස්කර විකුණන ආයතන වලට සින්නක්කර විකිනීම

2.1. මාලිගාවට අයත් උඩගෙදර වත්ත නමැති ඉඩම විහාර දෙවාලගම් පනත වැරදි ලෙස අර්ථ කථනය කරමින් ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයට විකුණා තිබේ. මෙය බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා සමග කල හොර ගනු දෙනුවකි.

මේ සඳහා සාක්ෂි සුරකිමු සිරි දළදා ව්‍යාපාරය සතුව තිබේ.

3.මාලිගාවේ වත්කම් තමන්ගේ PND කන්ස්ට්‍රක්ෂන්ස් නමැති ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගැනිම.

3.1 මෙම ව්‍යාපාරයට අදාල ඈතැම් බිල්පත් මාලිගාවේ ගිණුමෙන් ගෙවා තිබේ.

3.2 මෙම කොන්ත්‍රාත් සමාගම විශාල ව්‍යාපෘති කළහැකි වත්කම් තිඛෙන බව රජයට පෙන්වා අවශ්‍ය ලියා පදිංචිය ලබාගැනිමට මාලිගාවේ මුදල් යොදවා ඇත.

4. තම නිළ නිවසේ සියළු වියදම් හා ආහාර වියදම් මාලිගාවේ මුදලින් ගෙවීම.
(සුරතල් බල්ලාගේ සුඛෝපභෝගි ආහාර බිල ද ඇතුළුව).

5. විදේශිකයන්ගේ පිවිසීමේ දොරටුවේ මුදල් ආදායම ගසා කෑම.

6. මාලිගාවට අයත් ඉඩම්වල ඈති ගස් කපා විකිණීම.

7. කොළඹ මාලඹේ ඉදිකරන නිවසට අවශ්‍ය ගෘහ භාන්ඩ/දැව/නානකාමර කට්ටල/නාන තටාක කොටස් තීරු බදු නොගෙවා ගෙන්වා ගැනිමට මාලිගාවේ වුවමනාවන් සඳහා බවට ව්‍යාජ ලෙස පෙන්වා ආනයනය කරමින් රජයට බදු වංචා කිරීම.

8. ප්‍රභූ ගමන් බලපත්‍ර භාවිත කරමින් ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් පරීක්ෂාවට ලක්නොවී මැණික් පිටරට රැගෙන යාම (මෙය මැණික් හා ස්වර්ණාභරන අපනයන නීති උල්ලංගනය කිරිමකි)

8.1 නීලංග දෑල ගේ නිර්දේශ මත මෙසේ ප්‍රභූ ගමන් බලපත්‍ර ලැබු වංචා කාරයින් කිහිපදෙනකුම සිටී

8.2 ප්‍රභූ ගමන් බලපත්‍ර භාවිතා කරමින් කොමිස් මත කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයේ නිරත වීම.

8.3 හොර නඩය සමග ලොව පුරා මෑණික් ව්‍යාපාර සඳහා යන ගමන් සඳහා සියළු වියදම් මාලිගාවේ ධර්ම ප්‍රචාරක කටයුතු වලට යන බව පෙන්වා සියළු වියදම් මාලිගාවෙන් පියවා ගැනීම.

9. බෞද්ධයා ගේ මුදුන් මල්කඩ වන් ස්ථානය භාරව සිටින්නා ලෙස ඉන්දියාවෙ සුප්‍රසිද්ධ හින්දු කෝවිලක පූජාවක් සඳහා කොණ්ඩය බූ ගා බිම පෙරලීමට මොහු ලැජ්ජාවක් නැති වීමත් ඉන් දළදා මාලිගාවට කරන ලද ඉමහත් අපකීර්තියටත් මොහු බ්‍රහ්ම දණ්ඩනයට ලක්කළ යුතුය

10. මාලිගාවේ කාර්යමණ්ඩලයට අමතරව තම ඇම්බැට්ටයින්ට, ගංජා කාරයින්ට තනතුරු ලබා දී ලක්ෂ ගණනින් වැටුප් ගෙවීම.

11. තම පුද්ගලික සහකාර ලෙස විශ්‍රාම ගිය ඉංජිනේරුවරයකු යොදා මාලිගාවෙන් වැටුප් ගෙවා ඔහුගේ සේවය තම පුද්ගලික කොන්ත්‍රාත් සමාගමේ කාර්යන් සඳහා යොදා ගැනීම.

12. ශ්‍රී දළදා මාලිගාවේ ලිපිනය යොදාගනිමින් ද විහාර දේවාලගම් පනත උල්ලංඝනය කරමින්ද 'සිබා' (SIBA) නමින් සමාගමක් සමාගම් පණත යටතේ ලියා පදිංචි කිරිමත්, එහි වියදම් සඳහා නොර්වේජියානු අධාර ලබා ගැනීමත්, ආධාර ලබාගැනීමේදී මාලිගාවට නුසුදුසු කොන්දේසි වලට එකඟ වීම. (මෙලෙස සමාගමක් ඇරඹීම තබා බැංකු ගිනුමක් ආරම්භ කිරිමටවත් බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ අවසරය නොමැතිව කළ නොහැකිය)

13. කෝටි ගණනක් තිබූ මාළිගාවේ ස්ථිර තැන්පතුව ගසා කෑමෙන් අනතුරුව මේ වන විට කෝටි හයකට වැඩි මුදලක් ලංකා බැංකුවට ණය වී තිබේ.

14. තම නිළ නිවස්නය පිහිටි මාලිගා භූමිය අස්වාභාවික ලිංගික ක්‍රියා සඳහා යොදවා ගන්නා බවටද චෝදනා ලැබී තිබේ.

15. මාලිගාව සතු මැණික් රත්‍රං අස්ථාන ගතවීම පිළිබඳ චෝදනා ලැබී තිබේ.

16. කැලයෙන් අල්ලා ගනු ලබන අලි පැටවුන් සඟවා තබාගෙන, මහනුවර ප්‍රදේශයේ පදිංචි දංගොල්ල පශු වෛද්‍යවරයා ලවා හීලෑ ඇතින්නන්ට ලැබුනු පැටව් යැයි ව්‍යාජ ලේඛන පෙන්වා ලියාපදිංචි කිරීම.

17. තමන්ගේ විවාහ මංගල්‍යයේ පළමු ගමනට යොදාගැනිම උදෙසා මාලිගාවේ වියදමෙන් මිළට ගත් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මිනි කුපර් කාර් රථය අළුත්වැඩියාව සදහා බ්‍රිතාන්‍යයෙන් ඉංජිනේරු වරුන් දෙදෙනකු ගෙන ඒම ඔවුන්ගේ සෑම වියදමක්ම මාලිගාවෙන් දෑරීම, රත්‍රං ආලේප කර තැනු මෙම රථය විවාහ උත්සවයෙන් පසු මාලිගාව පිටුපස නිළ නිවසේ ගාල් කර තැබීම (ඉහත සේයාරුවේ මෙම මිනිකූපර් රථය දැක්වේ)

18. පුරාණයේ සිට පැවති රාජකාරි ක්‍රමය නීතියෙන් අහෝසි කළ ද විහාර හා දේවාල වල රාජකාරීවලට අදාල නොවන ලෙස එය සිදුකෙළේ පුරාණ චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනීමේ අටියෙන් වුවද නීලංග දෑල බස්නායක නිලමේ ධූරයට පැමිණි පසු මාලිගාවේ කළමණාකරුවන්, ලේකම් වරුන් පත්කරන ලදී, මේ නිසා ඇතැම් සේවකයින්ට සිදුවූ අසාධාරණයන් වෙනුවෙන් ඔවුන් කම්කරු උසාවියේ නඩු පැවරීමට කටයුතු කිරීම නිසා මාලිගාව හෑල්ලුවට ලක්ව තිබේ.

19. මාලිගාවේ කටයුතු හා පෙරහැර පුරාණ චාරිත්‍ර අනුව ඉටුකිරිම නිසා ලෝක උරුමයක් වූ පෙරහැර නිලංග දෑල ගේ ගොන් මොළයෙන් 'මොඩිෆයි' කිරීම නිසා එහි විභූතිය විනාශ වී ඇත.

19.1 අවුරුදු දහස් ගණනක් රැකි චාරිත්‍ර අහෝසි කර 'දෑල මෙතඩ්' හඳුන්වා තිබේ.

19.2 පෙරහැරේ සාම්ප්‍රදායිකව ගමන් කරන පුරාණයේ සිට තමනට පාරම්පරික වගකීම් ඇති විවිධ අය වෙනුවට කොන්ත්‍රාත් ක්‍රමයට මිනිසුන් යොදා ගෙන ඇත.

19.3 එලෙස යොදාගත් ඔහුගේ ගම් පළාතේ හෙංචයියන්ට එකම කාර්ය සඳහා දෙවරක් මුදල් ගෙන වංචා කර ඇත. පාරම්පරිකව රාජකාරි කරන්නන් දෙයියන් බුදුන්ගේ දේ සොරකම් කිරීමට කිසි සේත් නොපෙළඹෙන්නේ එයට ඇති බියත් ගෞරවයත් නිසාය. නමුත් දෑල ගේ හොර තක්කඩි රැලට ඒවා ගැන කිසිදු තැකීමක් නැතිව සොරකම් කරති.

19.4 පෙරහැරේ චාරිත්‍ර රැකීම පසෙක තබා නීලංග දෑලට අවශ්‍ය ව ඈත්තේ මාධ්‍ය සංදර්ශණ පැවැත්වීමය, මෙනිසා ඇතුන් ගණන වැඩිකිරීම, පෙරහැර මගින් මාකටිං කිරීම, ඔහුගේ න්‍යාය පත්‍රයයි, මේ මෝඩ නිලමේගේ තියරි නිසා වර්තමානය වන විට ණයට සහ හිඟා ගත් මුදලින් පෙරහැර පැවැත්වීමට සිදුවී ඇත්තේ පෙරහැර වියදම් වෙනුවෙන් තැන්පත් කර තිබු රුපියල් කෝටි ගණනක ස්ථිර තැන්පතුව තම හෙංචයියන් ලවා බිංදුවටම බස්සා ඇති බැවිනි.

19.5 මේ නිසා පසුගිය පෙරහැර පැවැත්වීම සඳහා මුදල් හිඟා කෑම දෑල විසින් සිදු කරන ලදි, මෙය නිශ්චිතවම නීති විරෝධි කටයුත්තකි,(1980 අංක 34 දරණ මහනුවර පෙරහැර භාරය පණත උල්ලංඝනය කිරීමකි) මේ සම්බන්ධයෙන් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය නම් සංවිධානයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිළි කර ඇතිමුත් මෙතෙක් ඒ පිළිබඳ පියවරක් ගත් බවට තොරතුරු නොමැත, මෙහි ලැජ්ජා සහගතම කාරණය වනුයේ දෑල විසින් අරාධනා කර මාලිගාවට ගෙන්වා පෙරහැරට මුදල් දෙන ලෙස හිඟා කා ඇති ව්‍යාපාර සහ සංවිධාන අතර අන්‍යාගමික ව්‍යාපාරද වීමයි.

මෙවැනි මහා හොරෙක් සම්බන්ධයෙන් රෙජීමාධිපතිවරයාත් මහා නායක හිමිවරුනුත් ඇස් කන් පියාගෙන සිටීම ගැන සැබෑ දේශප්‍රේමී බෞද්ධයෝ මහත් විස්සෝපයට පත්ව සිටිති.

(ස්තූතිය -සුරකිමු සිරි දළදා ව්‍යාපාරයට)

---------------------------
by     (2025-06-27 04:45:20)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links