~

හිටපු ධීවර අමාත්‍ය රාජිතටත් බඩු බනිස්..!

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.28, පෙ.ව‍.8.30) හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න දැනට සිදුවන විමර්ශනයක සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට නියමිත බව අධිකරණය ඉදිරියේ අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසම විසින් දැනුම් දී තිබේ.

ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඊයේ(27) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සිදුකළ සඳහනක් අනුව ය.

චෝදනාව වන්නේ 2014 අගෝස්තු 01 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා කාලය තුළ ඉතා සුළු මුදලකට මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දෙන ලෙස ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට බලකරමින් රජයට පාඩු සිදු කළ බවයි.

එහිදී මහේස්ත්‍රාත්වරිය විමසා සිටියේ මේ නඩුකරය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුවනවා ද කියා ය. ඊට පිළිතුරු දෙමින් අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන් කියා සිටියේ අදාළ නඩුකරය සම්බන්ධයෙන් එවකට විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට නියමිත බවය. වාර්තා වන අන්දමට එම සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ ද චූදිතයෙක් වේ.

මේ අතර අල්ලස් කොමිසම මගින් අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

---------------------------
by     (2025-06-28 03:09:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links