~

"එයාර් රනිල් දූෂණය"..! නිසැකවම රනිල් හිරේ යන නඩුවක සම්පූර්ණ කතාව මෙන්න..!

-ලංකා ඊ නිව්ස් හි ඉංග්‍රීසි සංස්කරණයේ ගවේෂනාත්මක වාර්තාකරුවෙකු විසින් පළ කළ වාර්තාවක සිංහල පරිවර්තනයකි-

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.28, පෙ.ව‍.11.10) රට බංකොලොත් වී IMF විසින් බලහත්කාරයෙන් ජනතාව මත පටවන ලද පටි තද කිරීම් මධ්‍යයේ රටේ සියළු ජාතීන්ට අයත් ජනයා අරගල කරන අතරතුර, ශ්‍රී ලංකාවේ හිටපු අන්තර්කාලීන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිහඬව වෙනස් ආකාරයක 'සෙල්ලමක්' කර තිබේ. 

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් (CID) මතුවන නව හෙළිදරව් කිරීම් සහ මෑතකදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු වාර්තා කිරීම් වලින් හෙළි වී ඇත්තේ රාජ්‍ය අනුග්‍රහය ලත් රනිල් වික්‍රමසිංහගේ  ගෝලීය සංචාර අසාමාන්‍ය වාර්තාවක් තබා ඇති බවයි. 2022 ජුලි සහ 2024 සැප්තැම්බර් අතර වික්‍රමසිංහ තාවකාලික ජනාධිපතිධූරය දැරූ මාස 26 ක කාලය තුළ විදේශ සංචාර 23 ක් සිදුකර ඇති අතර ඒ සඳහා පුද්ගලයින් 426 කට වැඩි පිරිසක් ඔහු සමග සහභාගී වී ඇති බව අධිකරණයට වාර්තා කර ඇත. 

මේ විදේශ සංචාර සඳහා රටේ පරිප්පු ඇටයේ සිට බදු ගෙවන ජනතාවට ගෙවන්නට සිදුවූ මුළු මුදල රු. බිලියන 1 කට (කෝටි 100) අධික විශ්මයජනක මුදලකි. එම මුදලින් ග්‍රාමීය රෝහල් කිහිපයක් ඉදිකිරීමට හෝ වසරක් මුළු රටේම දරුවන්ට නොමිලේ පාසල් දිවා ආහාරය සඳහා අරමුදල් සැපයීමට හැකිය.

එහෙත්, ප්‍රශ්නයක් ඉතිරිව තිබේ මේ සා විශාල පිරිසක් සමග සිදුකළ විදෙස් සංචාර වලින් රටට සේවයක් සිදුවූයේ කුමන ජාතික අරමුණක් සඳහා ද? නැතහොත් එය හුදෙක් මහජන වියදමින් සිදුකළ රාජ්‍ය තාන්ත්‍රික විනෝද චාරිකා ද?

සංචාර පිටුපස ඇති සංඛ්‍යා දත්ත..

අධිකරණයට ඉදිරිපත් කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුව:

* 2022 දී මාස 5 ක් තුල, ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු වහාම, වික්‍රමසිංහ රුපියල් මිලියන 130 ක වියදමින් පුද්ගලයින් 63 දෙනෙකු සමඟ විදේශ සංචාර 4 ක් ගොස් තිබේ.

* 2023 වසරේ මාස 12 ක් තුල, මෙය රුපියල් මිලියන 578 ක වියදමින්, නියෝජිතයින් 252 ක් සමඟින්, පිස්සු හැදෙන විදේශ සංචාර 14 ක් විය.

* 2024 දී මාස 9 ක් තුල සහභාගී වූ පිරිස  111 ක් වෙමින් තවත් විදේශ සංචාර 5 ක් සිදු කර ඇති අතර, එයට තවත් රුපියල් මිලියන 300 ක් වැය විය.

සමස්තයක් වශයෙන්, වසර තුනක් තුළ රාජ්‍ය අරමුදල් රුපියල් බිලියන 1 කට (කෝටි 100) වැඩියෙන් වියදම් කර සංචාර 23 ක් සඳහා පුද්ගලයින් 426 ක් සහභාගී වූහ - සාමාන්‍යයෙන් එක් සංචාරයකට සහකරුවන් 20 කට ආසන්න සංඛ්‍යාවකි.

නිව්යෝර්ක් සිට ටෝකියෝ දක්වාත්, බ්‍රසල්ස් සිට ඩාවෝස් දක්වාත්, වික්‍රමසිංහ සහ  පිරිවරේ 'රාජකීය තවලම' ප්‍රීති ඝෝෂා සමඟ ගමන් කළහ. රාජකීයයන් මෙන් නොව, මෙම ගමන් සඳහා අරමුදල් සපයන ලද්දේ වික්‍රමසිංහට උරුම වූ ධනයෙන් නොව, ශ්‍රී ලංකාවේ දුප්පත් පොහොසත් සියළු බදු ගෙවන මහජනතාවගේ මුදල් පසුම්බිවලිනි.

"එයාර් රනිල් දූෂණය" -දැන් මේවා හුදෙක් කතන්දර නොවේ..

මෙම හෙළිදරව් කිරීම් දැන් හුදෙක් කතන්දර නොවේ. ඒවා දැන් ක්‍රියාකාරී අපරාධ විමර්ශනවලට විෂය වී ඇති අතර, CID රහස් පරීක්ෂකයෝ රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිතා කිරීම, වංචා කිරීම සහ අධික ගමන් දීමනා පිළිබඳ තවදුරටත් විමර්ශන කරමින් සිටිති. අධිකරණ වාර්තා සනාථ කරන්නේ මීට අදාල විමර්ශන ගොනු 400 කට වඩා වැඩි සංඛ්‍යාවක් විවෘත කර ඇති බවත්, ඒ සෑම එකක්ම මෙම සංචාරවල සංයුතිය, පිරිවැය සහ අරමුණ (හෝ අරමුණක් නොමැතිකම) ලේඛනගත කරන බවත්ය.

CID විශේෂයෙන් පරීක්ෂා කරන නීති මූලාශ්‍ර වන්නේ:

* එකම ගෙවීමකට දෙතුන් වතාව බැගින් ව්‍යාජ බිල් පෙන්වා සිදුකළ ගෙවීම්.
* යථාර්ථයක් විය නොහැකි තරම් පළමු පන්තියේ ගුවන් යානා ආසන වෙන්කිරීම්
* නිල නොවන පවුලේ සාමාජිකයන් හෝ තම දේශපාලන අනුග්‍රාහකයන් සඳහා ගෙවීම්
* පාර්ලිමේන්තු අධීක්ෂණයකින් තොරව විදේශයන්හි අත්සන් කරන ලද ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු ආදියයි

සමහරුන් මෙය නම්  කර ඇත්තේ "එයාර් රනිල් දූෂණය" යන නාමයෙනි.

රැස්වීම් කිසිවක් තිබුනේ නෑ තිබුනේ ෆොටෝ ෂූට් පමණයි..

ජනාධිපති පිරිවරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ අමාත්‍යවරුන් පමණක් නොව, පහත සඳහන් අයද ඇතුළත් වූ බව අභ්‍යන්තරිකයෝ චෝදනා කරති:

* රනිල්ට දේශපාලනිකව සම්බන්ධතා ඇති පවුල්වල මිතුරන්
* ජාත්‍යන්තර ගනුදෙනු බලාපොරොත්තුවෙන් සිටි හිතවත් ව්‍යාපාරිකයන්
* තම ප්‍රතිරූපය වැඩි කරගැනීමට උපදෙස් දෙන උපදේශකයින්, මෝස්තර ශිල්පීන් සහ පුද්ගලික සහායකයින්
* "තරුණ නියෝජිතයන්" කියා ද නොදන්නා පිරිසක් රැගෙන ගොස් ඇත.

නම සඳහන් කිරීමට අකැමති එක් නිලධාරියෙක් මෙසේ පැවසීය:

“සහභාගී වූ චාරිකා වල දී නිල ෆෝරම් වලට වඩා වැඩි පිරිසක් රාත්‍රී භෝජන සංග්‍රහවලට සහභාගී වී තිබුණා. සමහර අවස්ථාවල, නියමිත ද්විපාර්ශ්වික රැස්වීම් කිසිවක් තිබුනේ නෑ, තිබුනේ පිළිගැනීම් සහ ෆොටෝ ෂූට් පමණයි.”

හෝටල් වෙන්කිරීම්වලදී, මෑන්හැටන්හි තරු පහේ සූට්, ටෝකියෝ හි ජනාධිපති පෙන්ත්හවුස් සහ අබුඩාබි හි සුඛෝපභෝගී නිවාඩු නිකේතන ඇතුළත් විය. සියල්ල "විශේෂ රාජ්‍ය තාන්ත්‍රික මිල ගණන්" හරහා වෙන්කරවා ගත් අතර එය ටෙන්ඩර් ක්‍රියා පටිපාටි පහසුවෙන් මග හැරීමේ ක්‍රමයක් විය. 

කිසිවෙකු, කොතරම් පළපුරුදු හෝ ජ්‍යෙෂ්ඨ වුවත්, නීතියට ඉහළින් නොසිටිනු ඇත...

"එයාර් රනිල් දූෂන" නඩුව අනෙකුත් දූෂනයන් මෙන් වැළලීමට ඉඩදෙනු නොලැබේ. අදාළ අවස්ථාවන්හිදී අපරාධ නඩු ගොඩනැගීම සඳහා විගණකාධිපති වාර්තා, CID සොයාගැනීම් සමඟ ඒකාබද්ධව භාවිතා කරන බව නීතිපති නිලධාරීන් තහවුරු කර ඇත.

රනිල්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වෙද්දී, වෙනදා මෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ ප්‍රකාශයක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නොකර සැලකිය යුතු ලෙස නිහඬව සිටී. ඔහුගේ කාර්යාලය නිශ්චිත සංඛ්‍යා පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ වෙනුවට “ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික කාල පරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය තුල මැදිහත්වීම් අත්‍යවශ්‍ය වේ” යන පොදු ප්‍රකාශයක් නිකුත් කර ඇත.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් මෙසේ ප්‍රකාශ කළාය:

"කිසිවෙකු, කොතරම් පළපුරුදු හෝ ජ්‍යෙෂ්ඨ වුවත්, නීතියට ඉහළින් නොසිටිනු ඇත. රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිතා කර ඇත්නම්, වන්දි ගෙවීමට සිදුවනු ඇත."

අවසාන අරමුණ වන්නේ වැරදි ලෙස වියදම් කළ අරමුදල්වලින් අවම වශයෙන් කොටසක් හෝ අයකර ගැනීම සහ අනාගත සියලුම රාජ්‍ය නිල සංචාර සඳහා ස්ථිර විගණන රාමුවක් ස්ථාපිත කිරීමයි.

-ලංකා ඊ නිව්ස් හි ඉංග්‍රීසි සංස්කරණයේ ගවේෂනාත්මක වාර්තාකරුවෙකු විසින් පළ කළ වාර්තාවක සිංහල පරිවර්තනයකි-

---------------------------
by     (2025-06-28 07:37:28)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links