~

"මෙගලිතික යුගයේ සුසාන භූමියක්" ගල්නෑවෙන් සොයා ගැනේ..! (Photo)

සේයාරූ සහ වාර්තාව අනුරාධපුරයේ තිසර සමල්

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.30, පෙ.ව‍.10.30) ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කොකොට්ඨාශයේ  473 "මුස්නව "ග්‍රාම නිළධාරි වසමේ "ආචිරියාගම " නැමති ගම්මානයේ වසර දහයක පමණ කාලයක් තිස්සේ පදිංචි කරුවන් සඳහා ඉඩම් බලපත්‍ර ලබා දී නොමැති අතර , බලපත්‍ර ලබා දීම සඳහා ප්‍රාදේශීය ලේකම් වරයා එම ප්‍රදේශය පිලිබදව සොයා බැලීමක් පසු ගිය දිනක සිදු කර තිබේ. 

පසුව එම ප්‍රදේශය බාර ග්‍රාමනිළදාරි වරයා මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් වරයාට දැනුම් දී ඇත්තේ එම ඉඩම් තුල පුරා විද්‍යා වටිනාකමක් ඇති නටඹුන් ලෙස සැක කෙරෙන එක් එක් ප්‍රමාණයේ පාෂාන කොටස් විසිරී ඇති බවයි. 

පසුව ප්‍රාදේශීය ලේකම් වරයා මේ පිලිබදව,  ඉඩම් පරීක්ෂාකර බලා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවට අනුමැතියක් ලබා දෙන ලෙසට පුරාවිද්‍ය දෙපාර්තුමේන්තුව වෙත ලිඛිතව දන්වා තිබේ. 

ඉන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට පැමින මෙම ඉඩම් පරීක්ෂා කර බලා ඇතිඅතර එහිදී අනාවරණය වී ඇත්තේ එම ප්‍රදේශයේ අක්කර 10 කට ආසන්න පාරාසයක තුල වූ ඉඩම් 14 ක පමණ ඉතා පුරා විද්‍යා වටිනාකමක් සහිත "මෙගලිතික යුගයේ සුසාන " ලක්ෂන ඇති බවයි. ඒ හේතුවෙන් පුරාවස්තු  ආඥා පනතට අනුව පුරාවිද්‍යා නටබුන්වල අයිතිය පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් සතු බැවින් එවා පිහිටා ඇති , දැනට අනවසර වගාකරුවන් අත්පත් කරගෙන ඇති එම භූමි පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත්,  එම ඉඩම් සතු පුද්ගයන් වගා කටයුතු සිදු කරණ භූමිවල නැවත වගාකිරීම අත්හිටුවන ලෙසටත් , එම ඉඩම් පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට මැන වෙන් කර ගැනීම සඳහා මැනුම් ඉල්ලුම් නිකුත් කරන ලෙසට ප්‍රාදේශීය ලේකම් වරයාට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් දන්වා තිබේ. 

මෙම සිදුවිමට අදාල වූ ඉඩම් වල පොල් /අඹ / වැනි ස්ථිර බෝග හා ඉදිකිරීම්ද බොහොමයක් මේ වන විට පවතිනවා. 

මේ සම්බන්ධයෙන් ඉඩම් හා වාරිමාර්ග මහවැලි නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහගෙන් විමසීමක් කළ අතර එහිදී අමාත්‍ය වරයා කියා සිටියේ ,  මෙම සොයාගත් "මෙගලිතික සුසාන" පුරාවිද්‍යා වශයෙන් ඉතා වැදගත් වන බවත් මෙම ප්‍රදේශය අවුකන පුදබිමට ආසන්නයේ පැවතීමත් නිසා මෙම ප්‍රදේශය සංචාරක කර්මාන්තය සඳහා භාවිතා කිරීමට සුදුසු බවයි.  ඒ වගේම එම ඉඩම් සම්බන්ධයෙන් ගොවියන්ට හා ඒම ජනතාවට හානියක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවත්, පුරාවිද්‍යා දෙපාර්තුමේතුවත් එම ගොවීන් හා ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරීන් සමග සාකච්ඡා කර විසඳුමකට පැමිණෙන බවත් නි. අමාත්‍ය සුසිල් රණසිංහ පැවසීය.

මෙගලිතික යුගය යනු..

මෙගලිතික යුගය යනු වත්මන් ශිෂ්ඨාචාරයට බොහෝ පෙර ප්‍රාග් ඓතිහාසික යුගයේ විශාල ගල් ස්මාරක ඉදිකිරීම් මගින් සංලක්ෂිත වූ කාලයකි, ඒවා බොහෝ විට මෙගලිතික ලෙස හැඳින්වේ. මෙම ව්‍යුහයන් ප්‍රධාන වශයෙන් නව ශිලා යුගයේ සහ තඹ යුගයේ ඉදිකරන ලද අතර සමහරක් ලෝකඩ යුගය දක්වා විහිදේ. යුරෝපය පුරා මෙගලිතික ඉදිකිරීම් 35000 කට වැඩිය සොයාගෙන ඇත.

මෙගලිතිකයක් යනු තනිව හෝ වෙනත් ගල් සමඟ එක්ව ප්‍රාග් ඓතිහාසික ව්‍යුහයක් හෝ ස්මාරකයක් ඉදිකිරීම සඳහා භාවිතා කර ඇති වස්තූන් ය. මේවා ලංකාවේ ගල් වලින් බුද්ධ ප්‍රතිමා නෙලූ යුගයට බොහෝ පෙර යුගයක සාක්ෂීන් ය. "ගල්නෑව" යන නම සමගද මෙගලිතික යන්නෙහි සම්බන්ධයක් තිබේ.  

සේයාරූ සහ වාර්තාව

අනුරාධපුරයේ තිසර සමල්

---------------------------
by     (2025-06-30 05:05:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links