-චන්ද්‍රප්‍රදීප් ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.30, ප.ව.1.50) සෑම පුද්ගලයෙකුම නීතියට අවනත විය යුතුවා පමණක් නොව නීතියට බිය විය යුතු බව ජනාධිපති අනුර කුමාර පුන පුනා කියන කතාවකි. ඔහු ඒ බව ජනාධිපතිවරණයට පෙර දී ද ජනාධිපති වීමෙන් පසුව කිහිප වතාවක්ම ප්‍රකාශ කර තිබේ. රාජ්‍යයක් ඒ සඳහා ක්‍රියා කරද්දී ලංකාවේ නම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අසීමාන්තික බලයක් නීතියෙන්ම ලැබී තිබේ. මෙම ස්වාධීන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස විනිසුරු රංග දිසානායක පත් වීමත් සමග කොමිෂන් සභාව රටේ නීතිගරුක පුරවැසියන්ගේ අමන්දානන්දය ට පත් ව තිබෙන බව කීම අතිශයෝක්තියක් නොවේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිශන් සභාවේ මේ වසරේ මුල් මාස 5 තුල එනම් 2015 ජනවාරි 01 දා සිට 2015 මැයි 31 දක්වා සමස්ථ ප්‍රගති වාර්තාව එළි දක්වා තිබේ. එහි අපූරු සිද්ධියක් වාර්තා කර තිබේ. ඒනම් වැටලීම් වල දී අත් අඩංගුවට ගත් පුද්ලයින් අතර අධිකරණ අමාත්‍යාංශයේ ක්වාසි විනිසුරුවරයෙක් ද සිටී. 'ක්වාසි විනිසුරු' යනු අධිකරණයක් නොවුවත්, අධිකරණයකට සමාන අර්ධ-අධිකරණ කාර්යයන් ඉටු කරන අයෙකි. මෙයට බොහෝ විට නීතිය අර්ථ නිරූපණය කිරීම සහ අධිකරණ නඩුවකදී විනිසුරුවරයෙකු කරන ආකාරයට සමානව පුද්ගලයන්ගේ හෝ සංවිධානවල අයිතිවාසිකම් සහ බැඳීම්වලට බලපාන තීරණ ගැනීම ඇතුළත් වේ. එනයින් ද අල්ලස් කොමිසමට තුති පිදිය යුතුය.
කෙසේ වෙතත් එකී මාස 5 තුල කොමිසම වෙත ලැබී ඇති අලුත් පැමිණිලි සංඛ්‍යාව 2138 කි. කලින් ඉතිරිව තිබූ පැමිණිලි සංඛ්‍යාව 240 කි. පෙර පැමිණිලි හා සමාන පැමිණිලි ද අලුත් පැමිණිලි අතර තිබී ඇති අතර ඒ සංඛ්‍යාව 157 කි. ඒ අනුව විමර්ශනයට නියමිත මුළු පැමිණිලි සංඛ්‍යාව 2221 ක් ලෙස සලකා තිබේ.
ඒවා අතරින් ප්‍රමාණවත් කරුණූ නොතිබීම සහ පනතට අදාල නොවීම හේතුවෙන් පැමිණිලි 524 ක් විමර්ශනයට නොගැනීමට තීන්දු කර තිබේ. මේ කාලය තුල විමර්ශනය සඳහා නියෝග ලද පැමිණිලි සංඛ්‍යාව 224 කි. වෙනත් ආයතන වෙත යොමුකරන ලද පැමිණිලි සංඛ්‍යාව 282 කි.
ප්‍රකාශ සටහන් කර ගැනීමට විමර්ශන අංශ වෙත යොමුකළ පැමිණිලි සංඛ්‍යාව 171 ක් වන අතර වාර්තා කැඳවීම සහ වෙනත් අමතර කරුණු සඳහා යොමුකළ පැමිණිලි සංඛ්‍යාව 382 කි. ඒ අනුව ඉතිරි පැමිණිලි සංඛ්‍යාව 638 කි.
එකී මුල් මාස 5 තුල සිදුකළ මුළු වැටලීම් සංඛ්‍යාව 44 ක් වන අතර ඉන් ඵලදායී වූ වැටලීම් සංඛ්‍යාව 25 කි. (2024 දී කල් තබන ලද වැටලීමක් 2025 ජනවාරියේ දී සාර්ථක වී තිබේ) මේ මාස 5 තුල කල් තබන ලද වැටලීම් සංඛ්‍යාව 02 කි. අසාර්ථක වූ වැටලීම් සංඛ්‍යාව 18 කි. වැටලීම් වලින් අත් අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 31 කි.
අත් අඩංගුවට ගත් ඒ සැකකරුවන් 31 දෙනා පහත පරිදි වේ
* අධ්‍යාපන අමාත්‍යාංශයේ විදුහල්පතිවරයෙක්,
* ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල්ගේ සිට උප පොලිස් පරීක්ෂක දක්වා නිලයන්ට අයත් නිලධාරීන් 08 කි. ඉන් සාජන්ලාම 4 කි.
* කම්කරු කාර්යාලයේ නිලධාරියෙක්.
* ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ක්ෂේත්‍ර නිලධාරියෙක්
* ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලය ලත් නිලධාරියෙක්
* සෞඛ්‍ය අමාත්‍යාංශයේ පීඑච්අයි නිලධාරීන් 2 ක්
* ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරියෙක්
* අධිකරණ අමාත්‍යාංශයේ 4 දෙනෙක්. ඒ හතර දෙනාට 'ක්වාසි විනිසුරුවරයෙක්' ද අයත් වන අතර (පෙර විස්තර කර තිබේ) හදිසි මරණ පරීක්ෂකයෙක් ද, පියන් ලා දෙදෙනෙකු ද වෙති.
* පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවෙක්
* ප්‍රාදේශීය සභාවක ආදායම් පරීක්ෂක වරයෙක්
* ලංකා ගමනා ගමන මණ්ඩලයේ දෙදෙනෙක් (ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙක් සහ ආරක්ෂක නිලධාරියෙක් )
* ග්‍රාම සේවක වරයෙක්
* මහවැලි අධිකාරියේ සේනපුර -කොට්ඨාශ කළමනාකාර කාර්යාලයට අනුයුක්ත ඒකක කළමනාකාරයෙක්
* සිවිල් පුද්ගලයින් 6 ක් සහිතව මුළු ගණන 31 ක් වෙති.
අදාල කාලය තුල මහෙස්ත්‍රාත් අධිකරණ තුල සහ මහාධිකරණ තුල නඩු පවරා ඇති සංඛ්‍යාව 42 කි. ඒවාට අල්ලස නම් වරද, දූෂනය නම් වරද සහ අයුතු වත්කම් ඉපැයීමේ වරද සිදුකිරීම් ඇතුලත් වේ.
මෙකී මුල් මාස 05 ක කාලය තුල ත්‍රිපුද්ගල මහාධිකරණ වල මහාධිකරණ තුල සහ මහේස්ත්‍රාත් අධිකරණ තුල අවසන් කරන ලද නඩු සංඛ්‍යාව 29 කි. ඉන් නඩුකර 16 ක දී විත්තිකරුවන් 19 කි. ඊට මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු ඇමැති දෙදෙනා ද ඇතුලත් වෙති.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත්කළ නිල වාර්තාවක් අනුව සැකසුවේ,
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54
---------------------------
by (2025-06-30 09:02:31)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි