~

වාර්තා ගත වැඩිම මනාපය විපක්ෂයේ තාරකාව වන හරීන්ට: සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය අනුව සැබෑ මහ ඇමැති සහ සැබෑ එජාප නියෝජ්‍ය නායකයා හරීන් විය යුතුයි

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.21, ප.ව.5.30) ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැරුණු විට වෙනත් එජාපයේ නායකයෙකු නොගත් විශාලතම වාර්තාගත මනාප සංඛාවක් විපක්ෂයේ තාරකාව වී සිටින හරීන් ප්‍රනාන්දු ලබාගෙන තිබේ. 

එනම් මනාප 1,73,993  ක මනාප සංඛ්‍යාවකි. ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමැති රාජපක්ෂලාගේ පුත්‍රයා අත් ට්‍රැක්ටර් පවා නොමිලේ ඛෙදා ලබා ගෙන ඇත්තේ හරීන් ලබා ගත් මනාපයෙන් අඩකට මඳක් වැඩි සංඛ්‍යාවක් වන 96,619 කි.

මේ අනුව සමානුපාතික ඡන්ද ක්‍රමයේ විකෘතිය නැතිනම් ඌව පළාතේ සැබෑ මහ ඇමැති විය යුත්තේ එම පළාතේ මිනිසුන්ගේ වැඩි කැමැත්ත ඇති හරීන් ප්‍රනාන්දුය.

එපමණක් නොවේ එක්සත් ජාතික පක්ෂ නායකයාද තම හිතුමතයේ හෙට අනිද්දා එජාපයේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස පත් කිරීමට යන විටදී ද මෙය සලකා බැලිය යුතුය. මනාප ඡන්ද 98,000 ක උපරිමයක සිට අවසන් මනාප තරඟයේදී එය 74,000 කට අඩු කර ගත්, කෙදිනකවත් එජාප සාමාජිකයන්ගේ කැමැත්ත හරීන් මෙන් 1,73,993 ක් ලබා නොගත් සජිත් ප්‍රේමදාස එජාපයේ නියෝජ්‍ය නායකයා කළ යුත්තේ ඇයි? නැතහොත් හරීන් ප්‍රනාන්දු එජාපයේ නියෝජ්‍ය නායකයා නොකළ යුත්තේ ඇයි? මොළේ අබ ඇටයක් හෝ ඇති නායකයන් එජාපයේ වේ නම් මේ ප්‍රශ්නයට යථාර්තවාදී පිලිතුරු සොයා ගත යුතුය.

සජිත් නැතිනම් හරීන් මේ මනාපය ලබා ගන්නේ නැතැයි සජිත් නියෝජ්‍ය නායකයා කළ යුතු යැයි සිතන පිරිසක් වේ නම් ඔවුන්ගේ දැන ගැනීම සඳහා මේ තොරතුරු හෙලි කළ යුතුය.

ඊයේ අහවර වූ ඡන්දයේදී එජාපය ජය මාවතට ආවේ මොණරාගලින් නොව බදුල්ලෙනි. එහිදී සජිත් වේදිකාවට නැග්ගේ ආසන 3 ක පමණය. ඒ පස්සර මහියංගනය සහ බණ්ඩාරවෙලයි. ඒ තුනම එජාපය පරාජය වී තිබේ. බණ්ඩාරවෙල එජාපය ජය ගැනීමට තිබූ ආසනයකි. එය ඡන්ද 280 කි පරාජය විය. බදුල්ලේ අවසන් රැලියට සජිත් වේදිකාවට නගින්නට සිටියද නැග්ගේ නැත. බදුල්ල ජයගත්තේය.

මොණරාගලද තත්ත්වය එසේමය සජිත් අවසානයේ හෝ වැඩියෙන් කැපවුනේ මොණරාගල සහ බිබිල ආසන සඳහාය. ඒ තම හිතවත් මද්දුම බණ්ඩාර වැනි තම සච්චකයන් සිටින නිසාය. නමුත් ඒ ආසන දෙක ආණ්ඩුව ජය ගත්තේ සියයට 60 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයකිනි. මද්දුම බණ්ඩාර වැනි අමු සජිත් වාදියෙකුගේ බිබිල ආසනය ආණ්ඩුව දින්නේ එකට එකක ඡන්ද පරතරයකිනි. තිස්ස කුට්ටිආරච්චිලා වැනි සජිත් විරෝධීන් සිටින වැල්ලවායට සජිත් සහාය දුන්නේ නැත. එහි ආණ්ඩුවට ජය ගත හැකි වූයේ සියයට 54 කින් පමණි. මොණරාගල දිස්ත්‍රික්කයෙන් එජාපයෙන් පත්වූ 5 දෙනාගෙන් තිදෙනෙකුම වැල්ලවාය ආසනයෙන් පත්වූවන් වීමෙන් මේ තත්ත්වය තවත් පැහැදිලි කර ගත හැකිය.

එජාපයට ජය ගැනීමට නවක තරුණයන් ඉදිරියට ගත යුතු නම් ඒ සඳහා සජිත්ට වඩා හරීන් සුදුසු බව හිතන්න පුළුවන්, ගණිතය දන්නා, රාජපක්ෂලාගේ කුමන්ත්‍රණ කරුවන් නොවන ඕනෑම ගොබිලෙකුට තේරුම් යා යුතුය. අනෙක් අතට ඔහු කළ පරිත්‍යාගයට කෘතගුණ සැලකීමක් නැති පක්ෂ නායක කාරකාදීන්ගෙන් ඇති ඵලය කිම..?

---------------------------
by     (2014-09-21 13:26:28)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

I am always supporting Hareen, Hareen should become assistance of the UNP. he will be our next UNP president candidate. i am really like Hareen and his political experience. Good Luck Hareen.
-- by chrishan fernando on 2014-09-21

Well done Harin, Congratulations, You mark the turning point of UNP. All UNPrs should grateful to your move. No one hesitate to nominate you as the Deputy Leader. I salute you dear friend.
-- by Bathiya on 2014-09-21

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links