මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යනු හොර ගුහාවකි..! අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ජයවේවා..!!
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.01, ප.ව.5.45) ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොකර නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ වාහන 177 ක් නීතියට පටහැනි ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හොරාට ලියාපදිංචි කළැයි අද (01) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත් අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළා ය.
අද දිනයේ ඉදිරිපත් කරන ලද්දේ එලෙස ගෙන්වූ වාහන 177 න් එක් මෝටර් රථයක් වූ ටොයොටා වර්ගයේ ජීප් රථයක් සඳහා හොර අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙනි.
එකී ජීප් රථයකට අදාළ හොර අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ට චෝදනා එල්ල වූ අතර ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට සැලසුම් කිරීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ එහි ලිපිකරුවෙකු වූ අත්තරගම ගෙදර ධම්මික නිරෝෂන් නමැත්තාට ද චෝදනා එල්ල වී තිබේ. තිදෙනාම රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.
මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බවත් මේ ආකාරයෙන් නීති විරෝධී ලෙස වාහන 177 ක් මෙරටට ගෙන්වා නීතියට පටහැනි ලෙස ලියාපදිංචි කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් ය.
මීට පෙර අල්ලස් කොමිසම මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ සිදුකළ වැටලීමක දී එක් දිනක් තුල අල්ලස් ලෙස ලබා ගත් රුපියල් ලක්ෂ 41 කට අධික මුදල් ගෝනි 4 ක් සහිතව විජේසුන්දර මුදියන්සේලාගේ ඩිලන්ත නුවන් කුමාර නම් එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා, කළමනාකරුවෙකු සහ සහකාර කළමනාකරුවෙකු අත් අඩංගුවට ගත් අතර ඔවුන් ද මේ වන විට ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාර ගතව ය.
හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහට ද පාළුවක් නැතිව තම පැරණි දූෂිත මිතුරන් සමග රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිය හැකිය.
නිශාන්ත අනුරුද්ධ වීරසිංහ නිසි ලෙස විශ්‍රාම ගියා නොව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරින් ඉල්ලා අස් වූ අයෙකි. වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පැමිණ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක පත්වීමෙන් පසු ඔහු තනතුරින් ඉල්ලා අස්විය. තනතුරින් අස්වූවා කියා තනතුරේ සිටිය දී සිදුකළ දූෂණ යටපත් කළ නොහැකි වී තිබේ.
සේයාරුවේ ඉන්නේ සුදු කර පටි දූෂිතයා නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ය.
---------------------------
by (2025-07-01 13:21:24)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි