~

අධිකරණයට අපහාස කිරීමට එදා 'නිවැරදිකරු' යැයි කී හිටපු ආගමන හා විගමන පාලක අද 'වරද පිළිගනී'..! ඉහළම දඬුවම් දෙන්න..! පෙත්සම්කරුවෝ කියති..! දඬුවම් දීම ලබන 24 දා..!

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.01, ප.ව‍.6.40) විද්‍යුත් විශාල ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන තිබූ තීරණය වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට 'වරද පිළිගත්' හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක් පිටියට දඬුවම් නියම කිරීම ලබන 24 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(01) නියෝග කළේය.

බන්ධනාගාරගතව සිටි හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක් පිටිය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට පමුණුවන ලදී.  

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු ආගමන විගමන පාලකවරයාට එරෙහිව පවරා ඇති පෙත්සම් සහ විද්‍යුත් වීසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන තිබූ තීරණය වළකාලන්නයි ඉල්ලමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය දුන්නේ ය.  

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන යසන්ද කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලිණ. 

විද්‍යුත් විසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට එවක අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් දෙන්නැයි ඉල්ලා හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනාධිපති නීතිඥවරයෙකු වන එම්. ඒ. සුමන්තිරන්  මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබිණ.

මුලදී එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව විද්‍යුත් විශාල ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාගේ දීමට ගෙන තිබූ තීරණය වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදීත් එවක ආගමන හා විගමන පාලකවරයා වශයෙන් කටයුතු කළ හර්ෂ ඉලුක් පිටිය ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් තවත් නඩුවක් පැවරීය.

මං එදා හිටියේ ටෙන්ෂන් එකේ..

එම අධිකරණයට අපහාස කිරීමේ නඩුව පෙර කැඳවූ අවස්ථාවකදී විත්තිකාර හර්ෂ ඉලුක් පිටිය එම අවස්ථාවේදී මෙම චෝදනාවට ඔහු "නිවැරදිකරු" වශයෙන් ප්‍රකාශ කර තිබිණ. අද ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සාලිය පීරිස්  කියා සිටියේ තම සේවාදායකයා මීට පෙරදී මේ චෝදනාවට තමා 'නිවැරදිකරු' වශයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් අදාළ චෝදනාවට තම සේවා දායකයා 'වරද පිළිගන්නා' බවත්ය.

මේ අවස්ථාවේදී විත්තිකාර හර්ෂ ඉලූක්පිටිය අධිකරණය ඉදිරියට පැමිණ තමන් ඒ අවස්ථාවේදී මානසික පීඩනයෙන් සිටි බවත් තමන් විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටි බවත් පැවසීය. විදේශ කටයුතු තමාත්‍යංශයේ ලේකම්වරයා තමාට කතා කර නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක නොකරන ලෙස තමාට කීවේ යයිද ඒ අනුව අදාළ නියෝග තමා ක්‍රියාත්මක නොකළේ යැයි ද හර්ෂ ඉලක්ප්පිටිය පැවසීය.

'ඉහළම දඬුවම් දෙන්න...' හකීම් පාඨලී ඉල්ලති..

පෙත්සම්කාර හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් කරුණු දක්වමින් විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාව ඉතාම බරපතල හෙයින් ඔහුට මතක හිටින දඬුවමක් නියම කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම්කාර හිටපු අමාත්‍ය පාඨලී චම්පික කරුණු දක්වමින් විත්තිකරුගේ මෙම ක්‍රියාව හේතුවෙන් රුපියල් කෝටි 370 ක් පමණ රජයට අහිමි වී ඇති බවත් කුමන්ත්‍රණකාරී අන්දමින් කළ මෙම ක්‍රියාවට ඉහළම දඬුවම් දෙන්නැයි ද ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහිව දඬුවම් ලබන විසි හතරවෙනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ ලිඛිත දේශන වෙතොත් සතියක කාලයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස දෙපාර්ශවයම නියම කළේය.

---------------------------
by     (2025-07-01 13:44:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links