අනුරාධපුරයේ තිසර සමල් වාර්තා කරයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.01, ප.ව.7.40) තමා නාග ලොවින් පැමිණී සෘෂීවරයකු බව කියමින් රිටිගල අධි සංවේදී රක්ෂිතයේ සිටියදී පුද්ගලයෙකු සහ ඔහුගේ සහායකයෙකු රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කහටගස්දිගිලිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දෙදෙනා ඇප මත මුදාහැර තිබේ.
එක් අයෙකුට රුපියල් 100,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.
සැකකරුවන් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ චෝදනා කිහිපකට අදාළව අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයේ කොඩිගල කන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුල් වී අතරමංව සිටි පුද්ගලයින් දෙදෙනෙකු රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් ඉකුත් (26) දා බේරාගෙන අත්අඩංගුවට ගෙන තිබිණ.
වනජීවි නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් නාග ලොවින් පැමිණී සෘෂීවරයකු බවත් භාවනා කටයුතු සඳහා රිටිගලට පැමිණී බවයි. සෙසු පුද්ගලයා තමන්ගේ ආවතේවකරු බව ද ඔහු පවසා ඇත.
සැකකරුවවෝ තිස් පස් හැවිරිදි වියේ පසුවෙති.
අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර, රාජාංගනය හා මාතලේ, ලග්ගල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
පුරාවිද්‍යා නටඹුන් සහිත ප්‍රදේශයෙන් ඔවුන් රක්ෂීතයට ඇතුල්වී කොඩිගල කන්ද තරණය කරණය කර තිබේ.
ඇතුල්වීම තහනම් බව සඳහන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැන්වීම් පුවරුද නොසලකා ඔවුන් රක්ෂීතයට ඇතුල් වී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
මොවුන් සන්තකයේ තිබී ගිණී පෙට්ටි, ලයිටර්, ඡායාරූප හා වීඩියෝ කැමරාවක්, ඇඳුම් පැළඳුම් කිහිපයක්, හක් ගෙඩියක්, ඇට මාලයක්, කුඩා ප්‍රමාණයේ උඩැක්කියක් ඇතුලු භාණ්ඩ කිහිපයක් වනජීවි නිලධාරීන් භාරයට ගෙන තිබේ.
රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක ඩී රාමසිංහගේ උපදෙස් අනුව වනසත්ව අඩවි සහකාර ඒ.බී. විජේසිංහ, ක්ෂේත්‍ර සහයක ඩී.සි. බුද්ධීක, රියදුරු තුෂාර බණ්ඩාර ඇතුලු නිලධාරීන් සිදුකළ මෙහෙයුමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
-සේයාරූ සහ වාර්තාව
---------------------------
by (2025-07-01 14:16:09)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි